ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය හෙට (9) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි. මෙම තරගය දෙරට ඉතිහාසයේ 24 වැනි විස්සයි තරගය වන අතර 10 වැනි විස්සයි විස්ස තරගාවලියයි.
මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක සේ ම නවසීලන්ත නායක Mitchell Santner ද එකිනෙකාට එරෙහි ව කබාය පළඳින පළමු අවස්ථාව මෙයයි. චරිත් අසලංකගේ නායකත්වයේ තරග ඉතිහාසය තරග 8කට සීමා වන වන අතර Mitchell Santner ගේ තරග ඉතිහාසය තරග 22ක් දක්වා විහිදෙනවා.
මෙම තරගයේ දී Mitchell Santner එක් වෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහි ව විස්සයි විස්ස තරග මෙහෙය වූ 64 වැනි නායකයා වෙමින් වන අතර 8 වැනි නවසීලන්ත නායකයා ලෙසයි.
චරිත් අසලංක නවසීලන්තයට එරෙහි ව තරග මෙහෙයවු 7 වැනි ශ්‍රී ලංකා නායකයා ලෙසින් මෙම තරගයට එක් වෙන අතර එරට ඉතිහාසයේ 62 වැනි විස්සයි විස්ස ප්‍රතිවාදී නායකයා වන්නේ ඔහුයි.
- කිවි – සිංහ ගැටුමේ පෙරළිකාරයෝ
- නවසීලන්තය සමඟ තරග වදින ශ්‍රී ලංකා සංචිත නම් කරයි
- Lanka T10 තරගාවලිය පල්ලෙකැලේට
- Hong Kong Sixers කිරුළ ශ්‍රී ලංකාවට!
- Signature ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ අත්වැල් බැඳ ගනී
දශක 2කට ආසන්න දෙරට විස්සයි විස්ස තරග ඉතිහාසයේ මේ දක්වා පැවැති විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 23න් තරග 13ක ජයග්‍රහණ නවසීලන්තය ලබා ගනිද්දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට හැකි වී ඇත්තේ තරග 7ක් පමණයි. සෙසු තරග අතුරින් තරගයක් විසඳුමකින් තොරව ද සහ අනෙක් තරගය ලකුණු සම වීමෙන් ද අවසන් වී තිබේ.
දෙරට ක්‍රීඩකයෝ අවසන් වරට එක්දින තරගාවලියක දී හමුවෙන්නේ 2023 වසරේ දී පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේදීයී. එම තරගයෙන් ද නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු 5ක පහසු ජයග්‍රහණයක් ලබා ගන්නවා.
එමෙන් ම දෙරට ක්‍රීඩකයෝ අවසන් වරට ද්විත්ව රටවල් තරගාවලියක් සඳහා එකිනෙකා හමුවෙන්නේ පසුගිය වසරේ මාර්තු මාසයේදීයි. තරග 3කින් පැවැති එම තරගාවලියේ එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වූ අතර තරගාවලිය නිමා වෙන්නේ නවසීලන්තය 2-0ක් ලෙසින් තරගාවලිය ජයග්‍රහණය කරමිනුයි.
දෙරට ඉතිහාසයේ විස්සයි විස්ස තරගාවලි නිමා වූ ආකාරය
සත්කාරකත්වය | වසර | ප්‍රතිඵලය | තරග | තරගාවලියේ වීරයා | |
1 | නවසීලන්තය | 2006 | තරග 1-1ක් ලෙසින් තරගාවලිය විසඳුමකින් තොරයි. | 2 | ප්රදානය කෙරුණේ නැත. |
2 | ශ්‍රී ලංකාව | 2009 | නවසීලන්තයට තරග 2-0ක ජයක්. | 2 | Jesse Ryder |
3 | ඇමෙරිකාව | 2010 | තරග 1-1ක් ලෙසින් තරගාවලිය විසඳුමකින් තොරයි. | 2 | Daniel Vettori |
4 | ශ්‍රී ලංකාව | 2012 | විසඳුමකින් තොරයි. | 1 | ප්රදානය කෙරුණේ නැත. |
5 | ශ්‍රී ලංකාව | 2013 | ශ්‍රී ලංකාවට තරග 1-0ක ජයක්. | 2 | ප්රදානය කෙරුණේ නැත. |
6 | නවසීලන්තය | 2016 | නවසීලන්තයට තරග 2-0ක ජයක්. | 2 | ප්රදානය කෙරුණේ නැත. |
7 | නවසීලන්තය | 2019 | නවසිලන්තයට තරග 1-0ක ජයක්. | 1 | Doug Bracewell |
8 | ශ්‍රී ලංකාව | 2019 | නවසීලන්තයට තරග 2-1ක ජයක්. | 3 | Tim Southee |
9 | නවසීලන්තය | 2023 | නවසීලන්තයට තරග 2-1ක ජයක්. | 3 | Tim Seifert |
ශ්‍රී ලංකාව මෙම තරගාවලියට එක් වෙන්නේ අවසන් වරට මෙරට දී බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැති තරගාවලියේ දී තරග 2-1ක් ලෙසින් ජයග්‍රහණය කරමින් සිටින ප්‍රීතිමත් මානසිකත්වයෙන්.
