COVID-19 එසේත් නොමැති නම් කොරෝනා වසංගතය නිසාවෙන් මුළු මහත් ලෝක වාසීන් මහත් පීඩාවකට පත්ව ඇත. චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් ආරම්භ වෙමින් ලොව පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිර ගිය මෙම වසංගත තත්වය නිසාවෙන් සෑම රටකටම පාහේ සෞඛ්‍ය ගැටළු මෙන්ම විශාල ආර්ථික පරිහානියකට පවා මුහුණ දීමට සිදුව ඇත.
මෙම වෛරසය පිළිබඳව දැනගැනීමෙන් පසුද වසරකට ආසන්න කාලයක් ගතව තිබූ නමුත් මේ දක්වා එයට කිසිඳු නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගැනීමට කිසිවෙකුත් සමත් වී නොමැත. මාස ගණනාවක් නතර වී තිබූ ලෝකයේ කටයුතු නව සීමාවන් යටතේ සිදුකිරීමට මෙම වසංගත තත්වය නිසාවෙන් සිදුව ඇත.
ලොව අනෙකුත් ක්‍රියාකාරකම් වලට මෙන්ම මෙම වසංගත තත්වය ක්‍රීඩා අංශයට ද මහත් බලපෑමක් එල්ල කළ අතර මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ විශාලතම ක්‍රීඩා සැණකෙළිය වූ 32 වන ගිම්හාන ඔලිම්පික් උළෙල ඇතුළු ක්‍රීඩා තරගාවලීන් රැසක් අවලංගු කිරීමට හෝ කල් දැමීමට මෙම වසංගතය තත්වය නිසාවෙන් සිදුවුනි.
මෙම වසංගත තත්වය නිසාවෙන් පසුගිය මාර්තු මාසයේ සිට මෙරටට ද බලපෑමක් එල්ල වූ අතර මාස කිහිපයක් රට වසා තැබීමෙන් අනතුරුව සෞඛ්‍ය අංශය ඇතුළු කොරෝනා වෛරසය මැඩලීම වෙනුවෙන් කැපවුනු සියල්ලන් නිසාවෙන් මැයි මස සිට මෙරට තත්වය කෙමෙන් යථා තත්වයට පත්ව තිබුනි.
එම තත්වය යහපත් වීමත් සමඟ මාස කිහිපයක් මුළුල්ලේ අඩපණව තිබූ මෙරට ක්‍රීඩා කටයුතු නැවත ආරම්භ කිරීමට ද කටයුතු සිදුකරමින් පැවති අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු ද නැවත ආරම්භ කරමින් දේශීය ක්‍රිකට් පිටියේ තරගාවලින් කිහිපයක්ම පැවැත්වීමට කටයුතු කළේය.
එම තරගයන්ට අමතරව ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමී ඉසව් නැවත ආරම්භ කිරීමට කටයුතු කළ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් පසුගිය අගෝස්තු මසදී සභාපති කුසලාන පාපන්දු තරගාවලිය ප්‍රේක්ෂක සහභාගීත්වය ද සහිතව ඉතා සාර්ථක ලෙස පවත්වා නිම කරන ලදි.
එම ක්‍රීඩා කටයුතු ආරම්භයෙන් පසුව ජාතික යොවුන් ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන දිස්ත්‍රික් සහ පළාත් තරග ද පැවැත්වීමට කටයුතු සිදුකර තිබූ අතර ඩයලොග් අත්පන්දු තරගාවලිය, ජාතික වෙරළ ක්‍රීඩා තරගාවලිය වැනි ඉතා ප්‍රමුඛ පෙලෙහි තරගාවලින් රැසක් පසුගිය මාස කිහිපයේ දී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයන් අනුගමනය කරමින් සාර්ථකව නිම කරන ලදි.
එලෙස ක්‍රීඩා කටයුතු ආරම්භ කරමින් සාර්ථකව කටයුතු සිදුකරමින් තිබුනත් මේ දිනවල නැවතත් මෙරට ඇතිවී තිබෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නිසාවෙන් නැවතත් ක්‍රීඩා පිටිය නැවතත් නවතා දැමීමේ අවදානමකට ලක්ව ඇත.
කොරෝනා නැවතත් හිස එසවීම
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළෙහි ව්‍යාපාරයක් වන බ්‍රැන්ඩික්ස් ආයතනයේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ සේවය කළ කාන්තාවක් කොරෝනා වෛරස ආසාදිතයෙකු බව ගම්පහ රෝහලේ සිදුකළ පරීක්ෂණයේ දී තහවුරු වීම නිසාවෙන් මෙරට සමාජය තුළ නැවතත් කොරෝනා වසංගතය පැතිර යාමේ අවධානමකට පත්විය.
එම කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වීම පිළිබඳව ගැටළුකාරී තත්වයක් නිර්මාණය වූ අතර එයින් පසු ඇය සේවය කළ කර්මාන්තශාලාවේ සේවකයන් 1000කට අධික පිරිසක් සහ ඔවුන්ගේ ආශ්‍රිත ආසාදිතයින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම සොයාගැනීම නිසාවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකටම නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වීමට රජය තීරණය කළේය.
මීට අමතරව නැවතත් මෙලෙස කොරෝනා වසංගත තත්වය ව්‍යාප්ත වීම තුළ මහජනයා ඒකරාශී වන කටයුතු නතර කරන ලෙස රජය විසින් උපදෙස් ලබාදී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මහජනයා පසුගිය ජුනි මස සිට සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් මෙරට පැවති සහ පැවත්වීමට නියමිත ක්‍රීඩා තරග රැසක් නැවත වරක් දින නියමයකින් තොරව කල් දැමීමට කටයුතු කර ඇත.
ක්‍රිකට්
- අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ තරගාවලිය

