ආසියානු XI හා ලෝක XI තරගාවලියත් කල්යයි

68

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ ආසියානු XI කණ්ඩායම හා ලෝක XI කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග ද්විත්වය කොරෝනා වයිරස් තත්ත්වය නිසා කල් දැමීමට තීරණය කර ඇත. 

කොරෝනා බලපෑම නිසා IPL කල්‍ යන ලකුණු

මේ වන විට ලොව පුරා පැතිර යමින් පවතින කොරෝනා හෙවත් COVID – 19…..

මෙම තරග මාර්තු මස 21 හා 22 යන දිනවල දී පැවැත්වීමට නියමිතව තිබුණි. එම තරග බංග්ලාදේශයේ ජාතියේ පියා ලෙස හඳුන්වන බංගබන්ධු ශේක් මුජිබර් රහ්මාන්ගේ ජන්ම දිනය සැමරීමට සමගාමීව සංවිධානය කර තිබුණි. 

කෙසේ වෙතත් මෙම කොරෝනා වයිරස් තත්ත්වය නිසා සියලුම සැමරීම් උත්සව හා අනෙකුත් කටයුතු සියල්ල කල් දැමීමට බංග්ලාදේශ බලධාරීන් තීරණය කර ඇත. එයට මාර්තු 18 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඒ ආර් රහ්මාන් සංගීත ප්‍රසංගය ද ඇතුළත් වේ. 

“මේ වෙලාවේ ගන්න පුළුවන් ආරක්ෂක ක්‍රියාමාර්ගයක් හැටියට අපි මේ තරග දෙක අවලංගු කළා. අපිට මේ තරග දෙක මාර්තු 21 හා 22 පවත්වන එකේ ගැටලුවක් තිබුණා. ඒක නිසා අපි තීරණය කළා මේක කල් දාන්න. ඒ වගේම අපිට ගැටලුවක් තිබුණා සියලුම ක්‍රීඩකයන්ට ඇවිල්ලා මේ තරගයට සහභාගි වෙන්න පුළුවන් ද කියලා. මේ වෙලාවේ ගොඩක් රටවල් සංචාරයට සීමා පනවනවා. ඒ නිසා අපි තීරණය කළා තරග දෙක හා සංගීත ප්‍රසංගය කල් දැමීමට. මේ තත්ත්වයන් විසඳුනාට පසුව අපි මේ සියල්ල නැවත පවත්වනවා.” බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන් මහතා පවසා සිටියා. 

මෙම තරග දෙක සඳහා සහභාගි වන ආසියානු හා ලෝක කණ්ඩායම් දෙක ද බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් මීට පෙර නම් කර තිබුණි. ඒ විදෙස් ක්‍රීඩකයන් කීපදෙනෙකු මෙම තරගාවලිය සඳහා සහභාගි වීමට කැමැත්ත පලකිරීමෙන් අනතුරුවයි. 

එමෙන්ම මේ දිනවල බංග්ලාදේශයේ පැවැත්වෙන සිම්බාබ්වේ තරගාවලිය සඳහා සහභාගි වන ප්‍රේක්ෂක ප්‍රමාණය අඩුකරගැනීම සඳහා එක් පුද්ගලයෙකුට එක් ටිකට් පතක් පමණක් අලෙවි කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<