නැවුම් අත්දැකීම් සමඟින් ශූරතාවයට විද්‍යාර්ථය සූදානම්

207

තියුණු සටහනකින් පසුව A කාණ්ඩයේ දොරගුළු විවෘත කර ගත් මහනුවර විද්‍යාර්ථ කණ්ඩායම නව දශකයේ සිය පළමු ලීග් කුසලානය දිනා ගන්නට සමත් වෙයි ද? ThePapare.com ඔවුන් සොයා මහනුවරට ගියා.

අතීතයෙන් බිඳක්

රදීෂ සෙනවිරත්න, මහනුවර කණ්ඩායමේ කවිඳු පෙරේරා, සුපිරි ක්‍රීඩක චානක චන්දිමාල්, ජේසන් දිසානායක, අශාන් බණ්ඩාර මෙන්ම පසුකලක දී සාන්ත තෝමස් කණ්ඩායමට ක්‍රීඩා කළ මහනුවර ක්‍රීඩා සමාජයේ අනුරුද්ධ විල්වර වැනි සුපිරි ක්‍රීඩකයින් රැසක් බිහිකළ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය ප්‍රබල කණ්ඩායම් රැසකටම අභියෝගයක් වුණු කණ්ඩායමක් ලෙස සැලකිය හැකියි. 

කිරුළ හිමි කුමාරවරු පාසල් රග්බි පිටියේ 100 වන වසර කුසලානයකින් සමරයි ද?

2017, 2018, 2019 වසරේ තුනේ දීම අඛණ්ඩව …..

2012 වසරේ දී යම් සිදුවීමක් නිසා C කාණ්ඩය දක්වා පහළ වැටීමට සිදුවුව ද, වසර පහකට පසු 2017 දී B කාණ්ඩයට පිවිස B කාණ්ඩයේ ප්‍රබල පාසල් සියල්ලටම ප්‍රබල අභියෝගයක් වීමට තරම් ඔවුන් දියුණු වුනා.

2018 වසරේ අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය තුල තම දස්කම් මනාව පෙන්වමින් කුසලාන අවසන් පූර්ව වටයට පිවිසෙන විද්‍යාර්ථ කණ්ඩායම එම තරගයේ දී එවකට ලීග් ශූරයින් වුණු රාජකීයන්ට දැඩි අභියෝගයක් එල්ල කරන්නට සමත් වුනේ තරගාවලියේ පෙරලිකාරම කණ්ඩායම බවට පත් වෙමින්. 

ගෙවුණු තරග වාරය

2019 පාසල් රග්බි තරග වාරය මහනුවර විද්‍යාර්ථ රග්බි ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු තරග වාරයක්. ඒ 2013 වසරට පසු පළමු වතාවට A කාණ්ඩයට පිවිසෙන්නට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමත් වුණු නිසයි. 

කවිශ්ක බණ්ඩාරගේ නායකත්වයෙන් තරග වැදුණු විද්‍යාර්ථ කණ්ඩායම පලඟ ශුරතාවයේ සහභාගී වුණු තරග පහෙන් තරග තුනක්ම ජය ගනිමින් පලඟ අනුශූරයින් බවට පත් වෙන්නට සමත් වුනා.

A කාණ්ඩයට පිවිසෙන්නට නම් ඔවුන්ට කොළඹ D. S. සේනානායක විද්‍යාලය සමඟ පැවැත්වුණු තරගයේ ජය අත්‍යවශ්‍යම වුණු අතර ඔවුන් ලකුණු 29-21ක් ලෙස එම තරගය ජය ගත්තේ A කාණ්ඩයේ සිය අසුන වෙන් කර ගනිමින්. 

වෙස්ලි “ද්විත්ව නිල් අකුණු සැරය” 2020 දවා අළු කරන්න සූදානම්

පාසල් රග්බි පිටියේ අභිමානවත් කණ්ඩායමක් ….

කොළඹ ආනන්ද විද්‍යාලය ලකුණු 38-24ක් ලෙස පරාජය කරමින් 51 වැනි විලියම් ගොපල්ලව අනුස්මරණ රග්බි පලිහ නැවත වතාවක් තමන් සතු කර ගන්නටත් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමත් වුනා. දිල්ශාන් කෝදාගොඩ හා පැතුම් ජයකොඩි උත්සාහක දිනුම් තුන බැගින් වාර්තා කරමින් පලඟ ශුරතාවයේ වැඩිම උත්සාහක දිනුම් ලාභීන්ගේ ලැයිස්තුවට ද පිවිසෙන්නට සමත් වීම විශේෂත්වයක් වුනා.

මෙවර තරග වාරය

විද්‍යාර්ථ විද්‍යාලය මෙවර තරගාවලියට පිවිසෙන්නේ නව නායකයෙකු සමඟින් පමණක් නොව නව පුහුණුකරුවෙකුත් සමඟිනුයි. සත්සර කළුගම්පිටිය මෙවර කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩා කරන අතර වසර 8කට පසුව විද්‍යාර්ථ කණ්ඩායමක් A කාණ්ඩයේ මෙහෙයවීමේ භාග්‍යය ඔහුට හිමිව තිබෙනවා. 