එසේ නමුත් පසුගිය ඉරිදා (04) දින සිට නැවත් වරක් ඇති වූ කොරෝනා වසංගත තත්වය නිසාවෙන් නැවත දැනුම්දෙන තුරු තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමීමට එහි සංවිධායකයින් තීරණය කරන ලදි.
- ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති එක්දින තරගාවලිය

කෙසේ නමුත් නැවත වරක් මතු වූ මෙම කොරෝනා වසංගත අවදානම නිසාවෙන් සෞඛ්‍ය අංශයේ උපදෙස් පිළිපදිමින් මෙම තරගාවලිය ද දින නියමයකින් තොරව කල් දැමීමට එහි සංවිධායකයින් තීරණය කරන ලදි.
- Lanka Premier League

එනමුත් කොරෝනා වසංගත ව්‍යාප්තියේ වැඩි වීමත් සමඟ පසුගිය 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මෙම ක්‍රීඩක වෙන්දේසිය මෙම මස 19 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළ අතර එය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට සූදානම් බව එම නිවේදනයේ සඳහන් විය.
ජාතික මහා ක්‍රීඩා උළෙල සහ යොවුන් ක්‍රීඩා උළෙල

ඒ අනුව එයට සමගාමී මැරතන් තරග, තරග ඇවිදීම සහ බයිසිකල් ධාවන තරග ඇතුළු ඉසව් රැසක් මෙම සති අන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එක්වරම ඇති වූ කොරෝනා වසංගතයේ නැවත ව්‍යාප්තියත් සමඟ එම තරග ඇතුළු ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමී තරග සියල්ල දින නියමයකින් තොරව කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කරන ලදි.
ඊට අමතරව මේ දිනවල පැවැත්වෙමින් තිබූ ජාතික යොවුන් ක්‍රීඩා උළෙලට සමගාමී දිස්ත්‍රික් සහ පළාත් තරගයන් සියල්ල ද පවතින තත්වය යටතේ දින නියමයකින් තොරව කල් දැමීමට සංවිධායකයින් තීරණය කරන ලදි.
මලල ක්‍රීඩා තේරීම් තරග

එසේ නමුත් නැවත වරක් ඇති වූ කොරෝනා වසංගත අවදානම නිසාවෙන් එම තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කළ අතර අදාළ දින වලදී ජාතික සංචිතයේ, සුපිරි ක්‍රීඩක සංචිතයේ සහ තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් කාල ගණන තරගාවලියක් පැවැත්වීමට නියමිත බව මලල ක්‍රීඩා සංගමය නිවේදනය කරන ලදි.
මෙලෙස බොහෝ තරගාවලීන් කල් යාම සහ අවලංගු වීමත්, මෙම කාල ගණන තරගාවලිය සඳහා තෝරාගත් ක්‍රීඩක කණ්ඩායමකට පමණක් විවෘත වීමත් මත එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව ඇති ජාතික මලල ක්‍රීඩා ශූරතාවය ද තෝරාගත් ක්‍රීඩකයන්ට පමණක් තරග වැදීමට ඉඩ ලැබේදැයි සැකයක් පවතින බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
තවත් විශේෂාංග ලිපි කියවන්න:
- පරාජයෙන් ගෞරවය ලැබූ දිගුදුර ශූරිය
- පොඩි වයසෙන් ලොකු හපන්කම් පෙන්නපු ශෙලින්ඩා
- ඔලිම්පික් ඉතිහාසය වෙනස් කළ සුපිරි දිගුදුර ධාවකයා
- දෛවයට අභියෝග කළ ඇමරිකානු කෙටි දුර ශූරිය
- දේශයන් පරයමින් තනිව ඔලිම්පික් පදක්කම් දිනූ විශිෂ්ටයන්
දැල්පන්දු

මීට අමතරව එළඹෙන සතියේ බදුල්ල සහ මොණරාගල කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබූ දැල්පන්දු පුහුණුකරුවන්ගේ සම්මන්ත්‍රණ මාලාව ද කොරෝනා වසංගත අවදානම නිසාවෙන් අවලංගු කිරීමට තීරණය කර ඇත.
රග්බි

කොරෝනා අවදානම තරමක් තුරන් වී යාමත් සමඟ නවතා දැමුනු පාසල් රග්බි තරගාවලිය අ. පො. ස. උසස් පෙළ විභාගයෙන් පසුව හෝ පැවැත්වීමට සූදානමක් පිළිබඳව වරින් වර හෙළිවූවත් නැවතත් මතුව ඇති කොරෝනා වසංගත අවදානම නිසාවෙන් බොහෝ විට මෙම වසර තුළදී රග්බි තරගාවලිය පැවැත්වීමට ඉඩ නොලැබෙනු ඇත.
කරාටේ

එයට අමතරව ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ජාතික කනිෂ්ට කරාටේ ශූරතාවය ද පවතින තත්වය සැලකිල්ලට ගනිමින් දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා කරාටේ සම්මේලනය තීරණය කර ඇත.
ඒ අනුව නැවත වරක් ඇති වූ කොරෝනා වසංගත අවදානම නිසාවෙන් දේශීය ක්‍රීඩා පිටිය නැවත වරක් අඩපණ වෙමින් පවතින අයුරු දක්නට ලැබෙන අතර මෙම තත්වය තවත් සති කිහිපයක් පැවතියහොත් මෙම වසර පුරාවටම මෙම තරගයන් නොපැවැත්වීමට සිදුවේදැයි සියල්ලන්ගෙහිම සිතට ප්‍රශ්නාර්තයක් එක්වෙමින් පවතියි.
Mohammed Rishad විසින් රචිත දමිල විශේෂාංග ලිපිය ඇසුරෙනි.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<





















