පැතුම් නිස්සංක තම ටෙස්ට් තරග දිවියේ ඉනිමක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් පෑ දක්ෂතාත් සමඟින් ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ 3 වැනි දිනය අවසන් වෙන්නේ ශ්‍රී ලංකාව තම පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 365ක් ලබා සිටියදීයි.
සංචාරක බංග්ලාදේශ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 495ක් ලබා ගත්තා. මෙම ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරග ඉතිහාසයේ බංග්ලාදේශ ක්‍රීඩකයෝ වාර්තා කරනු ලැබූ ඉහළ ම ලකුණු අතර සිව් වැනියට පත් දක්ෂතාවයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය අද (19) ආරම්භ වෙන්නේ සංචාරක බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 484ක් ලබා සිටියදීයි. අද දිනයේ දී ඔවුන් ක්‍රීඩා කරන්නේ පන්දු 22කට පමණක් වන අතර, ඒ අතර ඔවුන් එකතු කර ගන්නේ ලකුණු 11ක් පමණයි. දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය අසිත ප්‍රනාන්දු සතු වෙනවා. ඒ අනුව ඔහු තම පන්දු යැවීම නිමා කරන්නේ ලකුණු 86කට කඩුලු 4ක් දවා ගනිමින්.
- ශ්‍රී ලංකා පන්දු යවන්නෝ හිස ඔසවයි
- බංග්ලාදේශය, සත්කාරක පන්දු යවන්නෝ පාගා දමයි
- නවක ක්‍රීඩකයින් රැසක් සමඟ ශ්‍රී ලංකාව බංගලි ටෙස්ට් ගැටුමට සැරසෙයි
- බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරගාවලිය සඳහා තරග නිලධාරි මඩුල්ල නම් කරයි
ප්‍රතිවාදීන්ගේ ඉනිම අවසන් වීමෙන් අනතුරු ව පැතුම් නිස්සංක සමඟ ටෙස්ට් තරග පිටියට එක් වූ කෝඩුකාර දකුණත් පිතිකරු ලහිරු උදාර ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට වරම් ලබා ගන්නවා.
ලහිරු උදාර ගේ කෝඩුකාර ටෙස්ට් ඉනිම පන්දු 34කට සීමා වෙනවා. පළමු කඩුල්ල ලෙසින් ඔහු ශ්‍රී ලංකා ඉනිම හැර යන විට හතරේ පහර 6ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුවට එක් ව තිබුණේ ලකුණු 47ක් පමණයි.
අනතුරු ව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල්, පැතුම් නිස්සංක සමඟින් එකතු වෙමින් දිවා විවේකය වෙද්දී ලකුණු පුවරුව 100 දක්වා රැගෙන ආවා. දිවා විවේකයෙන් පසුව ගෙවී ගිය කාර්තුවේ දී දිනේෂ් චන්දිමාල් තම ඉනිම ලකුණු 54ක් වෙද්දී අහිමි කර ගන්නවා. ඒ වෙද්දී ඔහු පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 54ක් ලබා සිටියා. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 33 වැනි අර්ධ ශතකයයි.
මෙම කාර්තුවේ දී පැතුම් නිස්සංක තම ටෙස්ට් තරග දිවියේ තෙවැනි ශතකය ද සහ ශ්‍රී ලංකා ඉනිමේ 200 වැනි ලකුණ ද වාර්තා කිරීමට සමත් වෙනවා.
2 වැනි කඩුල්ලට ලකුණු 157ක සබඳතාවක් එක් කරමින් දිනේෂ් චන්දිමාල් දැවී ගිය පසුව පිටියට පිවිසෙන්නේ තම අවසන් ටෙස්ට් තරගයට එක් වෙන ඇන්ජලෝ මැතිව්ස්. බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ මෙන් ම පිටියේ විනිසුරුවන්ගේ ද සමාචාර මැද පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තා.
