ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සහයට දකුණු අප්‍රිකානුවෙක්

Sri Lanka tour of South Africa 2024

98

දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරග සංචාරයක නිරත වීමට සූදානමින් සිටින ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු වන Neil McKenzieගේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ කෙටි කාලීන උපදේශක පුහුණුකරුවෙකු ලෙසයි. 

ඒ අනුව සිය තනතුරේ වැඩ ආරම්භ කරමින් ඔහු පෙර පුහුණු වීම් සඳහා දකුණු අප්‍රිකාවට පිටත් වූ ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සමඟ පුහුණු වීම් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.  

Neil McKenzieගේ පත් කිරීම පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක නිලධාරි ඈශ්ලි ද සිල්වා ප්‍රකාශ කළේ, 

“දකුණු අප්‍රිකානු තණතීරු පිළිබඳ McKenzie සතුව තිබෙන දැනුම සහ අත්දැකීම් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අදාළ අභියෝගයන්ට සූදානම් වීමට විශාල පහසුවක් වෙයි.” 

ඒ අනුව ඔහු නොවැම්බර් 13 සිට 21 දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිතයි.  

දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර ලකුණු 5000 සීමාව පසු කළ Neil McKenzie දකුණු අප්‍රිකානු පළමු පෙළ පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක්. 

ටෙස්ට් ලෝක ශූරතාවයට අදාළ තීරණාත්මක තරගාවලියක් වන මෙම තරගාවලිය සඳහා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වන අතර තරගාවලියේ පළමු තරගය නොවැම්බර් මස 27 ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 

මෙම තරගාවලිය පිළිබඳ සියලුඋණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<