භයානක three-quarter ක්‍රීඩකයෙකු වන ඔහු නිමා වුණු තරග වාරයේ දී සුපිරි දස්කම් දක්වන්නට සමත් වුණු අතර ෆුල් බැක් හා Wing ස්ථානවලත් ඔහුට ක්‍රීඩා කරන්නට හැකි වීම ඔහුගේ දක්ෂතාවය මනාව පෙන්නුම් කරනවා. 

සිය වේගයෙන් හා ශක්තියෙක් ප්‍රතිවාදීන් සුනුවිසුනු කරන ඔහු මෙවර කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක්. වසර තුනක අත්දැකීම් සමඟ කණ්ඩායමට එකතු වන ඔහුගේ සේවය මේ තරගාවලියේ දී කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් පසුගිය වසරේ කණ්ඩායමෙන් නික්ම යෑම නිසා මෙවර සත්සරට හිමිව ඇත්තේ යොවුන් කණ්ඩායමක්. ෆ්ලෑන්කර් ස්ථානයේ ක්‍රීඩා කරනා ධනුෂ්ක නලින් කණ්ඩායමේ ප්‍රධානතම බලාපොරොත්තුවක්. 

Line Out අවස්ථාවල දී පන්දුව උදුරා ගැනීමට උපන් හපන්කම් ඇති ඔහු කණ්ඩායමේ ඉදිරිපෙළ සිට සිය නායකයාට උපරිම සහය ලබා දෙනු ඇත. ප්‍රතිවාදීන්ගෙන් පන්දුව උදුරා ගැනීමට ද ඔහුට ඇති දක්ෂතාව නිසාම ඔහු කණ්ඩායමේ ප්‍රධානතම වගකීම් දරන්නෙක් වනු ඇත.

ෆ්ලෑන්කර් ස්ථානයට උරුම සිය උස තමන්ගේ වාසියට මානව යොදා ගන්නා ක්‍රීඩකයෙකු ලෙස සැලකිය හැකි කල්හාර ජයවර්ධන, මෙවර කණ්ඩායමේ තවත් ප්‍රධානතම ක්‍රීඩකයෙක්. පසුගිය තරග වාරයේ දී කණ්ඩායමෙන් නික්මුණු ක්‍රීඩකයින්ගේ හිස්තැන මකමින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වීම ඔහුට ලැබෙන ප්‍රධානතම අභියෝගයයි. 

හුකර් ස්ථානයේ ක්‍රීඩා කරන රුක්ෂාන් වීරසිංහ මත ද මෙවර කණ්ඩායමේ වගකීම් රැසක් පැවරෙනු ඇත. වසර දෙකක අත්දැකීම් සමඟින් කණ්ඩායමට එක්වන ඔහු කණ්ඩායමේ ඉදිරිපෙළ සවිමත් කිරීමේ ප්‍රධානතම සාධකයයි. කණ්ඩායමේ උපනායක ලෙස ද කටයුතු කරන රුක්ෂාන්, පසුපෙළ ක්‍රීඩා කරන නායක සත්සර හට පන්දුව දිනා දීමට සිය උපරිම උත්සාහක දරනු ඇත.

පසුගිය වසරේ පුහුණුකරු ලෙස කටයුතු කළ සුමේධ මාලේවන මහතා කණ්ඩායමෙන් නික්ම යාමෙන් අනතුරුව මෙවර කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ධනුෂ්ක පුෂ්පකුමාර මහතායි. 

වෙස්ලි කණ්ඩායම විද්‍යාර්ථය සාදරයෙන් A කාණ්ඩයට පිළිගනියි

ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අද…..

ඔහු පසුගිය වසරේ ද කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කළ නිසා ඔහු හා කණ්ඩායම අතර ඉතා හොඳ සබඳතාවයක් තිබීම කණ්ඩායමට අමතර වාසියක්. හිටපු මහනුවර, CR&FC මෙන්ම ජාතික රග්බි ක්‍රීඩකයෙක් ද වන ඔහුගේ අත්දැකීම් ද කණ්ඩායමට ඉතා වැදගත් වනු නොඅනුමානය. 

විද්‍යාර්ථ විද්‍යාලයේ පළමු වටයේ තරග සැලැස්ම දිස්වන්නේ මෙලෙසින්.

  • මාර්තු 6, 2020 – වෙස්ලි විද්‍යාලය හා විද්‍යාර්ථ විද්‍යාලය – ලොන්ග්ඩන් ප්ලේස් ක්‍රීඩාංගණය
  • මාර්තු 14, 2020 – විද්‍යාර්ථ විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය – නිත්තවෙල
  • මාර්තු 22, 2020 – විද්‍යාර්ථ විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය – නිත්තවෙල
  • මාර්තු 30, 2020 – විද්‍යාර්ථ විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය – නිත්තවෙල
  • අප්‍රේල් 4, 2020 – විද්‍යා විද්‍යාලය හා විද්‍යාර්ථ විද්‍යාලය – විද්‍යා විද්‍යාල ක්‍රීඩාංගණය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <