සචිත්‍ර සේරසිංහත් ද්විත්ව ශතක ලැයිස්තුවට

536

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ තෙවැනි දිනයේ දී ද ද්විත්ව ශතකයක් වාර්තා වීම සුවිශේෂී විය. එහි හිමිකාරීත්වය ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයේ සචිත්‍ර සේරසිංහ සතු විය.  

මේ අතර මෙම තරගාවලියේ අද දිනයේ පමණක් ශතක 3ක් වාර්තා වීම කැපී පෙණුනි. එහි දී මේරියන්ස් ක්‍රිකට් සමාජයේ යසෝද ලංකා, ටැමිල් යූනියන් කණ්ඩායමේ රමිත් රඹුක්වැල්ල සහ එන්. සී. සී. කණ්ඩායමේ මාලිංග අමරසිංහ ශතකලාභීන් වූහ.

පන්දු යැවීමේ දී සැරසන්ස් කණ්ඩායමේ හරීන් වීරසිංහ සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත් විය.

ලසිත් සහ සාලින්ද Plate පිටිය වර්ණවත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League ක්‍රිකට් තරගාවලියේ පළඟ (Plate) තරග පිටියේ අද (18) ආරම්භ වූ තරග අතුරින් ශතක වාර්තා….

සැරසන්ස් සහ හලාවත මේරියන්ස් අතර තරගය

එස්. එස්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් සැරසන්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 524ක් ලබා ගත් අතර හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 312ක් පමණි.

ලකුණු 212ක් පිටුපස සිටිමින් ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා පිට පිට දෙවැනි ඉනිමට පිටියට පිවිසි මේරියන්ස් ක්‍රීඩකයෝ තරගය තෙවැනි දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 14ක් ලබා සිටිය හ.

මේරියන්ස් පළමු ඉනිම වෙනුවෙන් යසෝද ලංකා ශතකයක් ලබා ගැනීම කැපී පෙණුනි. ඔහු පන්දු 146කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 109ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ඔසඳ ප්‍රනාන්දු සහ නිමේෂ් විමුක්ති අර්ධ ශතක වාර්තා කළ හ.

පන්දු යැවීමේ දී හරීන් වීරසිංහ ලකුණු 90කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 524 (165.1) නවිඳු විතානගේ 23, ගමිඳු කනිශ්ක 109, ප්‍රමෝද් මධුවන්ත 217, නිපුන් කරුණානායක 80, හරීන් වීරසිංහ 29, චතුරංග කුමාර 2/84, සාගර් පරේශි 4/129, නිමේෂ් විමුක්ති 4/93

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 312 (87.5) යසෝද ලංකා 109, ඔසද ප්‍රනාන්දු 65, නිමේෂ් විමුක්ති 51, ඉරෝෂ් ප්‍රනාන්දු 26, මොහොමඩ් ඩිල්ශාඩ් 2/59, චාමිකර එදිරිසිංහ 2/102, හරීන් වීරසිංහ 5/90

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 14 (9) මොහොමඩ් ඩිල්ශාඩ් 2/02


එස්. එස්. සී. සහ ටැමිල් යූනියන් අතර තරගය

එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එස්. එස්. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 321ක් ලබා ගත් අතර ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 536ක් ලබා ගත්හ.

ලකුණු 215ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ තරගය තෙවැනි දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 129ක් ලබා සිටිය හ.

ටැමිල් යූනියන් ඉනිම වෙනුවෙන් පෙර දිනයේ ශතකයක් ලබා සිටි සචිත්‍ර සේරසිංහ අද පන්දු 261කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 204ක් ලබා ගත්තේ ය. ඊට අමතරව රමිත් රඹුක්වැල්ල පන්දු 96ක දී ලකුණු 124ක් ලබා ගත්තේ ය. එම ඉනිමට හතරේ පහර සහ හයේ පහර 10 බැගින් එල්ල කිරීමට ඔහු දක්ෂ විය.

එස්. එස්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 321 (86.1) සඳුන් වීරක්කොඩි 26, කෞෂාල් සිල්වා 65, ක්‍රිශාන් ආරච්චිගේ 48, කෝසල කුලසේකර 32, චාමර කපුගෙදර 22, සචිත්‍ර සේනානායක 47, ධම්මික ප්‍රසාද් 50, රමිත රඹුක්වැල්ල 5/89, දමිත සිල්වා 3/33

ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 536 (133.3) ලහිරු මිලන්ත 56, තරංග පරණවිතාන 47, සචිත්‍ර සේරසිංහ 204, යොහාන් මෙන්ඩිස් 35, රමිත් රඹුක්වැල්ල 124, දමිත සිල්වා 20, කසුන් මධුශංක 2/82, තරිඳු රත්නායක 2/115, ආකාශ් සේනාරත්න 4/73