නමුත් නවසීලන්තයට විස්සයි විස්ස පිටියේ එවන් ආසන්නත ම සතුටක් නොමැති වූවත් ඉන්දියාවට එරෙහි ව ඉන්දියාවේ දී ම 3-0ක ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක උණුසුම නම් තවමත් ඔවුන් වෙතින් පහව ගොස් නැතිවාට කිසිදු සැකයක් නැහැ.
කෙසේ වෙතත් ඔවුන් විස්සයි විස්ස පිටියේ අවසන් වරට තරගාවලියක් ජයග්‍රහණය කර ඇත්තේ මේ වසර ආරම්භයේ පාකිස්තානයට එරෙහි ව තරග 5කින් පැවැති තරගාවලිය 4-1ක් ලෙසින් ජයග්‍රහණය කරමිනුයි. නමුන් ඊට පසුව ඔස්ට්‍රේලියාව සමඟ තරගාවලිය 3-0ක් ලෙසින් පරාජය වන ඔවුන් නැවත පාකිස්තානය සමඟ තරග 5කින් පැවැති තරගාවලිය 2-2ක් ලෙසින් සම කර ගනිමින් අවසන් කරනවා.
ඒ අතීත උණුසුම ඒ ආකාරයෙන් ම මෙවර තරගාවලියේ දී ද දෙරටේ ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තු විය හැකියි.
දෙරට විස්සයි විස්ස තරග ඉතිහාසයේ සුවිශේෂී වාර්තා කිහිපයක්.
196/5 (20.0): 2023 වසරේ දී Auckland හි දී පැවැති මෙම තරගයේ දී ශ්‍රී ලංකාව ලබා ගත් මෙම ලකුණු ප්‍රමාණය දෙරට අතර කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවයි. මෙම තරගයේ දී ම නවසීලන්තය ද කඩුලු 8ක් දැවී ලකුණු 196ක් ලබා ගන්නා ලද අතර එය ද මෙම වාර්තාවේ ඉහළින් ම සටහන් වෙනවා.
60/10 (15.3): නවසීලන්තය 2014 වසරේ දී ශ්‍රී ලංකාව හමුවේ මෙම ලකුණු ප්‍රමාණයට දැවී යමින් දෙරට තරග අතුරින් අඩු ම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම බවට පත් වෙනවා.
92/10 (19.4): 2010 වසරේ දී Lauderhill හි දී ශ්‍රී ලංකාව ලත් මෙම ලකුණු ප්‍රමාණය නවසීලන්තය හමුවේ ඔවුන් ලබා ගත් අඩු ම ලකුණු සංඛ්‍යාවයි.
392: තරග ඉතිහාසයේ කණ්ඩායම 2 එක් ව ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා වෙන්නේ 2023 වසරේ දී Auckland හි දී කඩුලු 13ක් දැවී ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාවයි.
65: දෙරට ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළ කණ්ඩායම වන්නේ 2022 වසරේ දී Sydney හි දී නවසීලන්තය ලබා ගත් ජයග්‍රහණයයි.
59: ශ්‍රී ලංකාව, නවසීලන්තයට එරෙහි ව වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කරන්නේ 2014 වසරේ දී Chattogram හි දී.
104: නවසීලන්තයේ Glenn Phillips පන්දු 64ක දී වාර්තා කරන ලද මෙම ඉනිම දෙරට ඉතිහාසයේ ක්‍රීඩකයෙක් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වේ.
81*: ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් නවසීලන්තයට එරෙහි ව පන්දු 49ක දී 2016 වසරේ දී Auckland හි දී නොදැවී වාර්තා කරන ලද මෙම ඉනිම ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් ඉහළින් ම සටහන් වන ඉනිමයි.
5/3 (3.3): දෙරට ඉතිහාසයේ තරගයක දී හොඳම පන්දු යැවීම වාර්තා වෙන්නේ 2014 වසරේ දී Chattogram හි දී රංගන හේරත් විසින් වාර්තා කරන ලද මෙම දක්ෂතාවයි.
5/26 (4.0): Adam Milne විසින් 2023 වසරේ දී Dunedin හි දී වාර්තා කරන ලද මෙම දක්ෂතාව ශ්‍රී ලංකාවට එරෙහි ව නවසීලන්ත පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාවයි.
109: නවසීලන්තයේ Colin de Grandhomme සහ Tom Bruce එක් ව 2019 වසරේ දී පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී 4 වැනි කඩුල්ලට වාර්තා කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව දෙරට ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා හොඳම ලකුණු සබඳතාවයි.
103: ශ්‍රී ලංකාව, නවසීලන්තයට එරෙහි ව හොඳම ලකුණු සබඳතාව වාර්තා කරන්නේ 2013 වසරේ දී Auckland හි දී 4 වැනි කඩුල්ල සඳහා කුසල් පෙරේරා සහ චරිත් අසලංක වාර්තා කරන ලද මෙම සබඳතාවයි.
ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<