දිනුක සහ සසික Moors පිටිය කළඹයි

Major Clubs Limited Over Tournament 2022

411

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (08) Moors පිටියේ දී පැවති Moors SC සහ SSC අතර තරගයේ දී එකිනෙකා පරයමින් දක්ෂ පන්දු යැවීමක නිරත වීමට දිනුක ඩිල්ශාන් සහ සසික ඩිල්ශාන් සමත් වුනා.

පළමුවෙන් පන්දුවට පහර දුන් SSC ලකුණු 120කට සීමා කිරීමට පෙරමුණ ගත්තේ 22 හැවිරිදි දකුණතින් මද වේගපන්දු යවන දිනුක ඩිල්ශාන්. ඔහු පන්දුවාර 9ක් යවමින් ලකුණු 41කට කඩුලු 6ක් දවා ගත්තා.

මෙම කඩුලු අතර දිනුකට අද කඩුලු ත්‍රිත්වයක් අහිමි වුනේ අතරමග යැවුණ Wide පන්දුවක් හේතුවෙන්. කෙසේ වෙතත් මෙම දක්ෂතාව ඔහුගේ පළමු පෙළ එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද වාර්තා වුනා.

පිළිතුරු ඉනිමට පිවිසි Moors ලකුණු 101කට සීමා කරමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට SSC සමත් වූයේ 22 හැවිරිදි වමතින් දඟපන්දු යවන සසික ඩිල්ශාන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන්.

අද තම දෙවැනි පළමු පෙළ එක්දින තරගයට සහභාගී වූ ඔහු පන්දුවාර 7ක් යවමින් නිලකුණු පන්දුවාර 2ක් ද සමඟින් ලකුණු 28කට කඩුලු 7ක් දවා ගත් අතර එය ඔහුගේ හොඳම පන්දු යැවීම ද වූවා.

මේ අතර එම තරගයේ දී වැඩිම ලකුණුලාභියා වූ Moors කණ්ඩායමේ 21 හැවිරිදි සොහාන් ද ලිවේරා අද තම පළමු පෙළ එක්දින තරගවල මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුනා.

දිනයේ දේශීය ක්‍රීඩකයෙකු වාර්තා කළ ශතකයේ හිමිකාරීත්වය Ragama කණ්ඩායමේ 22 හැවිරිදි ආරම්භක දකුණත් පිතිකරු නිශාන් මධුශ්ක වෙත හිමි වුනා. ඔහු තම පළමු පෙළ එක්දින තරගවල මංගල ශතකය වාර්තා කළේ Nugegoda SWC කණ්ඩායමට එරෙහිවයි. එහි දී ඔහු පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 165ක් රැස් කරගත්තා.

මේ අතර Police කණ්ඩායමේ විදෙස් ක්‍රීඩක Gitansh Khera ද ශතකයක් වාර්තා කළා.

NCC කණ්ඩායමේ සහන් ආරච්චිගේ, Colts කණ්ඩායමේ සංගීත් කුරේ, Nugegoda SWC කණ්ඩායමේ නයන ප්‍රනාන්දු, Panadura කණ්ඩායමේ ලක්ෂාන් රොද්‍රිගෝ සහ රොෂාන් විජේනායක, Chilaw Marians කණ්ඩායමේ කසුන් විදුර, BRC කණ්ඩායමේ ලහිරු සමරකෝන්, Galle කණ්ඩායමේ ඩිල්ශාන් කාංචන, Sri Lanka Navy කණ්ඩායමේ සුපුන් ලීලාරත්න, Sri Lanka Air Force කණ්ඩායමේ මොවින් සුබසිංහ, Sri Lanka Army කණ්ඩායමේ ෂෙහාන් ප්‍රනාන්දු සහ අසේල ගුණරත්න අර්ධ ශතක ලාභීන්ගේ ලැයිස්තුවට එක් වුනා.

