පැපුවා නිව් ගිනියාවේ ප්‍රථම ලෝක කුසලාන සංචිතය

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

302

ICC පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන පැපුවා නිව් ගිනියා කණ්ඩායම නිවේදනය කර අතර එහි නායකත්වය සුපුරුදු පරිදි Assad Vala විසින් දරණු ඇත. 

ICC ජාත්‍යන්තර තරගාවලි වරම් ලබා ගනිමින් ඔවුන් සහභාගී වන පළමු තරගාවලිය මෙය වන අතර එහි දී ඔවුන් මෙවර ලෝක කුසලානයේ සම සත්කාරකයින් වන ඕමාන සමඟ සිය පළමු තරග ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ ඔක්තෝබර් 17 වැනිදා.

Assad Valaගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම ඔවුන් සහභාගී වූ සුදුසුකම් ලබා ගැනීමේ කාණ්ඩ තරගවල දී තරග 6න් 5ක්ම ජයග්‍රහණය කරමින් මෙවර ලෝක කුසලානය සඳහා අසුන් වෙන් කර ගත් අතර ඔවුන් කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබුවේ නෙදර්ලන්තය විසිනුයි.

පැපුවා නිව් ගිනියා කණ්ඩායම B කාණ්ඩයෙන් ලෝක කුසලානය සඳහා සහභාගි වන අතර ඕමානය, ස්කොට්ලන්තය සහ බංග්ලාදේශ එම කාණ්ඩයේ සිටින අනෙකුත් රටවල් වනවා. මෙම කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා කණ්ඩායම් දෙක පමණක් සුපිරි 12 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

  • සංචිතය: Assad Vala (c), Charles Amini, Lega Siaka, Norman Vanua, Nosaina Pokana, Kipling Doriga, Tony Ura, Hiri Hiri, Gaudi Toka, Sese Bau, Damien Ravu, Kabua Vagi-Morea, Simon Atai, Jason Kila, Chad Soper, Jack Gardner.

ලෝක කුසලානයේ උණුසුම ඔබ වෙත ළඟා කරන්නට ThePapare.com අප සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<