Home Sinhala නයිජීරියාව සසල කරමින් රවිඳුගේ අනර්ඝ ශතකය

නයිජීරියාව සසල කරමින් රවිඳුගේ අනර්ඝ ශතකය

115

අන්තර් ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන 2020 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රමුඛ තරගාවලියෙන් ඉවතට විසි වූ ශ්‍රී ලංකාව අද (27) පලඟ ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ පළමු තරගයට සහභාගී වෙමින් එම තරගයෙන් නයිජීරියාවට එරෙහිව ලකුණු 233ක පහසු ජයක් වාර්තා කිරීමට හැකි විය. 

කෝඩුකාර ජපානයට ශ්‍රී ලංකා පිළෙන් සැර පහරක්!

2020 වර්ෂය සඳහා පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ……

මෙම තරගයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වූයේ රවිඳු රශාන්ත ය. ඔහු පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 102ක් ලබා ගත්තේය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි ශතකය වාර්තා කිරීමේ ගෞරවය ද දිනා ගත් රවිඳු රසාන්ත තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 306ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් නයිජීරියා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 73ක් පමණි. එය නයිජීරියා කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ රැස් කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණය ද විය.  

දකුණු අප්‍රිකාවේ වයඹ විශ්වවිද්‍යාලයීය අංක 2 පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නයිජීරියා නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබුණි. 

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ මොහොමඩ් ශමාස් සහ නවෝද් පරණවිතාන ය. ඔවුන් දෙදෙනා අතර ලකුණු සබඳතාව 16ක් වෙද්දී නවෝද් දුවද්දී දැවී ගියේය. ඒ වෙද්දී නවෝද් රැස් කරගෙන සිටියේ ලකුණු 4ක් පමණි. 

අනතුරුව පිටියට පිවිසියේ රවිඳු රසාන්ත ය. ඔහු සහ ආරම්භක පිතිකරු මොහොමඩ් ශමාස් අතර දෙවැනි කඩුල්ලට ලකුණු 89ක සබඳතාවක් එක් වූහ. මොහොමඩ් ශමාස් පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තේය. 

ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ලට ද ලකුණු 56ක සබඳතාවක් එක් කිරීමට රවිඳු රසාන්ත සහ නායක නිපුන් දනංජය සමත් වූහ. එවර කඩුල්ල පූජා කළේ නිපුන් දනංජය. ඔහු පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තේය. 

2020 කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත 7 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක……

අහන් වික්‍රමසිංහ ලකුණු 17ක් ලබා ගෙන සිව්වැනි කඩුල්ලට දැවී ගිය අතර රවිඳු රසාන්ත සහ සොනාල් දිනූෂ එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 81ක් එක් කරමින් නැවත වතාවක් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව ශක්තිමක් කළහ. සොනාල් දිනූෂ පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තේය. 

චමිඳු විජේසිංහ (15) සහ කවිඳු නදීශාන් (0) ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය අනෙක් ක්‍රීඩකයෝ වූහ. 

ශ්‍රී ලංකා ඉනිම පාලනය කිරීම පිණිස නයිජීරියා නායකයා පන්දු යවන්නන් 8 දෙනෙක් යොදා ගත්ත ද එහි දී සාර්ථක වූයේ ආරම්භක පන්දු යවන්නා වූ රශීඩ් අබොලරින් ය. ඔහු ලකුණු 50කට කඩුලු 2ක් දවා ගත්තේය. 

හඹා යන ඉනිමට පිටියට පිවිසි නයිජීරියා ක්‍රීඩකයන්ගේ ආරම්භය කෙළසා දමන්නට වමතින් ආරම්භක වේගපන්දු යැවූ ඩිල්ශාන් මධුශංක සමත් විය. ඔහු තමන් විසින් යැවූ පළමු පන්දු වාරයේ දී ම කඩුලු 2ක් දවා ගත්තේ කිසිදු ලකුණක් ලබා නොදෙමිනි. 

නයිජීරියා ඉනිම පාලනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නෝ සිවු දෙනෙක් පමණක් උපයෝගී කර ගත් අතර එහි දී ඩිල්ශාන් මධුශංක පන්දුවාර 7.3ක් යවමින් නිලකුණු පන්දු වාරයක් ද සමඟින් ලකුණු 36කට කඩුලු 5ක් දවා ගත්තේය. 

