පුලතිසි පථයේ විනොජ් හා රුමේෂිකා වැඩ පෙන්වයි

445

බස්නාහිර පළාතට සමස්ත ශූරතාවය උරුම වෙමින් 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අද (14) පුලතිසිපුරයේ දී නිමාවට පත්විය. සමාප්ති උළෙල වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ගරු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් එක්වී සිටියහ.

වැස්සට සේදුණු දෙවැනි දිනයේ ආරම්භක රන් පදක්කම නිමාලිට

44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන දිනය අද (13) ක්‍රියාත්මක වූ අතර දිනයේ උදෑසන තරග සාර්ථකව ක්‍රියාත්මක වුවද, සවස් කාලයේ පැවති තරග වර්ෂාව හේතුවෙන් අත්හැර…

මස 6ක් පුරාවට අදියර 4ක් යටතේ ඉසව් 34කින් සමන්විත ජාතික ක්‍රීඩා උළෙලේ සමස්ත පදක්කම් සටහනේ පදක්කම් 101ක් ලබා ගනිමින් ශූරතාවය දිනා ගන්නට බස්නාහිර පළාත සමත් වූ අතර තරගාවලියේ අනුශූරතාවය රන් පදක්කම් 46ක් ලබා ගත් මධ්‍යම පළාතට හිමි විය.

දිනයේ ආරම්භක ඉසව් අතරින් කාන්තා මිටිය විසිකිරීමේ ඉසව්ව වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනා ගන්නට සමත් විය. මෙම ඉසව්වේ රන් පදක්කම මීටර් 46.82ක දක්ෂතාවයක් වාර්තා කළ ඌව පළාතේ ඒ. මධුවන්ති විසින් දිනා ගත්තාය. එම ඉසව්වේ රිදී පදක්කම මීටර් 43.27ක දක්ෂතාවයක් වාර්තා කළ අරුණි ලක්ෂිකා විසින් දිනා ගත් අතර ඉසව්වේ ලෝකඩ පදක්කම මීටර් 41.24ක දක්ෂතාවයක් වාර්තා කළ එම්. අමරසිංහ දිනා ගත්තා ය.

කාන්තා උස පැනීමේ ඉසව්වේ දී වයඹ පළාත නියෝජනය කරමින් තරග කළ මුදිතා මධුශානි මීටර් 1.67ක දක්ෂතාවයක් වාර්තා කරමින් ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර මීටර් 1.64ක දක්ෂතාවයක් වාර්තා කළ ශානිකා පෙරේරා ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තාය. මීටර් 1.61ක දක්ෂතාවයක් වාර්තා කළ වයි. දිනුෂිකාට ලෝකඩ පදක්කම හිමි විය.

කාන්තා හා පිරිමි  මීටර් 100*4 සහය දිවීමේ ඉසව් අතරින් කාන්තා ඉසව්ව ප්‍රථමයෙන් ක්‍රියාත්මක විය. ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ නම් දරා සිටින ක්‍රීඩිකාවන් බොහොමයක් මෙම ඉසව්ව වෙනුවෙන් සහභාගී වීම විශේෂත්වයකි.

කාන්තා තරගය ආරම්භයේ සිටම මැනවින් තරගය වෙත අවතීර්ණ වන්නට දකුණු පළාත හා බස්නාහිර පළාත් ක්‍රීඩිකාවෝ සමත් වූහ. වර්තමාන පාසල් පිටියේ දිදුලන කෙටිදුර ක්‍රීඩිකාවක් වූ චෙල්සි මෙලනිගේ ශක්තිමත් ආරම්භයෙන් පසු දෙවන හා තෙවන යෂ්ටි හුවමාරු කලාප අතර බස්නාහිර හා දකුණ ක්‍රීඩිකාවන් අතර දැවැන්ත තරගයක් නිර්මාණය විය. අවසන් යෂ්ටි හුවමාරුවේ දී බස්නාහිර පළාත වෙනුවෙන් දකුණු ආසියානු සහය දිවීමේ රන් පදක්කම් ලාභී සුගන්ධි විසින් යෂ්ටිය ලබා ගත් අතර දකුණු පළාත වෙනුවෙන් මීටර් 400 කෙටිදුර ශූරියක් ලෙස නම් දර සිටින නදීෂා විසින් යෂ්ටිය ලබා ගත්තාය.

අවසන් මීටර් 50 වනතෙක්ම ඇඟ කිලිපොළා යන තියුණු තරගයක් ක්‍රියාත්මක වූ අතර ඉසව්වේ රන් පදක්කම ප්‍රබල දකුණු පළාත විසින් දිනා ගත්තේ තත්පර 48.50ක කාලයක් වාර්තා කරමිනි. තත්පර 48.64ක කාලයක් වාර්තා කළ ප්‍රබල බස්නාහිර පළාතට ඉසව්වේ රිදී පදක්කම හිමි විය. ඉසව්වේ ලෝකඩ පදක්කම තත්පර 50.02 කාලයක් වාර්තා කළ මධ්‍යම පළාත විසින් දිනා ගත්තේය.

