ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල ක්‍රීඩා උළෙලේ සිව්වැනි දිනය ලෙස ඊයේ (24) දිනය තුළ ක්‍රීඩා ඉසව් රැසක තරග ක්‍රියාත්මක වුනා.
මෙම තරග ඉසව් අතරින් මලල ක්‍රීඩාවට සුවිශේෂී අවධානයක් යොමු වූ අතර, මලල ක්‍රීඩා ඉසව් කිහිපයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තරග බිමට පිවිසුණා.
මේ අතරින් වඩාත් විශේෂ සිදුවීම ලෙස කාන්තා දුර පැනීම ඉසව්ව නියෝජනය කළ ඉෂාරා සමන්මලී විසින් මීටර් 5.87ක දුරක් තරණය කරමින් රිදී පදක්කම ජය ගන්නා අතරේ, මීටර් 5.83ක දුරක් තරණය කිරීමට සමත් වූ සශිකලා ලංකාතිලක විසින් ඉසව්වේ ලෝකඩ පදක්කම ජය ගැනීමට සමත් වීම හඳුන්වා දිය හැකි.
එය ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලෙ ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්කම් ලෙස ද වාර්තා අතරට එක් වුනා.
මේ අතර ඊට අමතරව ඊයේ උස පැනීමේ ඉසව් ක්‍රියාත්මක වූ අතර, එහි පිරිමි ඉසව්ව නියෝජනය කළ විශාල් කාවින්ද ඉසව්වේ 07 වැනි ස්ථානයට පත් වන අතරේ, එහි කාන්තා ඉසව්ව නියෝජනය කළ සඳුනිකා ලොකුගේ 10 වැනි ස්ථානයට පැමිණීමට සමත් වුනා.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මේ අතර මීටර් 60 ඉසව්වේ මූලික වටයේ තරග ද ඊයේ ක්‍රියාත්මක වූ අතර, එහි කාන්තා ඉසව්ව නියෝජනය කළ තිලක්ෂි මුතුකුමාරණ තත්පර 7.78ක තරග නිමි කාලයක් සමඟ දෙවැනි මූලික වටයේ තරගයේ තෙවැනි ස්ථානය ලබමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. මෙම ඉසව්වට ලක්ෂිකා සුගන්දි ද සහභාගී වූ නමුත් ඇයට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුනේ නැහැ.
මීට අමතරව මීටර් 60 පිරිමි ඉසව්ව නියෝජනය කළ මලිත් තමෙල් තෙවැනි මූලික වටයේ දෙවැනියා වෙමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. මීට අමතරව මලිත් තරුශාන් ද මෙම ඉසව්ව නියෝජනය කළ නමුත් ඔහුට අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වුනා.
මීට අමතරව පැවැත්වුණු ක්‍රීඩා ඉසව් අතුරින් Beach Volleyball ක්‍රීඩා ඉසව්වල දී සිරියාව, බංග්ලාදේශය සහ කටාර් දේශය පරාජය කිරීමට සමත් වීමත් විශේෂත්වයක්.
ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ සිව්වැනි දිනය තුළ ශ්‍රී ලංකා සහභාගීත්වය ඒ අයුරින් වන අතර, අද (25) දිනය තුළ ද කාන්තා සහ පිරිමි මීටර් 60 අවසන් තරග ද ඇතුළුව තවත් ක්‍රීඩා ඉසව් රැසකට ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සහභාගී වීමට නියමිතයි.
එමෙන්ම ශ්‍රී ලංකාව මේ වන විට එක් රිදී පදක්කමක් සහ එක් ලෝකඩ පදක්කමක් සමඟ සමස්ත පදක්කම් දෙකක් ලබා ගනිමින් තරගාවලි පදක්කම් සටහනේ 09 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. සුපුරුදු පරිදි මෙම පදක්කම් සටහනේ පළමු ස්ථානය සත්කාරක චීනයට හිමි වී තිබෙනවා.
ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබට සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>






















