හිටපු දකුණු අප්‍රිකානුවෙක් නැමීබියාවේ ලෝක කුසලාන සංචිතයට

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

2225
Namibia announce T20 World Cup squad

ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය සඳහා ප්‍රථම වරට සුදුසුකම් ලැබූ නැමීබියාව විසින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් අද (10) නිවේදනය කළා. 

ඔවුන් A කාණ්ඩයෙන් ලෝක කුසලානය සඳහා සහභාගී වන අතර සංචිතයේ නායකත්වය Gerhard Erasmus විසින් හොබවනවා. 

හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක David Wiese නැමීබියාව විසින් නම් කළ විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතය සඳහා ඇතුළත් කර තිබෙනවා. 

තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන David Wiese 2016 වසර තෙක් එක්දින තරග 6ක් සහ විස්සයි විස්ස තරග 20ක් සඳහා සහභාගී වී තිබෙන Wiese දේශීය විස්සයි විස්ස පිටියේ අත්දැකීම් රැසක් ඇති ක්‍රීඩකයෙකු වනවා.

නැමීබියාව වෙනුවෙන් පසුගිය කාලසීමාවේ දී දක්ෂතා දැක්වූ යොවුන් ක්‍රීඩකයින් රැසක් මේ ලෝක කුසලාන සංචිතය සඳහා ඇතුළත් කර තිබෙනවා.

පා දඟපන්දු යවන ක්‍රීඩක තුන් ඉරියව් ක්‍රීඩක Nicol Loftie-Eaton කණ්ඩායමේ සිටින දක්ෂ යොවුන් ක්‍රීඩකයෙකු වන අතර Michael van Lingen තවමත් ජාත්‍යන්තර පිටියේ දක්ෂතා දක්වා නොමැති යොවුන් ක්‍රීඩකයෙක්. JJ Smit සහ Jan Frylinck විසින් වේගපන්දු බලඇණිය සවිමත් කරන අතර 23 හැවිරිදි Ruben Trumpelmann ද වේගපන්දු යවන්නෙකු ලෙස සංචිතයට දායකත්වය දක්වනු ඇත.

නැමීබියාවේ පළමු තරග ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් 18 වැනිදායි.

  • ලෝක කුසලාන සංචිතය: Gerhard Erasmus (c), Stephen Baard, Karl Birkenstock. Michau du Preez, Jan Frylinck, Zane Green, Nicol Lofie-Eaton, Bernard Scholtz, Ben Shikongo, JJ Smit, Ruben Trumpelmann, Michael van Lingen, David Wiese, Craig Williams, Picky Ya France
  • අතිරේක ක්‍රීඩක: Mauritius Ngupita

ලෝක කුසලානයේ උණුසුම ඔබ වෙත ළඟා කරන්නට ThePapare.com අප සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<