පන්දු යැවීමේ දී Ragama කණ්ඩායමේ ඉෂාන් ජයරත්න ලකුණු 35කට කඩුලු 5ක් සහ Chilaw Marians කණ්ඩායමේ පුලින තරංග ලකුණු 46කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.


Moors SC සහ SSC අතර තරගය Moors ක්‍රීඩා පිටියේ දී

SSC – සියලු දෙනා දැවී 120 (31.2): දසුන් ශානක 43, කවිශ්ක සේනාධීර 27, දිනුක ඩිල්ශාන් 6/41, චානුක ඩිල්ශාන් 2/21.

Moors SC – සියලු දෙනා දැවී 101 (24): සොහාන් ද ලිවේරා 59, සසික ඩිල්ශාන් 7/28, නිපුන් ධනංජය 3/33.

SSCට ලකුණු 19ක ජයග්‍රහණයක්.


NCC සහ Bloomfield C & AC අතර තරගය NCC ක්‍රීඩා පිටියේ දී

Bloomfield  – කඩුලු 7ක් දැවී 214 (50): Yashpal Singh 84, මාධව වර්ණපුර 45, රන්මිත් ජයසේන නොදැවී 37, අසේල් සිගේරා 2/36, සචිඳු කොළඹගේ 3/43.

NCC – කඩුලු 7ක් දැවී 215 (49): උපුල් තරංග 37, කවින් බණ්ඩාර 34, අහන් වික්‍රමසිංහ 21, සහන් ආරච්චිගේ නොදැවී 53, චානක කොමසාරු 2/25.

NCCට කඩුලු 3ක ජයක්.


Police SC සහ Sebastianites C & AC අතර තරගය Police ක්‍රීඩා පිටියේ දී

Sebastianites  – කඩුලු 8ක් දැවී 215 (50): තරිඳු රත්නායක නොදැවී 47, සශ්‍රීක පුස්සෙගොල්ල 34, Akshdeep Nath 20, ලහිරු ප්‍රනාන්දු 20, සචිත ජයතිලක 26, නුවන් ප්‍රදීප් 2/37, නදීර බාලසූරිය 2/47.

Police – කඩුලු 6ක් දැවී 218 (35.5): Gitansh Khera නොදැවී 107, චතුරංග ජයතිලක 45, චාමර සිල්වා 23, නදීර බාලසූරිය 22, සශ්‍රීක පුස්සෙගොල්ල 2/50, සචිත ජයතිලක 2/35.

Police කණ්ඩායමට කඩුලු 4ක ජයක්.


Kalutara Town Club සහ Colts CC අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී

Kalutara – සියලු දෙනා දැවී 149 (42.4): විශාර ප්‍රනාන්දු 26, ඉංසක සිරිවර්ධන 38, දිනෙත් ජයකොඩි 22, ටී. වීරසිංහ 25, රොහාන් සංජය 4/35, අකිල ධනංජය 2/31.

Colts – කඩුලු 4ක් දැවී 150 (32.5): සංගීත් කුරේ 69, විශාද් රන්දික 44, ඉංසක සිරිවර්ධන 3/37.

Colts CCට කඩුලු 6ක ජයක්.


Ragama CC Nugegoda SWC මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ දී

Ragama – කඩුලු 6ක් දැවී 339 (50): නිශාන් මධුශ්ක 165, තෙවිඳු දික්වැල්ල 38, ජනිත් ලියනගේ 35, අවිශ්ක තරිඳු 45, ඉෂාන් ජයරත්න නොදැවී 31, අරවින්ද ප්‍රේමරත්න 2/55.

Nugegoda – සියලු දෙනා දැවී 183 (42.2): නයන ප්‍රනාන්දු 54, කෙවින් පෙරේරා 48, රනිත ලියනාරච්චි 34, ඉෂාන් ජයරත්න 5/35, කල්හාර සේනාරත්න 3/31.

Ragama CCට ලකුණු 156ක ජයක්.


