ශ්‍රී ලංකා ක්‍රීඩකයින් උඩපන්දු රැකගැනීමට යාමේ දී සිදු වූ ලිස්සා වැටීම් හා එකිනෙකා මුහුණට මුහුණ හැපීම් වැනි අවාසනාවන්ත කරුණු කාරණා කිහිපයක් මැද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී අද (3) නිමා වූ දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායමට කඩුලු 4ක තියුණු ජයග්‍රහණයක් හිමි විය. ඒත් සමඟින් 2-0ක් ලෙස තරගාවලිය පහසුවෙන්ම ජය ගැනීමට නවසීලන්තය සමත් විය.
ඉන්දියාවෙන් බිහි වූ සුපිරි පිතිකාරිණිය විස්සයි විස්සෙන් සමුගනියි
ඉන්දියාවෙන් දැනට බිහි වූ ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතරේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාවක් වන මිතාලියා රාජ්..
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග නැවත වතාවක් පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලබා ගත්තේය.
පළමු තරගයේ දී මෙන්ම සුපුරුදු ලෙස පිටියට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ කුසල් පෙරේරා හා කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 5ක් තුල ලකුණු 34ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.
මෙන්ඩිස් 4 පහර හා 6 පහර දෙකක් එල්ල කරමින් පන්දු 24ක් තුල ලකුණු 26ක් ලබාගෙන සිටින විය සෙත් රාන්ස් විසින් එවන ලද වේගය අඩාල කරන ලද පන්දුවක් හමුවේ දැවී ගියේ මිඩ් ඕෆ් කලාපයේ සිටි ටිම් සවුති වෙත උඩපන්දුවක් ලබා දෙමිනි.
මෙම තරගයේ දීත් පිතිකරණයෙන් කැපී පෙනෙන දස්කම් නොදැක්වූ කුසල් පෙරේරා ලකුණු 11කට දැවී ගියේ ඉෂ් සෝදී එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙනි. පළමු තරගයේ දී මෙන්ම මේ තරගයේ දී ද ඔහුට මුහුණ දීමට හැකි වූයේ පන්දු 10කට පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 6කුත් පන්දු 2ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 40ක් ලබාගෙන සිටිය දී එක්වූ වමත් සහ දකුණත් පිතිකරුවන් දෙදෙනෙකු වන නිරෝෂන් දික්වැල්ල හා අවිශ්ක ප්‍රනාන්දු මිනිත්තු 32ක් තුල තෙවැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 68ක සබඳතාවයක් ගොඩනංවන ලදි.
Photos: Sri Lanka vs New Zealand | 2nd T20I
ඒ සඳහා ඔවුන් දෙදෙනා හට වැය වූයේ පන්දු 44ක් වන අතර ලකුණු 37ක් ලබා ගත් ප්‍රනාන්දු තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ සවුතිගේ පන්දුවක් හමුවේයි. එම ඉනිම 4 පහර 3කින් හා ස්ලොග් ස්වීප් පහරක් එල්ල කරමින් ලබා ගත් එක් 6 පහරකින් වර්ණවත් විය.
ස්කොට් කුගලයින් දසුන් ශානක වෙත එවූ පළමු පන්දුවෙන්ම දවා ගැනීමට සමත් වූයේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරමිනි.
විනිසුරු රවීන්ද්‍ර විමලසිරි එය දැවී යාමක් ලෙස සටහන් කළ නමුත්, ශානක ශ්‍රී ලංකාවට තිබූ එකම විනිසුරු තීරණ නැවත පරික්ෂා කිරීමේ අවස්ථාව උපයෝගී කරගනිමින් එම ලබා දුන් තීරණය තෙවැනි විනිසුරු වෙත යොමු කළේය.
එහිදී එය පැහැදිලි ලෙසම කඩුල්ල මුවා කිරීමේ වරදක් බවට තහවුරු විය. ඉන් පන්දු 10කට පසුව ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දික්වැල්ල ලකුණු 39ක් ලබාගෙන සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට රාන්ස් සමත් විය.
ශ්‍රී ලංකා පසුපෙළ සවිමත් කළ ශෙහාන් ජයසූරිය පන්දු 13ක දී ලකුණු 20ක් ලබා ගත් අතර ඉසුරු උදානට අද දිනයේ දී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 11ක් පමණි. කෙසේ නමුත් ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ට සාපේක්ෂව පසුපෙළ පිතිකරුවන් තරමක් වේගයෙන් ලකුණු රැස්කරගත් බවක් පෙනෙන්නට විය. නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 161ක් පමණි.
එම ලකුණු ප්‍රමාණය රැස්කර ගැනීමේ දී නිලකුණු ලකුණු පන්දු 40ක් වාර්තා වී තිබුණි.
