වසර 6කට පසු කොදෙව් ක්‍රීඩකයෙක් ලෝක කුසලාන සංචිතයට

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021

1396
West Indies announce T20 World Cup

වත්මන් විස්සයි විස්ස ලෝක ශූරයින් වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් මෙවර ලෝක කුසලානය සඳහා වන සංචිතය නම් කර තිබෙනවා.

2015 වසරට පසුව ප්‍රථම වතාවට 36 හැවිරිදි Ravi Rampaul සංචිතය සඳහා කැඳවා තිබෙන අතර අවසන් වරට ලෝක කුසලාන සංචිතයේ සිටි සුපිරි ක්‍රීඩකයෙකු වන Carlos Brathwaite හට මෙවර ලෝක කුසලාන සංචිතයේ ස්ථානය අහිමි වී ගොස් තිබෙනවා.

Powerplay අවස්ථාවේ දීත්, සමස්ත තරගය පුරාවටත් Ravi කඩුලු දවා ගැනීමෙන් විශාල දායකත්වයක් කණ්ඩායමට ලබා දේවි යැයි ඔවුන් අපේක්ෂා කරන බව, බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කමිටු ප්‍රධානි Roger Harper පවසා තිබෙනවා.

15 දෙනාගේ සංචිතයට ඇතුළත් තවත් සුවිශේෂී ක්‍රීඩකයෙකු වන්නේ Roston Chase. ඔහු කැරිබියන් ප්‍රිමියර් ලීගය තුල දී දැක්වූ දක්ෂතා නිසාවෙන් ප්‍රථම වරට විස්සයි විස්ස වරම් දිනා ගැනීමට සමත් ව තිබෙනවා.

මෙවර ලෝක කුසලාන සංචිතයේ නායකත්වය Kieron Pollard විසින් දරණ අතර Nicholas Pooran උප නායකයා ලෙස කටයුතු කරනු ඇත. Darren Bravo, Sheldon Cottrell, Jason Holder සහ Akeal Hosein අතිරේක ක්‍රීඩකයින් ලෙස සංචිතයට ඇතුළත්. 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමාරම්භක තරගයේ දී එංගලන්තය සමඟ තරග වැදීමට නියමිත අතර දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල් කොදෙව්වන් සිටින කාණ්ඩයේ සිටින අනෙකුත් තරගකාරී රටවල් වනවා. 

කෙසේ නමුත්, මෙම කාණ්ඩයේ පළමු ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් පමණක් සුපිරි 12 දෙනාගේ වටය දක්වා සුදුසුකම් ලබා ගන්නවා.  

  • ලෝක කුසලානයට යන සංචිතය: Kieron Pollard (Captain), Nicholas Pooran (Vice Captain), Fabian Allen, Dwayne Bravo, Roston Chase, Andre Fletcher, Chris Gayle, Shimron Hetmyer, Evin Lewis, Obed McCoy, Lendl Simmons, Ravi Rampaul, Andre Russell, Oshane Thomas, Hayden Walsh jr
  • අතිරේක ක්‍රීඩකයින්: Darren Bravo, Sheldon Cottrell, Jason Holder, Akeal Hosein

ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<