ලෝක කුසලානය අස්සේ සිව්කොන් තරගාවලියකට නෙදර්ලන්තය සූදානම්

531

ඕමාන හා ඉන්දියානු සංචාරයන් සඳහා නෙදර්ලන්තය සිය සංචිතය නම් කර තිබේ. ඕමානය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස සිව්කොන් තරගාවලියක් සඳහා ඔවුන් ඕමානය සඳහා පිටව යන අතර ඉන්පසුව ඔවුන් ඉන්දියාවට යන්නේ පළමු පෙළ ඉන්දීය කණ්ඩායම් සමඟින් තරග කිරීමටය.

එවින් ලෙවිස්ගේ මැජික් ඉනිම නිසා ශූරතාවය කොදෙව්වන්ට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට්……

පෙබරවාරි 8 සිට 18 දක්වා ඕමානයේ සිව්කොන් තරගාවලියට නෙදර්ලන්ත කණ්ඩායම සහභාගී වන්නේ සිය සම්පුර්ණ කණ්ඩායම සමඟයි. කෙසේ වෙතත් පෙබරවාරි 8 සිට මාර්තු 3 දක්වා පැවැත්වෙන ඉන්දියානු සංචාරය සඳහා නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක් කණ්ඩායමට එක්වෙනු ඇත.

නෙදර්ලන්ත පුහුණුකරු රයන් කැම්ප්බෙල් ඔස්ට්‍රේලියාව හා හොංකොං වෙනුවෙන් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කර තිබේ.

“ලෝක විස්සයි විස්ස තේරීම් තරගාවලියේ පැවැත්වෙන වසර ආරම්භයේ දී ම ප්‍රබල ප්‍රතිවාදීන් වන ස්කොට්ලන්තය, අයර්ලන්තය, ඕමානය වැනි රටවල් සමඟ තරග කිරීම ඉතා වැදගත්” නෙදර්ලන්ත පුහුණුකරුවා අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණා.

ඇඩිලේඩ් ක්‍රීඩකයෝ තෙවැනි විනිසුරුගේ තීරණය කනපිට හරවයි

බිග් බෑෂ් ලීගයේ අටවැනි අදියරේ ආරම්භය සනිටුහන් කරමින් ගියවර ශූරයින් වන ඇඩිලේඩ් ස්ට්‍රයිකස් කණ්ඩායම සහ බ්‍රිස්බන් හීට් කණ්ඩායම අතර……

ඕමානය සංචාරය සඳහා නෙදර්ලන්ත කණ්ඩායම – පීටර් සීලර් (නායක), වෙස්ලි බැරිසේ, බෙන් කූපර්, රයන් ටෙන්ඩස්කාටේ, ස්කොට් එඩ්වර්ඩ්ස්, ටීම් වැන් ඩර් ගුග්ටෙන්, ෆ්‍රෙඩ් ක්ලාසින්, පෝල් වෑන් මීකරෙන්, ස්ටෙෆාන් මයිබර්ග්, මැක්ස් ඕ’ඩොඩ්, ෂේන් ස්නැටර්, රේලොෆ් වැන් ඩර් මර්ව්, ටොබායස් වීසේ, සිකන්ඩර් සුල්ෆිකාර්

ඉන්දියා සංචාරය සඳහා නෙදර්ලන්ත කණ්ඩායම – පීටර් සීලර් (නායක), වෙස්ලි බැරිසේ, බෙන් කූපර්, ,සෙබස්තියන් බ්‍රැට්, බාස් ඩේ ලීඩේ,  ස්කොට් එඩ්වර්ඩ්ස්, විවියන් කනිග්ම, ස්ටෙෆාන් මයිබර්ග්, මැක්ස් ඕ’ඩොඩ්, හිඩි ඕවරඩිජික්, ලියොන් ටර්මේන්, ටෝබායස් වීසේ, සකිබ් සුල්ෆිකාර්, සිකන්ඩර් සුල්ෆිකර්     

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<