පිරිමි මීටර් 100*4 සහය දිවීමේ ඉසව්ව ද ඉතා උණුසුම් වූ අතර තරගයේ අවසන් යෂ්ටි හුවමාරු කලාප දෙකේ දී ප්‍රබල දකුණු පළාත් ක්‍රීඩකයෝ රන් පදක්කම සොරා ගත්තේ වසර 4කින් නොලැබුණු අභිමානය දකුණු පුරවරයට නැවත රැගෙන යමිනි.  එහි දී දකුණු පළාත් කණ්ඩායම තත්පර 41.50ක කාලයක් වාර්තා කළ අතර ඉසව්වේ දෙවන තැන අරුණ දර්ශන නියෝජනය කළ නැගෙනහිර පළාත විසින් දිනා ගත්තේ තත්පර 42.11ක කාලයක් වාර්තා කරමිනි. තෙවන තැන තත්පර 42.32ක කාලයක් වාර්තා කළ සබරගමුව පළාතට හිමි විය.

කාන්තා හා පිරිමි මීටර් 400 ඉසව් ඉන් අනතුරුව පිටියේ ක්‍රියාත්මක විය. ඉන් කාන්තා මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගන්නට නදීෂා රාමනායක සමත් විය. ඒ තත්පර 55.42ක දක්ෂතාවයක් වාර්තා කරමිනි. ඉසව්වේ රිදී පදක්කම තත්පර 55.59ක කාලයක් වාර්තා කළ උපමාලිකා රත්නකුමාරි දිනා ගත් අතර ලෝකඩ පදක්කම තත්පර 55.72ක දක්ෂතාවයක් වාර්තා කළ නිමාලි ලියනාරච්චි විසින් දිනා ගත්තා ය.

පිරිමි මීටර් 400 ඉසව්වෙහි රන් පදක්කම දිනා ගන්නට වර්තමාන ජාතික ශූර අරුණ දර්ශනට ක්‍රීඩකයා සමත් විය. එහි දී ඔහු තත්පර 48.12ක කාලයක් වාර්තා කළ අතර ඉසව්වේ රිදී හා ලෝකඩ පදක්කම් පිළිවෙළින් තත්පර 48.42ක කාලයක් වාර්තා කළ එම්. සිල්වා හා තත්පර 48.56ක කාලයක් වාර්තා කළ පී. ගුණරත්න විසින් දිනා ගත්තේය.

ඉන්පසු පිටියේ ක්‍රියාත්මක වූයේ වසරේ වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරා බලන  මීටර් 100 ඉසව්වයි. ඒ අනුව වසරේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස රුමේෂිකා රත්නායක රන් පදක්කමින් පිදුම් ලැබීය. ඇය වාර්තා කළ කාලය තත්පර 11.94කි.

ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් තත්පර 12.37ක කාලයක් වාර්තා කළ ලක්ෂිකා සුගන්ධි ක්‍රීඩිකාව හා තත්පර 12.49ක කාලයක් වාර්තා කළ යූ. මධුෂානි විසින් දිනා ගත්තාය.

එක් තරගාවලි වාර්තාවක් වයඹ දිනා ගනිද්දී මංජුල කීර්තිය රැක ගනියි

පුලතිසි පුරවරයේ දී පැවැත්වෙන 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු දිනය අද (12) ක්‍රියාත්මක විය. උළෙලේ පළමු දිනය අවසන් වන්නටත් මත්තෙන් එක් තරග වාර්තාවක් බිහිවීම කැපී පෙනේ.

මීටර් 100 පිරිමි ඉසව්වෙහි රන් පදක්කම තත්පර 10.73කින් ඉසව්ව අවසන් කළ විනොජ් සුරන්ජය විසින් දිනා ගත් අතර ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් දිනා ගන්නට තත්පර 11.01කින් ඉසව්ව අවසන් කළ එස්. එම්. සෆාන් හා තත්පර 11.06කින් අවසන් කළ ෆාසිල් උදයර් සමත් විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වයඹ පළාතේ හෂිනි ප්‍රබෝදා සම්මාන ලැබූ අතර දක්ෂතම ක්‍රීඩකයා ලෙස දකුණු පළාතේ මංජුල කුමාර සම්මාන ලැබීය.

තරගාවලියේ සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ රන් පදක්කම් 101ක් රිදී පදක්කම් 86ක් සමඟින් ලෝකඩ පදක්කම් 76ක් දිනා ගත් බස්නාහිර පළාත දිනා ගත්තේය.

නැවතත් මෙවැනි මලල ක්‍රීඩා තරගාවලියක දී ඔබව හමුවීමට අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<