මලියදේව කාන්තා පාසල හා කන්නන්ගර විදුහල ගැහැණු හා පිරිමි 15න් පහළ ශූරතාව දිනාගනී.

207

මලියදේව ගැහැණු පාසල හා කන්නන්ගර විදුහල සමපෝෂ 15න් පහළ ගැහැණු හා පිරිමි ශූරතාව පෙරේදා කළුතර වර්නන් ප්රනාන්දු ක්රීඩාංගනයේදී ජයග්රහණයකලේ .

 

 

දිවයිනේ දිස්ත්රික්ක 25 නියෝජනය කරමින් කළුතරදී පැවති 15න් පහල පාපන්දු ශූරතාවලිය ඉතාමත් තරඟකාරී වියමෙහිදී පිරිමි අවසන් වටය ගාල්ල සීඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර විදුහලත් ගිනිරාජ මහා විද්යාලයත් අතර පැවැත්වුණි.

 

අවසන් තරඟය කන්නන්ගර ක්රීඩකයන් 3-1ක් ලෙස ජයග්රහණය කලේයතෙවෙනි ස්ථානය සඳහා මාරි ස්ටෙලා විද්යාලය පත් වූයේ බේරුවල අල් හිමේශරවිද්යාලය 4-1ක් ලෙස පරාජය කරවමිනිතරඟයේ හොඳම ක්රීඩකයා ලෙස “ගෝල්ඩන් බූට්” සම්මානයෙන් පිදූ ලැබුවේ උදාර සංකල්ප  ක්රීඩකයා හොඳම ගෝලරකින්නා ලෙස තේරී පත් වූයේ ගාල්ල කන්නන්ගර විදුහලේ විශාන් උදය කුමාර ක්රීඩකයා .

 

ගැහැනු ළමුන් අතර අවසන් තරඟය කුරුණෑගල මලියදේව  කාන්තා පාසලත් වෙල්පුර  කාන්තා පාසලත් අතර පැවතිනිඑම තරඟය මලියදේව කාන්තා පාසල  6-1ක් ලෙස ජයග්රහණය කලේයතෙවෙනි ස්ථානය සඳහා යාපනය තිලිප්පිලි විද්යාලය හා මාදම්පේ සෙබැස්තියන් අතිරේක පාසල තරඟ කල අතර එය 4-2ක් ලෙසතිලිප්පිලි විද්යාලය ජයග්රහණය කලේයගැහැනු කාණ්ඩයේ හොඳම ගෝල රකින්නිය ලෙස වෙල්පුර මහා විද්යාලයේ කේකේ කාවින්ද්යා තරිදු පත් වූ අතරහොඳම ක්රීඩිකාවට හිමි “ගෝල්ඩන් බූට්” සම්මානයෙන් පිදුම් ලැබුවේ ගයත්රි මදහාසිනී නානායක්කාර ක්රීඩිකාවයි.

 

8වෙනි වරටත් සමපෝෂ සමාගම විසින් අනුග්රාහකත්වය දක්වූ මෙවර ශූරතාවලියට දිවයින පුරා පාසල් නියෝජනය කරමින් කණ්ඩායම් 400ක් එක්විය.