බස්නාහිරට නැවතත් ශූරතාව; උෂාන් සහ සුගන්ධිට දක්ෂතා කිරුළු

649

විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලැබූ 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී අද (27) නිමාව දුටුවේ බස්නාහිර පළාත එහි සමස්ත ශූරතාව දිනා ගනිමිනි. 

4x100m සහය දිවීමේ ශූරතා බස්නාහිරට සහ සබරගමුවට

විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය..

දින 3ක් පුරාවට පැවති තරගාවලියේ අවසන් අදියරේ තරග අද සවස් වරුවේ දී නිමාවට පත්වීමත් සමඟ මුළු තරගාවලියේම සමාප්තිය සනිටුහන් වූ අතර එහි සමාප්ති උළෙල සහ සම්මාන ප්‍රදානෝත්සවය ගරු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවෙන් බිහි වූ ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තික ජයසිංහ ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ. 

රන් පදක්කම් 99ක්, රිදී පදක්කම් 78ක් සහ ලෝකඩ පදක්කම් 81ක් සමඟින් බස්නාහිර පළාත තරගාවලියේ සමස්ත ශූරතාවට හිමි ජනාධිපති කුසලානය දිනා ගැනීමට සමත් වූ අතර ඒ අනුව තරගාවලිය පවත්වනු ලැබූ වසර 45 පුරාවට එක් වසරක දී දකුණු පළාත දිනා ගත් සමස්ත ශූරතාව හැරුණු කොට අනෙක් සෑම වසරක දී ම මෙහි ශූරතාව දිනා ගැනීමට සමත් වී ඇත්තේ බස්නාහිර පළාත යි. 

මෙහි සමස්ත අනුශූරතාව රන් පදක්කම් 51ක්, රිදී පදක්කම් 38ක් සහ ලෝකඩ පදක්කම් 60ක් දිනා ගත් මධ්‍යම පළාත විසින් දිනා ගනු ලැබූ අතර තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වූයේ රන් පදක්කම් 32ක්, රිදී පදක්කම් 33ක් සහ ලෝකඩ පදක්කම් 44ක් දිනා ගත් වයඹ පළාත යි. 

තරගාවලියේ සමස්ත ශූරතාවය දිනාගත් බස්නාහිර පළාත් කණ්ඩායම

තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි පිරිනැමෙන සම්මානය දිනා ගනු ලැබුවේ පිරිමි උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගත් බස්නාහිර පළාතේ උෂාන් තිවංක පෙරේරා විසිනි. ඔහු එහි දී වාර්තා කරගත් මීටර 2.12ක දක්‍ෂතාවය සඳහා හිමි වූ තිබූ ‘IAAF’ ලකුණු ප්‍රමාණය 1019කි. ඔහු දැක්වූ මෙම දක්‍ෂතාවය ඔහු තණකොළ සහිත ක්‍රීඩා පිටියක් මත වාර්තා කර ගත් ඔහුගේ පෞද්ගලික හොඳම දක්‍ෂතාවය ලෙස ද සටහන් විය. 

දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් උෂාන් තිවංක

තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ මීටර 100 කාන්තා කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දී තත්පර 13.90ක දක්‍ෂතාවයක් දක්වමින් එහි රන් පදක්කම දිනා ගත් බස්නාහිර පළාතේ ලක්‍ෂිකා සුගන්ධි විසිනි. 

එම දක්ෂතාවය සඳහා ඇයට හිමි වූ තිබූ ‘IAAF’ ලකුණු ප්‍රමාණය 1031ක් වන අතර මෙය ද ඇය තණකොළ ධාවන පථයක් මත ලබා ගත් ඇගේ පෞද්ගලික හොඳම කාලය ලෙස වාර්තා විය. 

ඊට අමතරව ඇය මෙම තරගාවලියේ මීටර 100 කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම ද, 4x100m කාන්තා සහය දිවීමේ ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත් කණ්ඩායමේ සාමාජිකාවක වීම හේතුවෙන් එහි රන් පදක්කම ද දිනා ගැනීමට සමත් විය. 

