නවසීලන්ත පන්දු යවන්නෙක් නිරෝධායන කෙරේ

67

නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ලෝකී ෆර්ගසන් නිරෝධායනයට ලක් කිරීමට නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා. ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වුණු පළමු එක්දින තරගයෙන් අනතුරුව ඔහු සිය උගුරේ අපහසුතාවයක් පිළිබඳ කණ්ඩායමේ බලධාරීන්ට වාර්තා කර ඇති අතර පසුව කෝරෝනා පරීක්ෂණයක් සඳහා ඔහුව හුදකලා කරන්නට බලධාරීන් කටයුතු කළා. 

සංගාගේ පුහුණුවීම් අපතේ යයි?

පසුගිය දින කීපය මෙරට ක්‍රීඩාලෝලීන්ට එතරම් සුබදායි කාලයක් වූයේ නැත. වසංගතයක් ………

නවසීලන්තය සිඩ්නි හිදී පසුගිය සිකුරාදා ලකුණු 71කින් පරාජය වුනු අතර එම තරගය අවසන් වූ වහාම දකුණත් වේගපන්දු යවන්නා අවම වශයෙන් පැය 24ක් සඳහා හුදකලා කරන්නට බලධාරීන් වහාම පියවර ගත්තා.

“සෞඛ්‍ය නීති අනුගමනය කිරීම සඳහා ලෝකී ෆර්ගසන් කණ්ඩායම රැඳී සිටින හෝටලයේම නිරෝධායනය කරන්නට කටයුතු කළා. මීළඟ පැය 24 තුළ දී වෛද්‍ය පරීක්ෂණවලට භාජනය වීමට ඔහු සිදු වෙනවා, ඔහු තරගයෙන් අනතුරුව උගුරේ අපහසුතාවයක් වාර්තා කර සිටියා.” නවසීලන්ත ක්‍රිකට් ආයතනය මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කර සිටියා.

“වෛද්‍ය පරීක්ෂණ වාර්තා පැමිණීමෙන් අනතුරුව ඔහු නැවත කණ්ඩායම සමඟ එක් වේවි.”

පසුගිය බ්‍රහස්පතින්දා ඕස්ට්‍රේලියානු කේන් රිචඩ්සන් COVID-19 වයිරසය සඳහා පරීක්ෂණයකට භාජනය කළේ උගුරේ අපහසුතාවයක් පිළිබඳ වාර්තා කිරීම නිසයි. ඔහු පළමු තරගය ක්‍රීඩා නොකළ අතර සිකුරාදා ඔහුට එම වයිරසය වැලඳී නොමැති බව වාර්තා වුනා.   

නවසීලන්ත ඕස්ට්‍රේලියා එක්දින තරගාවලිය අවලංගු කර දැමීමට දෙරට බලධාරීන් තීරණය කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<