ලිවර්පූල් හා මැන්චෙස්ටර් සිටි කණ්ඩායම් පහසු ජයග්‍රහණ වාර්තා කරයි

164

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ ඊයේ (12) පැවති තවත් තරග දෙකකින් පහසු ජයග්‍රහණ වාර්තා කිරීමට මැන්චෙස්ටර් සිටි හා ලිවර්පූල් කණ්ඩායම් සමත් වුනා.

මැන්චෙස්ටර් සිටි ප්‍රහාරයෙන් ආර්සනෙල් කණ්ඩායමට අසාධ්‍යයි

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (12) පැවති තවත් තරගයකින් ප්‍රබල ආර්සනෙල් (Arsenal) කණ්ඩායම පරාජය කරමින් ගෝල 2-0ක පහසු ජයක් හිමිකර ගැනීමට මැන්චෙස්ටර් සිටි කණ්ඩායම සමත් විය.

1996 වසරේ සිට වසර ගණනක් ආර්සනෙල් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ආර්සන් වේග්නර්ගේ නික්ම යාමෙන් අනතුරුව නව පුහුණුකරු Unai Emery කණ්ඩායම මෙහෙයවූ පළමු තරගය මෙය විය.  

පාපන්දුවේ එදා මෙදා තුර මිල අධිකම ගෝල රකින්නන් 10

‘Liverpool’ ක්‍රීඩා සමාජය විසින් ‘AS Roma’ ක්‍රීඩා සමාජය නියෝජනය කළ බ්‍රසීල…

ගියවර ශූරයින් වූ මැන්චෙස්ටර් කණ්ඩායම 14 වන මිනිත්තුවේ දී තරගයේ පෙරමුණ ගැනීමට සමත් වූ අතර රහීම් ස්ටර්ලින්ග් ඉතා පහළින් එල්ල කළ ප්‍රහාරයක් ගෝල රකින්නාගෙන් මිදී දැල තුලට ගියේ ඔහුගේ 50 වන ප්‍රිමියර් ලීග් ගෝලය ලෙසයි.

ආර්සනෙල් ගෝල රකින්නා Petr Cech පළමු අර්ධයේ හොඳ සටනක් ලබා දෙමින් ආර්සනෙල් කණ්ඩායම තරගයේ රඳවා ගැනීමට සමත් වූ අතර Riyad Mahrezගේ නිදහස් පහර හා Aymeric Laporteගේ ප්‍රහාරයක් ඔහු අවහිර කිරීමට සමත් විය.  

පළමු අර්ධය අවසානයේ: ආර්සනෙල් 00 – 01 මැන්චෙස්ටර් සිටි

දෙවන අර්ධයේ ද ආසන්න අවස්ථා කිසිවක් හිමිකර ගැනීමට ආර්සනෙල් ක්‍රීඩකයින්ට නොහැකි වූ අතර අගුවෙරෝ හට ලැබුණු ආසන්න අවස්ථාවක් ගිලිහී ගියේ ආර්සනෙල් ගෝල රකින්නාගේ සුපිරි දක්ෂතාවය නිසායි.

ඊට සුළු මොහොතකට පසු දක්ෂ පන්දු යොමු කිරීමක් සුපිරි ලෙස අවසන් කළ Silva පන්දුව දැල තුලට යොමු කළේ ආර්සනෙල් බලාපොරොත්තු සුනුවිසුනු කරදමමිනි.

තරගය අවසානයට මිනිත්තු කිහිපයකට පෙර තරගයේ ආර්සනෙල් කණ්ඩායමට හිමි වූ එකම අවස්ථාව හිමි වූ අතර Alexandre Lacazette ප්‍රහාරය ගෝල රාමුවෙන් ඉවත ගියේ අවාසනාවන්ත ලෙසය.

අවසන් ලකුණු තත්වය: ආර්සනෙල් 00 – 02 මැන්චෙස්ටර් සිටි

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

  • මැන්චෙස්ටර් සිටි – Raheem Sterling 14’, Bernardo Silva 64′

ලිවර්පූල් ක්‍රීඩකයින් වෙස්ට්හැම් කණ්ඩායම මට්ටු කරයි

Sadio Maneගේ සුපිරි ගෝල ද්විත්වයකින් හැඩවුණු 2018-19 එංගලන්ත ප්‍රිමියර් ලීග් තරග වාරයේ පළමු ලිවර්පූල් තරගය ඊයේ (12) ලිවර්පූල් හි ඇන්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී වෙස්ට් හැම් යුනයිටඩ් කණ්ඩායම සමඟ පැවැත්විය.

ආරම්භයේ සිටම තරගයේ ග්‍රහණය තමන් සතුකරගත් ලිවර්පූල් ක්‍රීඩකයෝ ගෝල 4-0ක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් වූහ.

මේ ලිවර්පූල් කණ්ඩායමක් එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියක දී වාර්තා කළ 500වන ජයග්‍රහණයයි.

චෙල්සි හා මැන්චෙස්ටර් යුනයිටඩ් සාර්ථක ආරම්භයන් ලබාගනී

2018-19 එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ තරග ඊයේ (11) ආරම්භ වූ …

පසුගිය වසරේ තරගාවලියේ වැඩිම ගෝල ලාභියා වූ සුපිරි ක්‍රීඩක මොහොමඩ් සලාහ්, රොබර්ට්සන්ගේ පන්දු යොමුවීමක් මනා ලෙස උපයෝගී කරගෙන දක්ෂ ගෝලයක් වාර්තා කළේ 19 වැනි මිනිත්තුවේ දීයි.

James Milnerගේ පන්දු ගොඩ ගැනීමක් අලංකාර ලෙස ගෝල රකින්නා නොසිටි දැල වෙත යොමු කරමින් සුපිරි සෙනගාල ක්‍රීඩක Mane සිය පළමු ගෝලය වාර්තා කළේ පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු කිහිපයක් පමණක් ඉතිරිව තිබිය දී ය.

පළමු අර්ධය: ලිවර්පූල් 02 – 00 වෙස්ට් හැම් යුනයිටඩ්

දෙවන අර්ධය ආරම්භයත් සමඟ Roberto Firmino දක්ෂ ලෙස ප්‍රතිවාදී ආරක්ෂකයින් පසු කරමින් චතුරශ්‍රය තුලට රැගෙන ගොස් Mane වෙතට යොමු කළ පන්දුවට Mane හරවා පහරක් එල්ල කළේ දිනයේ දෙවන වතාවටත් දැල තුලට සාර්ථකව පන්දුව යොමු කරමින්.

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩිකාවෝ භූතානය බලා පිටව යයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ කාන්තා පාපන්දු කණ්ඩායම දෙවන වරටත් පැවැත්වෙන..

ලිවර්පූල් ක්‍රීඩකයින්ගේ වේගය හා සංවිධානාත්මක බව හමුවේ වෙස්ට් හැම් ක්‍රීඩකයින්ට කිසිදු විවේකයක් නොතිබුණු අතර සලාහ් වෙනුවට පිටියට පැමිණි Daniel Sturridge, Corner අවස්ථාවක් මැනවින් ප්‍රයෝජනයට ගෙන සිය පළමු ස්පර්ශයෙන්ම, 88 වන මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කළේ ලිවර්පූල් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දෙමිනි.

අවසන් ලකුණු තත්වය: ලිවර්පූල් 04 – 00 වෙස්ට් හැම් යුනයිටඩ් 

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්:

  • Mohamed Salah 19′, Sadio Mané 45 +2′, 53′, Daniel Sturridge 88′

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<