එංගලන්තයෙන් ඉන්දියාවට ලැජ්ජා සහගත පරාජයක්

544
@AFP PHOTO

එංගලන්තයේ ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ එංගලන්ත – ඉන්දියා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් තවත් දිනයක් ඉතිරිව තිබිය දී ඉනිමක සහ ලකුණු 159ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වුනා. ඒ අනුව තරග 5කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත ක්‍රීඩකයේ තරග 2-0ක් සේ ඉදිරියට පැමිණියා.

අකිලගේ මැජික් පන්දු යැවීම දකුණු අප්‍රිකානුවෝ අසරණ කරයි

අකිල දනංජයගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අසරණ වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ දෙරට අතර…

ඉන්දියාව අවසන් වරට ටෙස්ට් තරගයක දී ඉනිමක පරාජයක් ලබා තිබුණේ මීට වසර 4කට පෙර 2014 වසරේ අගෝස්තුවේ දීයි. ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඕවල් පිටියේ දී ය. එම තරගයේ ප්‍රතිඵලය කියැවුණේ ඉනිමක සහ ලකුණු 244ක පරාජයක් ලෙසයි.

නිමා වූ තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී ඉන්දීය ක්‍රීඩකයන්ට ආරාධනා කළ ද තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් එකඳු පන්දුවක් හෝ නොයවමින් අපතේ හැරීමට දෙපිළට සිදු වුනා.

තරගයේ දෙවැනි දිනය ද වර්ෂාව හේතුවෙන් වරින් වර නතර වෙමින් පැවති අතර එදින තේ විවේකය වෙන විට ද තරගයේ ක්‍රියාත්මක වී තිබුණේ පන්දුවාර 9ක් පමණි. එතැන් සිට ක්‍රියාත්මක වූ තරගය නැවත නතර වූයේ ඉන්දීය ඉනිම අවසන් වීමත් සමඟය.

ඉන්දීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට රැස් කළේ ලකුණු 107ක් පමණයි. එම ඉනිම සංචාරක ක්‍රීඩකයෝ ලෝඩ්ස් පිටියේ රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාවේ 4 වැනි තැන ගත්තා. ඔවුන් අවසන් වරට ලෝඩ්ස් හි අඩු ලකුණු ලැයිස්තුවට ඇතුලත්ව සිටියේ 1982 ජනවාරියේ දැවී ගිය ලකුණු 128යි.

එම අවාසනාවන්ත ඉනිමේ ඉලක්කම් දෙකේ ලකුණුකාරයෝ 5 දෙනෙක් සිටි අතර එහි වැඩිම ලකුණුලාභියා වූයේ රවිචන්ද්‍රන් අශ්වින්. ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 29ක්. පෙර තරගයේ දී ශතකයක් ලබා ගනිමින් තරගය ගොඩදාගත නොහැකි වූ නායක විරාට් කෝලිට මේ තරගයේ දී ලබා ගත හැකි වූයේ ලකුණු 23ක් පමණයි.

දකුණු අප්‍රිකානුවන්ගෙන් ලත් පරාජයන් වැලේ අල ගිය මුල ගිය තැන්

ඒ 2014 වසරේ ඇසළ මාසයයි. මේ වසරේ ද ඇසළ මාසය යාන්තම් ගෙවී ගියා පමණයි…

ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 6 ලකුණු 62කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වීම කැපි පෙණුනා. එම ඉනිමට ඉලක්කම් තුනකින් සමන්විත කිරීමට හැකි වාතාවරණය උදා කළේ නායක විරාත් කෝලි සහ අජින්ක්යා රහනේ (18) ය. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 34ක්. අනෙකුත් කඩුලු අතරින් ලකුණු 20 සීමාව පසු කිරීමට සමත් වුනේ 7 වැනි කඩුල්ල සඳහා රහනේ සමඟින් රවිචන්ද්‍රන් අශ්වින් වාර්තා කළ ලකුණු 22යි.  

පන්දු යැවීමේ දී දකුණතින් මඳ වේගපන්දු යවන ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 20කට කඩුලු 5ක් ලබා ගත්තා. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ ඉන්දියාවට එරෙහි හොඳම පන්දු යැවීම බවට පත් වෙද්දී ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කඩුලු ශතකයක් වාර්තා කළ ක්‍රීඩකයන්ගේ ගොන්නට ද ඔහු ඇතුලත් වුනා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩකයෝ ඉතා ලෙහෙසියෙන්ම ප්‍රතිවාදී ඉලක්කය පසු කළේ කාලගුණයේ ද ආශීර්වාදය ලබා ගනිමින්. තරගයේ එකඳු වැසි පොදක් හෝ නොවැටුණ දිනය එය වුනා. එංගලන්තය එම දිනයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 357ක් රැස් කළ අතර ඊට පසු දින ඔවුන්ගේ තවත් පන්දු වාර 9කට පමණක් ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රීඩකයෝ තම ඉනිම අත්හිටවූවා. ඒ කඩුලු 7ක් දැවී ලකුණු 396ක්ව තිබිය දී.  