ඔහු ශ්‍රී ලංකා ඉනිමේ 3 වැනි කඩුල්ල සඳහා පැතුම් නිස්සංක සමඟින් එක් කළ ලකුණු සංඛ්‍යාව 89ක්.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව එතෙක් වේලා බංග්ලාදේශයට හිසරදයක් බවට පත් ව සිටි පැතුම් නිස්සංකගේ ඉනිම ද අවසන් වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 256කට මුහුණ දෙමින් හතරේ පහර 23ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 187ක් ලබා සිටියා. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ ඉනිමක ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි. මීට පෙර ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම බවට පත් ව තිබුණේ පසුගිය වසරේ දී The Oval ක්‍රීඩාංගණයේ දී එංගලන්තයට එරෙහි ව නොදැවී ලබා සිටි ලකුණු 127යි.
එමෙන් ම ඔහු තම ඉනිම තුළ දී ටෙස්ට් තරග දිවියේ 1000 වැනි ලකුණු වාර්තා කිරීමට ද අද සමත් වෙන අතර ඔහු දැවී යන විට කමිඳු මෙන්ඩිස් හා එක් ව ශ්‍රී ලංකා ඉනිමේ සිව් වැනි කඩුල්ලට ලකුණු 38ක සබඳතාවක් ද එක් කර තිබුණා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව නායක ධනංජය ද සිල්වා පිටියට පිවිසි අතර තරගය 3 වැනි දිනයට නතර කරන විට කමිඳු මෙන්ඩිස් පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 37ක් ද සහ ධනංජය ද සිල්වා පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 17ක් ද ලබා සිටියා.
අතිරේක ලකුණු 5ක් ද සමඟින් මෙතෙක් ගෙවී ගිය එම ඉනිමේ දී Mominul Haque, Hasan Mahmud, Nayeem Hasan සහ Taijul Islam කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බංග්ලාදේශය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 495 (153.4)Mominul Haque 29, Najmul Hossain Shanto 148, Mushfiqur Rahim 163, Litton Das 90, අසිත ප්‍රනාන්දු 4/86, මිලාන් රත්නායක 3/39, තරිඳු රත්නායක 3/196
- බංග්ලාදේශය– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 365 (91.0)පැතුම් නිස්සංක 187, ලහිරු උදාර 29, දිනේෂ් චන්දිමාල් 54, ඇන්ජලෝ මැතිව්ස් 39, කමිඳු මෙන්ඩිස් නොදැවී 35, ධනංජය ද සිල්වා නොදැවී 17
හෙට (20) තරගයේ 4 වැනි දිනයයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Shadman Islam | c Dhananjaya de Silva b Tharindu Rathnayake | 14 | 53 | 1 | 0 | 26.42 |
Anamul Haque | c Kusal Mendis b Asitha Fernando | 0 | 10 | 0 | 0 | 0.00 |
Mominul Haque | c Dhananjaya de Silva b Tharindu Rathnayake | 29 | 33 | 4 | 0 | 87.88 |
Najmul Hossain Shanto | c Angelo Mathews b Asitha Fernando | 148 | 279 | 15 | 1 | 53.05 |
Mushfiqur Rahim | lbw b Asitha Fernando | 163 | 350 | 9 | 0 | 46.57 |
Liton Das | c Kusal Mendis b Tharindu Rathnayake | 90 | 123 | 11 | 1 | 73.17 |
Jaker Ali | b Milan Rathnayake | 8 | 16 | 1 | 0 | 50.00 |
Nayeem Hasan | c Kusal Mendis b Milan Rathnayake | 11 | 30 | 1 | 0 | 36.67 |
Taijul Islam | b Milan Rathnayake | 6 | 7 | 1 | 0 | 85.71 |
Hasan Mahmud | not out | 7 | 15 | 1 | 0 | 46.67 |
Nahid Rana | c Kusal Mendis b Asitha Fernando | 0 | 8 | 0 | 0 | 0.00 |
Extras | 19 (b 8 , lb 5 , nb 2, w 4, pen 0) |
Total | 495/10 (153.4 Overs, RR: 3.22) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 29.4 | 5 | 86 | 4 | 2.93 | |
Milan Rathnayake | 23.4 | 6 | 39 | 3 | 1.67 | |
Tharindu Rathnayake | 49.2 | 3 | 196 | 3 | 3.98 | |