Chilaw Marians CC සහ Panadura SC අතර තරගය කටුනායක FTZ ක්‍රීඩා පිටියේ දී

Panadura – කඩුලු 7ක් දැවී 243 (50): ලක්ෂාන් රොද්‍රිගෝ 53, රොෂාන් විජේනායක 61, සංජය චතුරංග 30, තරිඳු කෞෂාල් 30, කොෂාන් දනුෂ්ක 36, පුලින තරංග 5/46, Gaurav Jathar 2/23.

Chilaw Marians – කඩුලු 6ක් දැවී 244 (48.3): කසුන් විදුර 73, Gaurav Jathar 48, Anuj Jotin 40, පුලින තරංග 22, රවීන් යසස් නොදැවී 29, කොෂාන් ධනුෂ්ක 3/39.

Chilaw Mariansට කඩුලු 4ක ජයක්.


CCC සහ BRC අතර තරගය CCC ක්‍රීඩා පිටියේ දී

CCC – සියලු දෙනා දැවී 193 (37.5): පවන්ත වීරසිංහ 35, පවන් රත්නායක 44, චමිඳු විජේසිංහ 44, රසාංජන සිල්වා 2/30, දුවිඳු තිලකරත්න 3/42, සචින්ත පීරිස් 3/29.

BRC – සියලු දෙනා දැවී 175 (43): දුෂාන් හේමන්ත 28, ලහිරු සමරකෝන් 84, චමිඳු විජේසිංහ 3/25, අශාන් ප්‍රියංජන් 3/36.

CCCට ලකුණු 17ක ජයක්.

Galle CC සහ Kurunegala Youth CC අතර තරගය දොඹගොඩ ක්‍රීඩා පිටියේ දී

Kurunegala Youth – සියලු දෙනා දැවී 121 (39): ගයාන් මනීෂාන් 40, දුලාජ් රණතුංග 23, ඩිල්ශාන් කොල්ලුරේ 20, චතුර ලක්ෂාන් 3/23, රවිඳු සෙම්බකුට්ටිගේ 2/15, හරීන් බුද්ධිල 2/14.

Galle – කඩුලු 2ක් දැවී 122 (28.3): ඩිල්ශාන් කාංචන නොදැවී 63, තරිඳු අමරසිංහ 45.

Galle CCට කඩුලු 8ක ජයක්.


Sri Lanka Navy SC සහ Sri Lanka Air Force SC අතර තරගය වැලිසර දී

Sri Lanka Navy – කඩුලු 9ක් දැවී 204 (50): සුපුන් ලීලාරත්න 94, මාධව මධුශංක 27, ගයාන් සිරිසෝම 3/30, මොවින් සුබසිංහ 2/30.

Sri Lanka Air Force – සියලු දෙනා දැවී 176 (43.3): රජිත රත්නායක 26, සිතිජ චමෝද් 26, මොවින් සුබසිංහ 62, ලසඳ රුක්මාල් 21, කසුන් ඒකනායක 3/39, සචිත්‍ර සේනානායක 4/40.

Sri Lanka Navy SC කණ්ඩායමට ලකුණු 28ක ජයක්.


Sri Lanka Army SC Kandy Customs CC අතර තරගය පනාගොඩ දී

Sri Lanka Army – කඩුලු 6ක් දැවී 270 (50): ෂෙහාන් ප්‍රනාන්දු 87, ලක්ෂාන් එදිරිසිංහ 23, අසේල ගුණරත්න 63, සීක්කුගේ ප්‍රසන්න නොදැවී 32, අරුල් ප්‍රකාශ් 2/80, තරිඳු රුක්ෂාන් 2/34.

Kandy Customs – සියලු දෙනා දැවී 167 (39.2): විරාජ් දීපාල් 22, සජිත් ප්‍රියාල් 39, මිතුන් ජයවික්‍රම 25, රශ්මික මධුශංක 21, සීක්කුගේ ප්‍රසන්න 2/40, සුමින්ද ලක්ෂාන් 3/36, ෂෙහද සොයිසා 4/27.

Sri Lanka Army SC කණ්ඩායමට ලකුණු 103ක ජයක්.

තරගාවලියේ සියලු පුවත් දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<