මෙම ඉනිමේ වඩාත් කෙළිකාරයා වූයේ 29 හැවිරිදි දකුණත් පිතිකරු ක්‍රිස් වෝක්ස්. ඔහු පන්දු 177කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සමඟින් නොදැවී ලකුණු 137ක් ලබා ගත්තා. වෝක්ස් තමන්ගේ මංගල ටෙස්ට් ශතකය ලබා ගැනීම සඳහා ටෙස්ට් තරග 25ක් වැය කළ අතර එම තරගයේ දී ම ටෙස්ට් ලකුණු 1000 සීමාවට ඇතුලත් වීම ද කැපී පෙණුනා.

වෝක්ස් සහ ජොනි බෙයාස්ටොව් අතර 6 වැනි කඩුල්ලට වූ ලකුණු සබඳතාව 289ක්. බෙයාස්ටොව් පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමගින් ලකුණු 93ක් ලබා ගත්තා.

අගමැති වුන ඉම්රාන් ඛාන් ගැන අරවින්ද කියන කතාව

පාකිස්තානු ක්‍රිකට් වංශ කථාවේ තුන් ඉරියව්වෙන්ම සාර්ථකත්වයට පත් ක්‍රීඩකයා ලෙසින්..

පන්දු යැවීමේ දී මොහොමඩ් සමී සහ හර්ඩික් පාන්ඩ්යා කඩුලු 3 බැගින් දවා ගත්තා.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 290ක් පසුපස සිටිමින් දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට සිදු වූයේ පළමු ඉනිමේ ආරම්භක කඩුලුවල ප්‍රතිඵලයම දෙවැනි ඉනිමේ දී ද මුහුණ දීමටයි. පළමු ඉනිමේ දී ආරම්භක කඩුලු 6 කඩුලු ලකුණු 62ක දී අහිමි වෙද්දී දෙවැනි ඉනිමේ දී ආරම්භක කඩුලු 6 අහිමි වෙන්නේ ලකුණු 61ක් ව තිබිය දීයි. මේ විනාශ වීමත් සමගින් ඉන්දීය දෙවැනි ඉනිම පන්දු වාර 47ක දී ලකුණු 130කට සීමා වුනා.

ඉන්දීය දෙවැනි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ රවිචන්ද්‍රන් අශ්වින්. ඔහු පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ලබා ගත්තා. ඊට අමතරව හර්ඩික් පාන්ඩ්යා ලකුණු 26ක් ලබා ගත්තා. අඩු ලකුණු ප්‍රමාණයන්ගෙන් ගිය කඩුලු සබඳතා අතුරින් අශ්වින් සහ පාන්ඩ්යා 7 වැනි කඩුල්ලට ලකුණු 55ක් එක් කළා.

ඉන්දීය දෙවැනි ඉනිම විනාශ කිරීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් සහ ක්‍රිස් බෝර්ඩ් පෙරමුණ ගත්තා. ඔවුන් දෙදෙනා අතර බෙදී ගිය කඩුලු සංඛ්‍යාව 2 බැගින්. ඊට අමතර ව ක්‍රිස් වොක්ස් ද කඩුලු 2ක් දවා ගත්තා.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ ක්‍රිස් වෝක්ස් තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණා.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය මේ මස 18 වැනි දා නොටින්ග්හැම් හී දී ආරම්භ වීමට නියමිතයි.

ඉන්දියාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 107 (35.2) විරාට් කෝලි 23, රවිචන්ද්‍රන් අශ්වින් 29, ජේම්ස් ඇන්ඩර්සන් 5/20, ක්‍රිස් වෝක්ස් 2/19

එංගලන්තය; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 396 (88.1) ඇලස්ටයාර් කුක් 21, ඔලි පොප් 28, ජොනි බෙයාස්ටොව් 93, ජොස් බට්ලර් 24, ක්‍රිස් වෝක්ස්  නොදැවී 137, සෑම් කරන් 40, මොහොමඩ් සමි 3/90, හර්ඩික් පාන්ඩ්යා 3/66

ඉන්දියාව; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 130 (47.0) හර්ඩික් පාන්ඩ්යා 26, රවිචන්ද්‍රන් අශ්වින් නොදැවී 33, ජේම්ස් ඇන්ඩර්සන් 4/23, ස්ටුවට් බ්‍රෝඩ් 4/44, ක්‍රිස් වෝක්ස්  2/24

දස දෙස පැතිරි ක්‍රීඩා පිටියේ උණුසුම විදීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<