ජාතික මහා ක්‍රීඩා උළෙල මඟහැරි ක්‍රීඩකයින්ට වැඩ වරදී

මේ වන විට පැවැත්වෙන 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල සඳහා නාම යෝජනා ලබා දී ඒ සඳහා සහභාගී..

අද දිනයේ පැවැත්වුණු තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා තේරීමේ මීටර 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ දකුණු පළාතේ සුරේෂ් වික්‍රමසිංහ විසිනි. ඔහු එහි දී එම ඉසව්ව අවසන් කිරීම සඳහා ගත කළ කාලය තත්පර 10.85කි. ඊට අමතරව ඔහු මෙම තරගාවලියේ මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ද සමත් විය. 

තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත් ලක්‍ෂිකා සුගන්ධි

අනෙක් පසින් තරගාවලියේ වේගවත් ම ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලැබුවේ අද සවස පැවති මීටර 100 කාන්තා ධාවන ඉසව්වේ දී තත්පර 12.13ක දක්‍ෂතාවයක් වාර්තා කරගනිමින් එහි රන් පදක්කම දිනා ගත් මධ්‍යම පළාත නියෝජනය කරමින් තරගාවලියට එක්වූ අමාෂා ද සිල්වා විසිනි. 

ඇය තවදුරටත් මීටර 200 ධාවන ඉසව්වේ රන් පදක්කමත්, ඊයේ පැවති 4x100m කාන්තා සහය දිවීමේ ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගත් මධ්‍යම පළාත් කණ්ඩායමේ සාමාජිකාවක් වීම හරහා එහි ලෝකඩ පදක්කමත් දිනා ගනු ලැබීය. 

ඒ අනුව ඔවුන් දෙදෙනාටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය යටතේ මෝටර් රථය බැගින් ද තිළිණ කරනු ලැබීය.

ඊට අමතරව තරගාවලියේ අවසන් අදියර පුරාවට කැපී පෙනෙන දක්ෂතා දැක්වූ තවත් ක්‍රීඩිකාවක් වූයේ මධ්‍යම පළාත නියෝජනය කරමින් තරගාවලියට එක්වූ දිල්ෂි කුමාරසිංහ ය. ඇය අද පැවති මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ ඩී තත්පර 55.61ක කාලයක් වාර්තා කරගනිමින් එහි රන් පදක්කමත්, මීටර 800 ධාවන ඉසව්වේ රන් පදක්කමත් තමන් සතුකර ගැනීමට සමත් විය.

එමෙන්ම කාන්තා මීටර 5000 මෙන්ම අද පැවති මීටර 10000 දිගු දුර ධාවන ඉසව්වේ ද රන් පදක්කම මිනිත්තු 36:21.9ක කාලයක් වාර්තා කරමින් ජයග්‍රහණය කළ නැගෙනහිර පළාතේ එන්. එම්. නන්දසේන ද මෙම තරගාවලිය තුළ රන් පදක්කම් ද්විත්වයක් තමන් සතුකර ගනිමින් ඉහළ දක්ෂතා අතරට පැමිණෙන්නට සමත් විය. 

සුගන්ධි අභිබවා අංජනි රන් දිනයි; RMSගෙන් ජාතික ශූරයාට අභියෝගයක්!

විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය….

