ස්ලිම් ලයින් සහ ආරක්ෂක සේවා පෙරමුණේ

531
National Boxing championship 2016

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික බොක්සිං ශූරතාවලියේ කණ්ඩායම් අංශයේ තරඟ කිහිපයක් ඊයේත් (4) කොළඹ MAS රාජකීය බොක්සිං කවයේදී පැවැත්විණ. දිවයින පුරා විසිරී පැතිරී සිටින බොක්සිං සමාජ 25ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 51 දෙනෙකු තරඟාවලියට සහභාගී වේ. එහි අවසන් තරඟ අද (5) දිනට යෙදී ඇත.

පසුගිය ලිපි: මල්ලවපොර ශූරතා නාවික හමුදාවට, ගුවන් හමුදාවට සහ වලල A රත්නායක ක්‍රීඩා සමාජයට

දිවයිනේ ජනප්‍රිය බොක්සිං කණ්ඩායම් වන MAS, ස්ලිම්ලයින්, යුධ හමුදා, ගුවන් හමුදා, පොලිස් සහ නාවික හමුදා වැනි කණ්ඩායම් මෙන්ම විශ්ව විද්‍යාල සහ තවත් ක්‍රීඩා සමාජ රැසක් තරඟාවලියට එක්ව සිටියි. තරඟාවලිය බර පංති 20ක් යටතේ පැවැත්වේ.

ඊයේ දිනයේ පැවති තරඟවල ප්‍රතිඵල.

පිරිමි

  • කි.ග්‍රෑ. 52 ෆ්ලයි වෙයිට් – එම්. කරුණාසිංහට (පේරාදෙණිය) එරෙහිව ජය එම්. ප්‍රභාෂ්වරට (ස්ලිම් ලයින් “ඒ”).
  • කි.ග්‍රෑ. 52 ෆ්ලයි වෙයිට් – බී. මනරම්ට (ස්ලිම් ලයින් “බී”) එරෙහිව ජය එස්. බණ්ඩාරට (යුධ හමුදාව).
  • කි.ග්‍රෑ. 60 ලයිට් වෙයිට් – එන්. කුමාරට එරෙහිව ජය එස්. ජයවීරට (ස්ලිම් ලයින් “ඒ”).
  • කි.ග්‍රෑ. 60 ලයිට් වෙයිට් – එස්. භානුකට (ස්ලිම් ලයින් “බී”) එරෙහිව ජය විමුක්ති කුමාරට (ස්ලිම් ලයින් “ඒ”).
  • කි.ග්‍රෑ..69 වෙල්ටර් වෙයිට් – කේ. අතුකෝරාලට (ගුවන් හමුදාව) එරෙහිව ජය එස්. කුමාරසිංහට (නාවික හමුදාව).
  • කි.ග්‍රෑ. 69 වෙල්ටර් වෙයිට් – ඒ. ජයලත්ට (යුධ හමුදා “බී”) එරෙහිව ජය සී. මධුරංගට (යුධ හමුදා “ඒ”).
  • කි.ග්‍රෑ. 81 ලයිට් හෙවි වෙයිට් – එස්. තිලකරත්නට (ගුවන් හමුදාව) එරෙහිව ජය කේ. ගුණරත්නට (ස්ලිම් ලයින් “ඒ”).
  • කි.ග්‍රෑ. 81 ලයිට් හෙවි වෙයිට් – ආර්. සඳකැලුම්ට එරෙහිව ජය එස්. බණ්ඩාරට (යුධ හමුදා “ඒ”).
  • කි.ග්‍රෑ. 91+ සුපර් හෙවි වෙයිට් – එම්. මීගස්තැන්නට (ගුවන් හමුදාව) එරෙහිව ජය ඊ. තිලකරත්නට (යුධ හමුදාව).

කාන්තා

  • කි.ග්‍රෑ. 48 – කේ. වාසනාට (වි.විද්‍යාලය) එරෙහිව ජය එච්. වීරසිංහට (කැෂුවල් ලයින්).
  • කි.ග්‍රෑ. 48 – ජී. ද සිල්වාට (හෙළ ක්ලෝදින්) එරෙහිව ජය කේ.නිල්මිණිට.
  • කි.ග්‍රෑ. 54 – ආර්. දිල්හානිට (නාවික හමුදාව) එරෙහිව ජය එන්. පුෂ්පකුමාරිට.
  • කි.ග්‍රෑ. 54 – එස්. තල්ගස්පිටියට එරෙහිව ජය එස්. කුරේට (ගුවන් හමුදාව).
  • කි.ග්‍රෑ. 60 – බී. සඳමාලිට (පොලිස් “ඒ”) එරෙහිව ජය එස්. දිලිනිට (ගුවන් හමුදාව).
  • කි.ග්‍රෑ. 60 – එල්. ධර්මසේනට (පොලිස් “බී”) එරෙහිව ජය කේ. හංසිකාට.
  • කි.ග්‍රෑ. 69 – කේ. ප්‍රේමසිරිට එරෙහිව ජය එන්. ධර්මසේනට (හෙළ ක්ලෝදින්).
  • කි.ග්‍රෑ. 69 – ඩී. විජේරත්නට (ස්ලිම් ලයින් “ඒ”) එරෙහිව ජය කේ. ජයසේකරට.
  • කි.ග්‍රෑ. 81 – ඒ. පෙරේරාට (ගුවන් හමුදා “ඒ”) එරෙහිව ජය ඩී. වීරරත්නට (පොලිස් “ඒ”).

දිනය අවසානයේදී ශ්‍රී ලංකා බොක්සිං වළල්ලේ පුරෝගාමියෙකු වන, MAS ආයතන සමූහයේ ප්‍රධානී ඩයන් ගෝමස් මැතිඳුන් ThePapare.com සමඟින් තරඟාවලිය ගැන සිය අදහස් පලකළේ මෙසේය.

“ජාතික බොක්සිං ශූරතාවලිය කියන්නේ හැමවිටම ඉතා තරඟකාරී තරඟාවලියක්. මෙතැනදී අපි කරන්නේ 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය සඳහා තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සොයාගැනීමයි. ඒ දක්ෂතා ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. අපි ඊළඟ වසරේදී බොක්සිං ක්‍රීඩාවෙන් හොඳ තැනක ඉඳීවි.”

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට