බංග්ලාදේශ නිත්‍ය නායකයාගෙන් ඉදිරි සැලසුම් පිළිබඳ හෙළිදරව්වක්

68

අභිනවයෙන් පත් වූ බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායම් නායක, සුපිරි ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් හට නායකත්ව වගකීම පැවරීමෙන් අනතුරුව පැවති පළමු මාධ්‍ය සාකච්ඡාව පෙරේදා (14) පැවැත්වූයේ ඩකාහී පිහිටි ක්‍රිකට් මූලස්ථාන පරිශ්‍රයේ දී ය.

ශ්‍රී ලංකා තරගාවලිය අවලංගු කිරීම ගැන ස්ටුවර්ට් කතා කරයි

COVID-19 වයිරසය වසංගතයක් ලෙස පැතිර යාමත් සමඟින් ලොව පුරා ක්‍රීඩා තරග රැසක් අවලංගු කර තිබුණි. එංගලන්ත…

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පසුගිය දා පැවති තරග තුනකින් සමන්විත වූ එක්දින තරගාවලිය 3-0ක් ලෙස ඉතාමත් පහසුවෙන් ජයග්‍රහණය කළේ බංග්ලාදේශ නායක මෂ්රෆී මොර්ටාසාගේ යටතේ ක්‍රීඩා කළ අවසන් තරගාවලිය ඉතාමත් සාර්ථක සටහනකින් නිමාවට පත් කරමිනි.

වසර ගණනක් පුරාවට එක්දින පිටියේ ස්ථාවර කණ්ඩායමක් ලෙස නැඟී සිටීමට උත්සාහ කළ නමුත් බංග්ලාදේශ කණ්ඩායමට තම අභිමතාර්ථයන් ඉටුකර ගැනීමට නොහැකි වූයේ එවකට ඔවුන්ගේ ක්‍රිකට් පරිපාලනයේ සහ ක්‍රීඩකයින්ගේ පැවති දුර්වලතා, අඩුපාඩු නිසාවෙන් බව නොරහසකි.

කෙසේ නමුත් මොර්ටාසාගේ නායකත්වය යටතේ ප්‍රතිසංවිධානය වූ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පෙර වැරදි නිවැරදි කර ගනිමින් ශක්තිමත්ව ඉදිරියට ගමන් කළේ ලොව ප්‍රබල කණ්ඩායම් පවා ඇතැම් අවස්ථාවන්හීදී අන්ත අසරණ කරමිනි. මොර්ටාසා නායකත්වය ලබා දුන් තරග 88න් තරග 50ක්ම ජයගෙන තිබීම නායකයෙකු වශයෙන් ඔහු අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය තවත් අටුවා ටීකා අවශ්‍ය නැත.

නවසීලන්ත පන්දු යවන්නෙක් නිරෝධායන කෙරේ

නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ලෝකී ෆර්ගසන් නිරෝධායනයට ලක් කිරීමට නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් තීරණය…

මට මුලින්ම කියන්න තියෙන දේ තමයි මේ ගමන කලබල වෙලා යන්න පුළුවන් ගමනක් නෙමෙයි. ඉවසීම ගොඩක් ප්‍රගුණ කරන්න ඕන ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමනක් සැලසුම් කරද්දි. මම කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් බිමේ උපරිම තලයකට රැගෙන එන්න කරන්න පුළුවන් හැකි සෑම දෙයක්ම ඉතාමත් ඕනෑකමින් සහ කැප වීමෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.”

මෂ්රෆී කියන්නේ ඉතාමත් සුවිශේෂී චරිතයක්. ඔහු යටතේ අපි වසර ගණනක් ක්‍රීඩා කරලා ඉතාමත් හොඳ තැනකට අපේ ක්‍රිකට් ක්‍රීඩාව රැගෙන ආවා. ඉතින් කවුරු හරි අපේක්ෂා කරනවා නම් මම එකපාරටම ඔහුගේ මට්ටමට පැමිණේවී කියලා ඒක ඇත්තටම ප්‍රායෝගික නැහැ වගේම එක්තරා ආකාරයකට මට කරන අසාධාරණයක්. මම කලිනුත් සඳහන් කරා වගේ ඉවසීම කියන දේ අත්‍යාවශ්‍යයි.”

මින් පෙර එක් අවස්ථාවක දී තමිම් බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්ව භූමිකාව රඟ දක්වා ඇති අතර එහි දී ඉතාමත් කටුක, අමිහිරි පරාජයකට මුහුණ දීමට ඔහු ඇතුළු බංග්ලාදේශ ක්‍රීඩකයින්ට සිදු වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ට එරෙහිව ඉතාමත් පහසු පූර්ණ තරගාවලි ජයක් වාර්තා කර නිසාවෙනි.

බංග්ලාදේශ ක්‍රිකට් තද තීරණයක; සංගීත ප්‍රසංගයකුත් අවලංගුයි

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ ආසියානු XI කණ්ඩායම හා ලෝක XI කණ්ඩායම අතර පැවැත්වීමට…

මාස හයක්, අවුරුද්දක්, අවුරුදු එකාමාරක් බලන්න. කණ්ඩායමක් විදියට අපි කොතැනද ඉන්නේ කියලා අවබෝධ කරගන්න යම් කාලයක් අවශ්‍යයි. ඒ කාල සීමාවෙදිත් අපි එකම තැන නම් ඉන්නේ මම නායකයෙකු විදියට අසාර්ථක චරිතයක් බව පිළිබඳ ගත යුතුයි.”

අප්‍රේල් 1 ඇනිදා පාකිස්තානයට එරෙහිව එරට දී ක්‍රියාත්මක වීමට නියමිත එක්දින තරගය තමිම් නායකත්ව ලබා දෙන මංගල එක්දින තරගය බවට පත්වනු ඇති අතර 2023 ලෝක කුසලාන තරගාවලිය දක්වා යන ගමන් මඟේ දී කණ්ඩායම නිවැරදි දිශාවට රැගෙන යාමේ භාරධූර වගකීම ද ඔහු හට පැවරීමට බංග්ලාදේශ ක්‍රිකට් බළධාරීන්ගේ අපේක්ෂාවයි.

කණ්ඩායම හොඳට ක්‍රීඩා කළොත්, මමත් ඒ හා සමානව හොඳින් දක්ෂතා අතරට පැමිණේවී වගේම මගේ උපරිම සහය කණ්ඩායමට ලැබේවී. 2023 ගැන හිතන්න කලින් අවධානය යොමු කරන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා කියලයි මම හිතන්නේ. යනුවෙන් පැවසූ තමිම් ඉක්බාල් මාධ්‍යවේදීන් නැඟූ පැනයන් සියල්ලටම පිළිතුරු දී මාධ්‍ය සාකච්ඡාව අවසන් කළේය.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<