සිම්බාබ්වේ කණ්ඩායම දෙවන තරගයට පෙර සංචිතය වෙනස් කරයි

සිම්බාබ්වේ වේගපන්දු යවන ක්‍රීඩක කයිල් ජාර්වීස්ගේ කොඳු නාරටිය ආශ්‍රිතව යම්……

ඊට අමතරව කවිඳු නදීශාන් ලකුණු 6කට කඩුලු 3ක් ද, චමිඳු විජේසිංහ ලකුණු 12කට කඩුලු 2ක් ද දවා ගත්හ. 

නයිජීරියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ අබ්දුල්රාහ්මන් ජිමෝ ය. ඔහු පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමගින් ලකුණු 15ක් ලබා ගත්තේය. අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 අභිබවා යෑමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත. 

මෙම තරග ජයග්‍රහණයක් සමගින් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ පළඟ ශූරතාවේ අවසන් පූර්ව වටයට සහභාගී වීමට  සුදුසුකම් ලබා ගත්හ. 

Result


Sri Lanka U19
306/7 (50)

Nigeria U19
73/10 (17.3)

Batsmen R B 4s 6s SR
Mohammad Samaaz lbw b Miracle Akhigbe 56 73 7 0 76.71
Navod Paranavithana run out (Sulaimon Runsewe) 4 8 1 0 50.00
Ravindu De Silva not out 102 111 7 2 91.89
Nipun Dananjaya b Abdulrahman Jimeh 37 36 7 0 102.78
Ahan Wicrkamasinghe lbw b Peter Aho 17 24 3 0 70.83
Sonal Dinusha b Rasheed Abolarin 43 36 5 0 119.44
Chamindu Wijesinghe run out (Issac Danladi) 15 11 0 0 136.36
Kavindu Nadeeshan c Sylvester Okpe b Rasheed Abolarin 0 1 0 0 0.00


Extras 32 (b 1 , lb 3 , nb 0, w 28, pen 0)
Total 306/7 (50 Overs, RR: 6.12)
Fall of Wickets 1-16 (3.4) Navod Paranavithana, 2-105 (21.6) Mohammad Samaaz, 3-161 (30.2) Nipun Dananjaya, 4-186 (35.5) Ahan Wicrkamasinghe, 5-267 (45.3) Sonal Dinusha, 6-306 (49.5) Chamindu Wijesinghe, 7-306 (49.6) Kavindu Nadeeshan,

Bowling O M R W Econ
Rasheed Abolarin 10 0 50 2 5.00
Peter Aho 8 0 51 1 6.38
Abdulrahman Jimeh 9 1 58 1 6.44
Shehu Audu 4 0 31 0 7.75
Sylvester Okpe 9 1 39 0 4.33
Miracle Akhigbe 5 0 29 1 5.80
Sulaimon Runsewe 4 0 35 0 8.75
Issac Danladi 1 0 9 0 9.00


Batsmen R B 4s 6s SR
Samuel Mba b Dilshan Madusanka 0 2 0 0 0.00
Elijah Olaleye lbw b Dilshan Madusanka 3 12 0 0 25.00
Issac Danladi b Dilshan Madusanka 0 3 0 0 0.00
Sulaimon Runsewe c Ahan Wicrkamasinghe b Chamindu Wijesinghe 6 10 1 0 60.00
Miracle Akhigbe b Chamindu Wijesinghe 9 19 2 0 47.37
Sylvester Okpe b Dilshan Madusanka 4 6 1 0 66.67
Abdulrahman Jimeh c Navod Paranavithana b Kavindu Nadeeshan 15 20 3 0 75.00
Rasheed Abolarin lbw b Kavindu Nadeeshan 1 16 0 0 6.25
Akhere Isesele c Nipun Dananjaya b Kavindu Nadeeshan 6 9 0 0 66.67
Peter Aho b Dilshan Madusanka 4 4 1 0 100.00
Shehu Audu not out 2 4 0 0 50.00


Extras 23 (b 4 , lb 5 , nb 0, w 14, pen 0)
Total 73/10 (17.3 Overs, RR: 4.17)
Fall of Wickets 1-0 (0.2) Samuel Mba, 2-0 (0.5) Issac Danladi, 3-21 (4.1) Elijah Olaleye, 4-22 (5.2) Sulaimon Runsewe, 5-31 (8.1) Sylvester Okpe, 6-41 (9.4) Miracle Akhigbe, 7-58 (14.2) Rasheed Abolarin, 8-61 (14.6) Abdulrahman Jimeh, 9-65 (16.2) Akhere Isesele, 10-73 (17.3) Peter Aho,

Bowling O M R W Econ
Dilshan Madusanka 7.3 1 36 5 4.93
Matheesha Pathirana 2 0 10 0 5.00
Chamindu Wijesinghe 5 0 12 2 2.40
Kavindu Nadeeshan 3 1 6 3 2.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<