දකුණු අප්‍රිකාවට එරෙහි නවසීලන්ත සංචිතය නම් කෙරේ

506

වෙලින්ටන්හි වෙස්ට්පැක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන ඉන්වෙස්ටෙක් රග්බි ශූරතාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහි තරගය වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව විසින් පසුගිය ……….

මෙම සංචිතය සතුව අත්දැකීම් බහුල ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් සිටින අතර නවසීලන්තය සතු අත්දැකීම් බහුලතම ඉදිරිපෙළ ක්‍රීඩකයින් වන ජෝ මූඩි, කෝඩි ටේලර් සහ ඕවන් ෆ්‍රෑන්ක්ස් ඉදිරිපෙළ සංයුතියට සම්බන්ධ වන අතර පසුගිය සතියේ පැවති තරගයේ ඉදිරිපෙළේ ක්‍රීඩා කළ ඔෆා ටුන්ගාෆාසි, ඩේන් කෝල්ස් සහ ඇන්ගස් ටාවාවෝ යන ක්‍රීඩකයින් ආදේශක ක්‍රීඩකයින් ලෙස යොදා ගෙන ඇත. 

එසේම ආරම්භක දෙවන පෙළේ සැමුවෙල් වයිට්ලොක් සමඟ බ්‍රොඩි රෙටලික් ක්‍රීඩා කරන අතර ෂැනන් ෆ්‍රිසෙල් හා වියා ෆිෆිටා යන ක්‍රීඩකයින් ආදේශක ක්‍රීඩකයින් ලෙස යොදාගෙන ඇත. මැට් ටොඩ් අංක 7 ෆ්ලෑන්කර් ස්ථානයේ ක්‍රීඩා කරන අතර නායක කීරාන් රීඩ් No 8 ස්ථානයේ සිටියි.

එසේම පසුපෙළ සංයෝගයට සහය දෙමින් T. P. පෙරෙනාරා, බියුඩන් බැරට්, රිචී මොඋංගා, සොනී බිල් විලියම්ස්, ජැක් ගුඩ්හූ, රිකෝ අයෝන්, බෙන් ස්මිත් යන ක්‍රීඩකයින් සිටියි. 

ඕල් බ්ලැක්ස් (නවසීලන්ත කණ්ඩායම) ප්‍රධාන පුහුණුකරු ස්ටීව් හැන්සන් තම කණ්ඩායම ගැන අදහස් දක්වා ඇත්තේ මෙසේය,

“අප තෝරාගත් කණ්ඩායම පිළිබඳව තේරීම් කමිටුව ඉතා සතුටින් සිටින අතර ඔවුන් ක්‍රීඩා කරනු දැකීමට මහත් බලාපොරොත්තුවෙන් පසුවෙනවා. මේ සතියේ අපට ඇති ප්‍රධාන කාර්ය තමයි පසුගිය සති කිහිපය තුළ අප විසින් සකස් කර ඇති සැලසුම් හරි ආකාරව ඉටු කිරීම. අපි පසුගිය සතියේ මඳක් අලස ලෙස ක්‍රීඩා කරා වුනත්, මේ සතියේ අපගේ ක්‍රීඩා රටාවේ වෙනසක් පෙන්වීමට අප සූදානම්.

අපි ස්ප්‍රිංබොක්ස් කණ්ඩායමට (දකුණු අප්‍රිකානු කණ්ඩායම) එරෙහිව ක්‍රීඩා කරන විට එය සැමවිටම තියුණු මුහුණුවරක් ගන්නවා. ඔවුන්ගේ අභියෝගවලට මුහුණ දීමට අප සූදානම්. එළඹෙන තරගයේ ඇති එක් අභියෝගයක් වන්නේ ඔවුන්ගේ ශාරීරික ශක්තිය පමණක් නොව, අපගේ ක්‍රීඩා රටාව යොදාගනිමින් වෙනස් ආකාරයකට ඔවුන් සමඟ ක්‍රීඩා කිරීමයි.”

හොංකොං රාජ්‍යයට සත්කාරක වාසිය අහිමි වේ

ආසියානු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය එළඹෙන අගෝස්තු මාසයේ අවසාන සතියේ …….

තරගය ක්‍රීඩා කරන ක්‍රීඩාංගණය ගැන තම අදහස් දැක්වූ ඕල් බ්ලැක්ස් ප්‍රධාන පුහුණුකරු පැවසුවේ ඔවුන් මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීමට ඉතා ප්‍රිය කරන බවත් මෙම තරගය තුළ දී දකුණු අප්‍රිකාවට හොඳින් මුහුණ දෙන බවත්ය. 

නවසීලන්ත සංචිතය:

ජෝ මූඩි, කෝඩි ටේලර්, ඕවන් ෆ්‍රෑන්ක්ස්, බ්‍රොඩි රෙටලික්, සැමුවෙල් වයිට්ලොක්, ෂැනන් ෆ්‍රිසෙල්, මැට් ටොඩ්, කීරාන් රීඩ් – නායක, ටී. ජේ. පෙරෙනාරා, රිචී මොඋංගා, රිකෝ අයෝන්, සොනී බිල් විලියම්ස්, ජැක් ගුඩ්හූ, බෙන් ස්මිත්, බියුඩන් බැරට්, ඩේන් කෝල්ස්, ඔෆා ටුන්ගාෆසි, ඇන්ගස් ටාවාවෝ, වීයා ෆිෆිටා, ඩෝල්ටන් පැපාලි, ආරොන් ස්මිත්, ඇන්ටන් ලෙනර්ට්-බ්‍රවුන්, ජෝර්ජ් බ්‍රිජ්

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<