මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර අද (13) දිනයේ දී පැවැත්වුණු සුහද පාපන්දු තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුනේ තරගයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙමිනුයි.
දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත සුහද පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් මියන්මාරය ගෝල 2-0ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා.
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 200 වැනි ස්ථානයේ රැඳෙන ශ්‍රී ලංකාව සහ 167 වැනි ස්ථානයේ රැඳෙන මියන්මාරය අතර පැවැත්වෙන මෙම තරගාවලියේ වැඩි වාසි මියන්මාරය සතු වූ බව බැලූ බැල්මට ම පෙනෙන්නට තිබුණා.
කෙසේ වෙතත් පෙර තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට වෙනස්කම් ත්‍රිත්වයක් සමඟින් සම්බන්ධ වූ අතර, තරගය ආරම්භයේ පටන් ම ඔවුන් මියන්මාරයට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් ගෝල උත්සාහයන් වෙත යොමු වුනා.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ උත්සාහයන් එකක් හෝ සාර්ථක කර ගැනීමට මියන්මාරය ඉඩ ලබා දුන්නේ නැහැ. එමෙන්ම පෙර තරගයේ දී මෙන් මෙවර තම ගෝල සීමාව පසු කර යාමට ශ්‍රී ලංකාව ද මියන්මාරයට ඉඩ ලබා නොදීම නිසා තරගය ඉතා තියුණු මුහුණුවරක් ලබා ගත්තා.
මේ අනුව තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිළම ගෝල වාර්තා කිරීමට අසමත් වී සිටි අතර, තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුනා.
මේ අතර ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා – මියන්මාර පාපන්දු ගැටුම් අතරින් මෙම තරගය ඉතා විශේෂ එකක් බවට ද පත් වුනා.
ශ්‍රී ලංකාව විසින් 1954 වසරෙන් පසුව මියන්මාරයට එරෙහිව පාපන්දු තරගයක් ජයග්‍රහණය කිරීමට හෝ ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට සමත් වී නොතිබූ අතර, අද පැවැත්වුණු තරගයෙන් ලද තීරණය වසර 70ක ඉතිහාසයක් තුළ ශ්‍රී ලංකාව විසින් මියන්මාරයට එරෙහිව ලද හොඳම තරග ප්‍රතිඵලය ලෙස වාර්තා අතරට එක් වුනා.
දෙස්, විදෙස් පාපන්දු පිටියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<