ඉන්දීය ක්‍රීඩකයින්ට නීති දැඩි වෙයි!

42
Policy document update for indian cricketer

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පනවා ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ යාවත්කාලීන කිරීමක් සිදු කර තිබෙනවා.

මේ අනුව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් තම දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීම පිළිබඳ, විදෙස් සංචාරවලට සහභාගී වීමේ දී අනුගමනය කළ යුතු නීති මොනවාද යන්න වැනි අංශ රැසක් ආවරණය කිරීමට මෙම නව යාවත්කාලීන කිරීමෙන් පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

මෙහි දී ඉන්දීය ක්‍රීඩකයින්ට දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීම අනිවාර්යය කර ඇති අතර, ජාතික කණ්ඩායම වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමට එය අත්‍යාවශ්‍ය කාරණයක් වී තිබෙනවා.

එමෙන්ම විදෙස් සංචාර සඳහා සහභාගී වීමේ දී අනිවාර්යයෙන් ම කණ්ඩායම් සාමාජිකයින් සියල්ල එකට එක් ව සංචාරය කිරීම මෙන්ම, සංචාරය නිමා වන තෙක් කණ්ඩායම සමඟ රැඳී සිටීම ද අනිවාර්යය කර තිබෙනවා.

එමෙන්ම දීර්ඝ තරග සංචාරවල දී තම පවුලේ සාමාජිකයින් එරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් ද වෙනත් නීති මාලවක් සකස් කර තිබෙන අතර, BCCI අනුමැතිය පරිදි ඔවුන්ට කටයුතු කිරීමට සිදු වනවා.

විදෙස් සහ දේශීය තරග සංචාර වෙනුවෙන් රැගෙන යා හැකි ගමන් මළු පිළිබඳ මෙන්ම, විදෙස් සංචාර සඳහා තම පෞද්ගලික කාර්ය මණ්ඩල සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ද නීති මාලා සකස් වී තිබෙනවා.

මේ අතර ක්‍රීඩකයින්ට BCCI විසින් සංවිධානය කරන උත්සව, ක්‍රියාකාරකම් සහ ඡායාරූප ගැනීම් වැනි අවස්ථා සඳහා සම්බන්ධ වීම අනිවාර්යය කර ඇති අතර, ක්‍රීඩකයින්ට පුහුණුවීම් අවසන් වීමෙන් පසුව නියමිත කාලයට පෙර ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට ද බාධා පනවා තිබෙනවා.

නමුත් ඉහත සියලු කරුණු BCCi හි නිසි අවසරයක් සහිතව අවශ්‍යතාවයන් අනුව සකසා ගැනීමේ පහසුව ද ක්‍රීඩකයින් වෙත ලබා දී ඇති බව මෙහි දී අවධාරණය කරනවා.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<