කෙසේ නමුත් තරගාවලියේ දින 3 පුරාවටම කිසිදු නව තරගාවලි වාර්තාවක් හෝ ජාතික වාර්තාවක් බිහිවීමක් සිදු වූයේ නැත. ජාතික තලයේ ප්‍රබල මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මේ වන විට චීනයේ පැවැත්වෙන ලෝක ආරක්ෂක සේවා මලල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සිටීම නිසාත්, එළඹෙන දෙසැම්බර් මස 01 වන දින ආරම්භ වන දකුණු ආසියානු උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ආබාධ ඇතිවීමට ඇති ඉඩකඩ නිසාත්, දිවයිනේ ප්‍රමුඛ පෙළේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20කට ආසන්න ප්‍රමාණයක් මෙවර තරගාවලිය සඳහා එක්නොවීමත්, පසුගිය දින කිහිපය පුරාවට ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ක්‍රීඩා පිටිය සහ ධාවන පථය දැඩි තෙත බරිත මැද සහිත ස්වභාවයක් ගැනීමත් ඒ සඳහා ඉවහල් විය. 

විශේෂයෙන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දින 3 පුරාවටම සිය ඉසව් අවසානයේ පිටියේ හා ධාවන පථයේ තත්වය පිළිබඳ සිය අප්‍රසාදය පළකර සිටිද්දී, තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකගේ අදහස වූයේ ක්‍රීඩාංගණය මෙම තත්වයට ගෙන ඒමට ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලය සහ අදාළ නිලධාරීන් ගත උත්සාහය ඇගයුම් සහගත බවයි.

මේ සිදුවීම් සියල්ලත් සමඟ මෙවර පැවති ජාතික මහා ක්‍රීඩා උළෙල තරමක් මතභේදාත්මකත් ස්වරූපයක් ගනු ලැබුවත් සැලකිය යුතු මට්ටමේ ඉහල ජනකායක් තරග ඉසව් නැරඹීම සඳහා ක්‍රීඩාංගණය වෙත පැමිණීම සුභවාදී කාරණයක් ලෙස පෙන්වා දිය හැක. 

සමස්ත පදක්කම් සටහන

ස්ථානය පළාත රන් රිදී ලෝකඩ
01 බස්නාහිර 99 78 81
02 මධ්‍යම 51 38 60
03 වයඹ 32 33 44
04 දකුණ 29 31 45
05 සබරගමුව 19 30 38
06 උතුරු මැද 17 20 41
07 ඌව 11 23 29
08 නැගෙනහිර 08 06 09
09 උතුර 03 09 10

 

Final Results Table of the National Sports Festival 2019

Event Mens Womens
100m Sumesh Wickramasinghe (10.85sec) Amasha De Silva (12.13sec)
200m Sumesh Wickramasinghe (21.89sec) Amasha De Silva (25.00sec)
400m Lakmal Gunarathne (48.00sec) Dilshi Kumarasinghe (55.61)
800m Rusiru Chathuranga (1:53.34min) Dilshi Kumarasinghe (2:10.26min)
1500m Rusiru Chathuranga (3:57.88min) Champika Dilrukshi (4:33.87min)
5000m Sagara Wickramasinghe (15:09.61min) N M Nandasena (17:40.17min)
10000m R M S Pushpakumara (31:25.56min) Nimesha Nandasena (36:21.09min)
110m Hurdles Roshan Ranathunga (14.45sec)
100m Hurdles Lakshika Sugandi (13.90sec)
400m Hurdles Asanka Rathnasena (54.05sec) Shyama Dulani (01:02.02min)
4x100m  Sabaragamuwa Province (41.77sec) Western Province (48.41sec)
4x400m Western Province (3:19.96min) North Western Province (3:54.47min)
High Jump Ushan Thiwanka (2.12m) Dulanjalee Ranasinghe (1.67m)
Long Jump H G Sampath (7.34m) Anjani Pulwansa
Triple Jump Safreen Ahamed (15.42m) Hashini Balasooriya (12.62m)
Hammer Throw Sisira Kumara (47.57m) Manoji Amarasinghe (44.85sec)
Discuss Throw Z T M Aasik (43.59m) Ishara Madurangi (40.88m)
Javelin Throw Sampath Ranasinghe (72.03m) Dilhani Lekamge (46.65m)
Shot Putt Samith Fernando (15.44m) Nadeeka Muthunayake (12.91m)
Pole Vault Eranga Janith (4.50m) Anitha Jegatheeswaran (3.30m)

 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<