ආනන්ද, මැසිනොද් විදුහල් පළමු ඉනිම ජය ගනි

310
Ananda College Mazenod College

සිංගර් වයස අවුරුදු 15න් පහල පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ දෙවන වටයේ තරග පසුගිය සතියේ ආරම්භ විය. පසුගිය දින දෙකේදී අවසන් වූ තරග පිලිබඳ කෙටි විමසුමක් පහත දැක්වෙයි.

පසුගිය ලිපි: පන්දු යවන්නන්ගේ පිහිටෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම නැවතත් තරගයට


ඉබ්බාගමුව ම.ම.වි. සහ කොළඹ ආනන්ද විදුහල අතර තරගය.

ආනන්ද විදුහල තරගාවලියේ දෙවන වටයට විශිෂ්ට ආරම්භයක් ලබා ගත්තේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වමිනි. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු යැවූ ඔවුන් ඉබ්බාගමුව ම.ම.වි. පළමු ඉනිම ලකුණු 63 කට සීමා කරන ලදි. පූර්ණ ගුණරත්න කඩුලු 6ක් දවාගත්තේ ලකුණු 21ක් ලබා දෙමිනි. ආනන්ද ක්‍රීඩකයන් පළමු ඉනිමට ලකුණු 144 ක් රැස් කර ඉනිම අත්හිටවූ අතර තරගය නිමවන විට ඉබ්බාගමුව ම.ම.වි. දෙවන ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 52ක් ලබා අසරණ තත්ත්වයක පසුවුණා.

ඉබ්බාගමුව ම.ම.වි. – පළමු ඉනිම: 63 (31.1) භානු ඒකනායක 37, පූර්ණ ගුණරත්න 6/21, යසිත් හිරුවින්ද 2/6, අදීශ පෙරේරා 2/15

දෙවන ඉනිම: 52/6(45) කණිෂ්ක රන්තිලකගේ 2/11, යසිත් හිරුවින්ද 2/30

ආනන්ද විද්‍යාලය – පළමු ඉනිම: 144/7d (25.4) අදීශ පෙරේරා 61, රනුල ද සොයිසා 23, තරංග ප්‍රේමරත්න 3/55

ආනන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.


 

කඳාන ද මැසිනොද් විද්‍යාලය සහ කොටහේන ශා.බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය

කාසියේ වාසිය දිනූ ශා.බෙනඩික්ට් විද්‍යාලයේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ද මැසිනොද් ක්‍රීඩකයන් දැඩි සටනකින් පසු පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට සමත් විය. ඒ ඔවුන් ලබාගත් ලකුණු 174ට වඩා ලකුණු 8ක් පසුපසින් ශා. බෙනඩික්ට් පළමු ඉනිම අවසන් කරමිනි.

ද මැසිනොද් විද්‍යාලය පළමු ඉනිම – 174 (53.5) රඛිත ප්‍රනාන්දු 41, අසිත සිල්වා 20, විහඟ රුවනාර 3/39, කවිරු පෙරේරා 2/34, අභිෂේක් පෙරේරා 2/18

දෙවන ඉනිම – 27/4 (5) සිහින සිතුමිණ 13, කවිරු පෙරේරා 3/12

ශා.බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිම – 166 (35.1) අභිෂේක් පෙරේරා 35,  විහඟ රුවනාර 30, තනෝජ් පෙරේරා 26, හසිත සිල්වා – 4/34, තීක්ෂණ පෙරේරා 2/45

ද මැසිනොද් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.