එස්. එස්. සී.; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 129 (32.2) සඳුන් වීරක්කොඩි 68, කෞෂාල් සිල්වා 46, සචිත්‍ර සේරසිංහ 3/10

අවිශ්ක සහ මිලින්දගේ ශතක ශ්‍රී ලංකාවට වාසියක් වේ

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම අතර අද (19) හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ පළමු නිල නොලත්…

යුද හමුදාව සහ සී. සී. සී. අතර තරගය

පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් යුද හමුදා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 295ක් රැස් කළ අතර ප්‍රතිවාදී සී. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 464ක් ලබා ගත් හ. ලකුණු 169ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි යුද හමුදා ක්‍රීඩකයෝ තරගය තෙවැනි දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 133ක් ලබා සිටිය හ.  

සී. සී. සී. කණ්ඩායම වෙනුවෙන් නායක අශාන් ප්‍රියංජන් පෙර දිනයේ ශතකයක් ලබා සිටි අතර අද ඔහු තම ඉනිම ලකුණු 180ක් දක්වා දික් කර ගත්තේ ය. ඔහු පන්දු 289කට මුහුණ දුන් අතර හතරේ පහර 17ක් සහ හයේ පහරක් එම ඉනිමට ඇතුළත් කර ගත්තේ ය.

ඊට අමතරව වනිඳු හසරංග පන්දු 108ක දී හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 97ක් ලබා ගත්තේ ය.

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 295 ( (105.3) ලක්ෂාන් එදිරිසිංහ 61, හිමාෂ ලියනගේ 44, ඩිල්ශාන් ද සොයිසා 40, සංජික රිද්ම 27, කසුන් ද සිල්වා 20,  යොහාන් මෙන්ඩිස් 26, ලහිරු මධුශංක 2/32, මාලින්ද පුෂ්පකුමාර 6/106

සී. සී. සී.: පළමු ඉනිම සියලුම දෙනා දැවී 464 (123.5) මාධව වර්ණපුර 32, සෙනොල් දිනූෂ 40, අශාන් ප්‍රියංජන් 180, වනිඳු හසරංග 97, ලහිරු ගමගේ විශ්ව ප්‍රනාන්දු දුශාන් විමුක්ති 3/66

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 133 (38) දුශාන් විමුක්ති 32, හිමාෂ ලියනගේ 29

සිතාර, ශෙනාල්, අරෝෂණ හා හංසික වැඩි දස්කම් අතරට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අදත් (19) සාර්ථකව නිමාවට පත්විය. පාසල් ක්‍රිකට් වාර්තා පොත් අලුත් වන 2018/19 සිංගර්…

එන්. සී. සී. සහ කෝල්ට්ස් අතර තරගය

සී. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 251ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කෝල්ට්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 298ක් රැස් කළහ.

ලකුණු 47ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි එන්. සී. සී. ක්‍රීඩකයෝ තරගයේ තෙවැනි දිනය අවසන් වෙන විට කඩුලු 9ක් දැවී ලකුණු 402ක් ලබා සිටිය හ.

එන්. සී. සී. දෙවැනි ඉනිම වෙනුවෙන් මාලිංග අමරසිංහ පන්දු 168කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 107ක් ලබා සිටියේ ය. ඊට අමතරව  හසිත බෝයගොඩ සහ සාරංග රාජගුරු ද අර්ධ ශතකයක් වාර්තා කළහ.

කඩුලු ලබා ගැනීමේ දී සාරංග රාජගුරු කඩුලු 4ක් දවා ගත්තේ ය.

එන්. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 251 (56.1) ලහිරු උදාර 85, පැතුම් නිශ්ශංක 35, නිමේෂ ගුණසිංහ 44, මාලිංග අමරසිංහ 25, සාරංග රාජගුරු 23, ජෙහාන් ඩැනියෙල් 2/46, අකිල දනංජය 5/72

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 298 (111.2) ජෙහාන් ඩැනියෙල් 67, ප්‍රියමන්ත පෙරේරා 51, නිශාන් මධුශ්ක 67, නිසල තාරක 27, අකිල දනංජය 37, ලසිත් ඇඹුල්දෙණිය 4/101 සචින්ත පීරිස් 4/87

එන්. සී. සී.; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී  402 (108) හසිත බෝයගොඩ 66, මහේල උඩවත්ත 48, මාලිංග අමරසිංහ නොදැවී 107, සාරංග රාජගුරු 78, අකිල දනංජය 2/103, සංගීත් කුරේ 4/111

මේ සියලු තරග හෙට (20) අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<