Prabath Jayasuriya | 48 | 2 | 154 | 0 | 3.21 | |
Dhananjaya de Silva | 3 | 0 | 7 | 0 | 2.33 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | b Hasan Mahmud | 187 | 256 | 23 | 1 | 73.05 |
Lahiru Udara | c & b Taijul Islam | 29 | 34 | 6 | 0 | 85.29 |
Dinesh Chandimal | c Shadman Islam b Nayeem Hasan | 54 | 119 | 4 | 0 | 45.38 |
Angelo Mathews | c Liton Das b Mominul Haque | 39 | 69 | 3 | 1 | 56.52 |
Kamindu Mendis | b Hasan Mahmud | 87 | 148 | 7 | 1 | 58.78 |
Dhananjaya de Silva | c Liton Das b Nayeem Hasan | 19 | 36 | 2 | 0 | 52.78 |
Kusal Mendis | c Liton Das b Hasan Mahmud | 5 | 17 | 1 | 0 | 29.41 |
Milan Rathnayake | b Nayeem Hasan | 39 | 83 | 3 | 1 | 46.99 |
Tharindu Rathnayake | b Nayeem Hasan | 0 | 7 | 0 | 0 | 0.00 |
Prabath Jayasuriya | not out | 11 | 13 | 0 | 0 | 84.62 |
Asitha Fernando | b Nayeem Hasan | 4 | 8 | 0 | 0 | 50.00 |
Extras | 11 (b 2 , lb 7 , nb 2, w 0, pen 0) |
Total | 485/10 (131.2 Overs, RR: 3.69) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Hasan Mahmud | 21 | 2 | 74 | 3 | 3.52 | |
Nahid Rana | 19 | 0 | 97 | 0 | 5.11 | |
Taijul Islam | 41 | 3 | 156 | 1 | 3.80 | |
Nayeem Hasan | 43.2 | 4 | 121 | 5 | 2.80 | |
Mominul Haque | 7 | 0 | 28 | 1 | 4.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Shadman Islam | lbw b Milan Rathnayake | 76 | 126 | 7 | 0 | 60.32 |
Anamul Haque | c Kusal Mendis b Prabath Jayasuriya | 4 | 20 | 0 | 0 | 20.00 |
Mominul Haque | c Lahiru Udara b Tharindu Rathnayake | 14 | 40 | 0 | 1 | 35.00 |
Najmul Hossain Shanto | not out | 125 | 199 | 9 | 3 | 62.81 |
Mushfiqur Rahim | run out (Tharindu Rathnayake) | 49 | 102 | 4 | 0 | 48.04 |
Liton Das | b Tharindu Rathnayake | 3 | 5 | 0 | 0 | 60.00 |
Jaker Ali | st b | 2 | 7 | 0 | 0 | 28.57 |
Nayeem Hasan | not out | 7 | 23 | 0 | 0 | 30.43 |
Extras | 5 (b 4 , lb 1 , nb 0, w 0, pen 0) |
Total | 285/6 (87 Overs, RR: 3.28) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 8 | 0 | 31 | 0 | 3.88 | |
Prabath Jayasuriya | 29 | 3 | 92 | 1 | 3.17 | |
Tharindu Rathnayake | 29 | 1 | 102 | 3 | 3.52 | |
Milan Rathnayake | 12 | 4 | 26 | 1 | 2.17 | |
Dhananjaya de Silva | 8 | 0 | 27 | 0 | 3.38 | |
Kamindu Mendis | 1 | 0 | 2 | 0 | 2.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | c Najmul Hossain Shanto b Nayeem Hasan | 24 | 25 | 4 | 0 | 96.00 |
Lahiru Udara | st Liton Das b Taijul Islam | 9 | 13 | 2 | 0 | 69.23 |
Dinesh Chandimal | b Taijul Islam | 6 | 44 | 0 | 0 | 13.64 |
Angelo Mathews | c Mominul Haque b Taijul Islam | 8 | 45 | 1 | 0 | 17.78 |
Kamindu Mendis | not out | 12 | 35 | 1 | 0 | 34.29 |
Dhananjaya de Silva | not out | 12 | 30 | 1 | 1 | 40.00 |
Extras | 1 (b 0 , lb 1 , nb 0, w 0, pen 0) |
Total | 72/4 (32 Overs, RR: 2.25) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Hasan Mahmud | 3 | 0 | 19 | 0 | 6.33 | |
Taijul Islam | 16 | 3 | 23 | 3 | 1.44 | |
Nayeem Hasan | 13 | 1 | 29 | 1 | 2.23 |
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.