විශේෂ මලල ක්‍රීඩා තේරීම් තරගාවලියකට දින නියම වෙයි

ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය 2022

288

ලබන වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සහ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය ඉලක්ක කර ගනිමින් විශේෂ ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියක් සඳහා දිනයන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් පසුගිය දා ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව මෙම තරගාවලිය සැප්තැම්බර් 17, 18 සහ 19 යන දිනවල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එයින් දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහත තරගාවලි ඉලක්ක කර ගනිමින් පිහිටුවන ජාතික සංචිත සඳහා ඇතුළත් කරනු ඇත.

මෙම තරගාවලිය මෙම වසරේ පැවැත්වෙන අවසන් තේරීම් තරගාවලිය වන අතර එයින් තෝරා ගන්නා සංචිතය ලබන වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත තේරීම් තරගාවලිය තෙක් සූදානම් කරවනු ඇත.

එමෙන්ම මෙම තරගාවලියෙන් පිටත වෙනත් කිසිදු තරගාවලියක් හරහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මෙම සංචිතයට ඇතුළත් වීමට අවස්ථාවක් හිමි නොවන බව ද මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කර තිබුණා.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගන්නා පරිසාධන සීමාවන්,

මෙම තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<