පන්දු යැවීමේ දී දකුණතින් මද වේගපන්දු යවන ක්‍රීඩක සෙත් රාන්ස් ලකුණු 33කට කඩුලු 3ක් දවා ගත් අතර කුගලයින් හා සවුති අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.
පන්දු රකිමින් සිටිය දී මාර්ටින් ගප්ටිල්ගේ පාදය ආශ්‍රිතව ඇතිවූ ආබාධ තත්වයක් නිසාවෙන් පිටියෙන් ඉවත් වූ අතර ඒ නිසා නවසීලන්ත ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණියේ කොලින් මන්රෝ සහ ටිම් සෙයිෆර්ට් යන දෙදෙනායි.
ඔවුන් දෙදෙනාම නවසීලන්ත ලකුණු සටහන ලකුණු 38ක් ලෙස සටහන් වෙද්දී ක්‍රීඩාගාරයට හරවා යැවීමට දකුණතින් දඟපන්දු යවන ක්‍රීඩක අකිල දනංජය සමත් විය. අංක 3 පිතිකරු ලෙස පිටියට පැමිණි කුගලයින ලකුණු 8ක් ලබාගෙන සිටි කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව පිටියෙන් ඉවත්ව ගියේය. කෙසේ නමුත් නවසීලන්තය සිය පළමු පන්දුවාර 6 තුල (Powerplay) කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 59ක් වාර්තා කරගෙන ඉතාමත් හොඳ ප්‍රබල ස්ථානයක පසුවිය.
ඉන්පසුව ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් සාර්ථක ලෙස කරළියට පැමිණි නිසා නවසීලන්ත දල ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් මට්ටමකට පාලනය කරගැනීමට අවස්ථාව උදා විය.
සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ ටොම් බෘස් හා කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 109ක සබඳතාවයක් ගොඩනංවමින් බිඳ වැටුණු නවසීලන්ත ලකුණු සටහන ස්ථාවර කළේය.
සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලබා ගත් දෙවන අර්ධ ශතකය සමඟ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කර ගත් ග්‍රෑන්ඩ්හෝම් දවා ගැනීමට උදාන සමත් වූයේ අවිශ්ක ප්‍රනාන්දුගේ ද සහාය ඇතිවයි.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් ගොඩනැංවුණු එම සබඳතාවය නවසීලන්ත පිතිකරුවන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස ක්‍රිකට් තරගයක දී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් මෙතෙක් වාර්තා කර ගත් හොඳම සබඳතාවය ලෙස වාර්තා අතරට ගියේය. ඒ සබඳතාවය අවසන් කරමින් ග්‍රෑන්ඩ්හෝම් පන්දු 46ක දී ලකුණු 59ක් වාර්තා කළේ 4 පහර දෙකක් හා 6 පහර 3ක් එල්ල කරමිනි.
ලසිත් මාලිංග හා ඉසුරු උදාන පිළිවෙළින් 18 වැනි හා 19 වැනි පන්දුවාර 2ක ක්‍රියාත්මක කළ අතර අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරුණේ වනිඳු හසරංග වෙතයි. ඒ වන විට නවසීලන්ත කණ්ඩායමට අවසන් පන්දු 7 තුල ලකුණු 6ක් ලබා ගැනීමට නියමිතව තිබූ අතර එහි දී ක්‍රියාත්මක වූ පළමු පන්දුවේ දී ම ලකුණු 53ක් ලබාගෙන සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ දෙවන අර්ධ ශතකය වාර්තා කර ගත් බෘස්ව දක්ෂ ලෙස දුවද්දී දවා ගැනීමට හසරංග සමත් විය.
එම පන්දුවාරයේ දෙවන පන්දුවේ දු ඩාර්ලි මිචෙල්ව ද දවා ගත් හසරංග ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම නැවත වතාවක් තරගයට අවතීර්ණ විය. නමුත් මිචෙල් සැන්ට්නර් තමන් මුහුණ දුන් පළමු පන්දුවේම මිඩ් විකට් කලාපය හරහා පහරක් එල්ල කළ අතර එය ජයසූරිය දක්ෂ ලෙස රැක ගත් නමුත් ජයසූරිය හා මෙන්ඩිස් එකිනෙකා මුහුණට මුහුණ ගැටීම නිසා ජයසූරිය රැක ගත් උඩපන්දුව නතර වූයේ ලකුණු 6 සීමාවේය. එහි දී ඔවුන් දෙදෙනා ආබාධයකට ලක්වීම නිසාවෙන් පිටියෙන් ඉවත් කළ අතර නවසීලන්තය 19 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවට 4 පහරක් එල්ල කරමින් සිය ජයග්‍රහණය සපුරා ගත්තේය.
පන්දු යැවීමේ දී සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ අකිල ලකුණු 36ක් තුල කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්විය.
-
තරගයේ වීරයා – ටිම් සවුති
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Kusal Mendis | c Tim Southee b Seth Rance | 26 | 24 | 2 | 2 | 108.33 |
Kusal Perera | b Ish Sodhi | 11 | 10 | 0 | 0 | 110.00 |
Avishka Fernando | c Mitchell Santner b Tim Southee | 37 | 25 | 3 | 1 | 148.00 |
Niroshan Dickwella | lbw b Seth Rance | 39 | 30 | 3 | 1 | 130.00 |
Dasun Shanaka | lbw b Scott Kuggeleijn | 0 | 1 | 0 | 0 | 0.00 |
Shehan Jayasuriya | c Daryl Mitchell b Tim Southee | 20 | 13 | 2 | 1 | 153.85 |
Wanindu Hasaranga | b Scott Kuggeleijn | 11 | 7 | 1 | 0 | 157.14 |
Isuru Udana | c Daryl Mitchell b Seth Rance | 13 | 8 | 1 | 0 | 162.50 |
Akila Dananjaya | run out (Seth Rance) | 0 | 2 | 0 | 0 | 0.00 |
Lasith Malinga | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 4 (b 0 , lb 4 , nb 0, w 0, pen 0) |
Total | 161/9 (20 Overs, RR: 8.05) |
Fall of Wickets | 1-34 (4.6) Kusal Mendis, 2-40 (6.2) Kusal Perera, 3-108 (13.4) Avishka Fernando, 4-110 (14.1) Dasun Shanaka, 5-122 (15.5) Niroshan Dickwella, 6-146 (17.5) Wanindu Hasaranga, 7-150 (18.3) Shehan Jayasuriya, 8-161 (19.5) Isuru Udana, 9-161 (19.6) Akila Dananjaya, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Tim Southee | 4 | 0 | 18 | 2 | 4.50 | |
Seth Rance | 4 | 0 | 33 | 3 | 8.25 | |
Scott Kuggeleijn | 4 | 0 | 38 | 2 | 9.50 | |
Mitchell Santner | 4 | 0 | 34 | 0 | 8.50 | |
Ish Sodhi | 4 | 0 | 34 | 1 | 8.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Colin Munro | c Wanindu Hasaranga b Akila Dananjaya | 13 | 7 | 3 | 0 | 185.71 |
Tim Seifert ( | lbw b Akila Dananjaya | 15 | 9 | 3 | 0 | 166.67 |
Scott Kuggeleijn | lbw b Akila Dananjaya | 8 | 5 | 0 | 1 | 160.00 |
Colin de Grandhomme | c Avishka Fernando b Isuru Udana | 59 | 46 | 2 | 3 | 128.26 |
Tom Bruce | run out (Wanindu Hasaranga) | 53 | 46 | 3 | 0 | 115.22 |
Daryl Mitchell | c Lahiru Madushanka b Wanindu Hasaranga | 1 | 3 | 0 | 0 | 33.33 |
Mitchell Santner | not out | 10 | 2 | 1 | 1 | 500.00 |
Tim Southee | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 6 (b 0 , lb 2 , nb 0, w 4, pen 0) |
Total | 165/6 (19.4 Overs, RR: 8.39) |
Fall of Wickets | 1-19 (1.4) Colin Munro, 2-36 (3.2) Scott Kuggeleijn, 3-38 (3.4) Tim Seifert (, 4-147 (18.2) Colin de Grandhomme, 5-155 (19.1) Tom Bruce, 6-155 (19.2) Daryl Mitchell, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lasith Malinga | 4 | 0 | 39 | 0 | 9.75 | |
Akila Dananjaya | 4 | 0 | 36 | 3 | 9.00 | |
Shehan Jayasuriya | 2 | 0 | 22 | 0 | 11.00 | |
Lakshan Sandakan | 4 | 0 | 16 | 0 | 4.00 | |
Isuru Udana | 3 | 0 | 18 | 1 | 6.00 | |
Wanindu Hasaranga | 2.4 | 0 | 32 | 1 | 13.33 |
මේ තරගයේ දී පළමු විස්සයි විස්ස තරගය සඳහා ක්‍රීඩා කළ වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත වෙනුවට දඟපන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් කැඳවා තිබුණි. එසේම පළමු තරගයේ දී ලකුණු 48ක් ලබා ගනිමින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය සඳහා මෙහෙයවූ රොස් ටේලර් ආබාධයක් නිසා මේ තරගය ක්‍රීඩා නොකළ අතර ඒ වෙනුවට ටොම් බෘස් ක්‍රීඩා කළේය.
දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය මේ සිකුරාදා (6) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ම පැවැත්වේ.
තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා තරගාවලියේ සියලුම තරග සජීව ලෙස ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<