ඉන්දියාවෙන් බිහි වූ සුපිරි පිතිකාරිණිය විස්සයි විස්සෙන් සමුගනියි

79

ඉන්දියාවෙන් දැනට බිහි වූ ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතරේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාවක් වන මිතාලියා රාජ් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට අද (3) තීරණය කර තිබෙනවා.

ශකිබ් මෝටාසාට දෙහි කපයි

2019 ලෝක කුසලාන තරගාවලිය නිමා වී මාසයකට වැඩි කාලයක් ගතව ඇතත් තවමත් එය ලොව පුරා පුවත් මවමින් පවතී.

2006 වසරේ ඉන්දීය විස්සයි විස්ස කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායිකාව ලෙස තේරී පත්වන ඇය, එදා සිට මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 89ක් ක්‍රීඩා කොට ලකුණු 2364ක් වාර්තා කරගැනීමට සමත්ව ඇත. එය දැනට ඉන්දීය ක්‍රීඩිකාවක් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටිය තුල රැස්කරගෙන තිබෙන වැඩිම ලකුණු ප්‍රමාණය ද වෙනවා. 

අර්ධ ශතක 17ක් සමඟ 37.52ක දල ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලකුණු වාර්තා කරගෙන තිබෙන රාජ් ලබාගෙන තිබෙන වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා වන්නේ ලකුණු 97*යි.

“2006 වසරේ ඉඳන් මම ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ඉන්දීය කණ්ඩායම් නියෝජනය කළා. 2021 එක්දින ලෝක කුසලානය සඳහා මා සූදානම් වීමට මගේ ශක්තීන් යොමු කිරීම සඳහා විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට මම අද තීරණය කළා. මගේ රට වෙනුවෙන් කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා දීම මගේ සිහිනයක්. මම මගේ කණ්ඩායමට දෙන්න පුළුවන් උපරිම සහාය ඉදිරියටත් දෙනවා. ඒ වගේම දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව ඉදිරියේ දී අපේ රටේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා මම ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම් එකතු කිරීමටද මෙය අවස්ථාවක් කරගන්නවා.” යැයි රාජ් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙමින් අවසන් වරට පැවසීය. 

Video – අජන්ත මෙන්ඩිස් සිය ක්‍රිකට් දිවියේ අතීත මතකයන් නැවතත් අවදි කරයි

ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ලොවට හඳුන්වා දුන් දක්ෂ දඟපන්දු යවන ක්‍රීඩකයෙක් වන අජන්ත මෙන්ඩිස්….

දැනට වයස අවුරුදු 36ක් වන දකුණත් පිතිකාරිණියක් වන රාජ් එදා සිට අද දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 32කදී සිය කණ්ඩායම මෙහෙයවා තිබෙන අතර ඒ අතරට කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි තුනක් (2012, 2014 හා 2016) ඇතුලත්ය.

2006 වසරේ අගෝස්තු මස 5 වැනිදා එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ ඩර්බි හිදී සිය පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන ඇය අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි විස්ස තරගය ක්‍රීඩා කළේ ද එංගලන්ත කණ්ඩායම සමඟයි. පසුගිය මාර්තු මස 9 වැනිදා ගුවහාටි හිදී පැවැත්වුණු එම තරගයේ දී පන්දු 30ක් තුල ලකුණු 32*ක් වාර්තා කරගැනීමට රාජ් සමත් වුනා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<