41වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ කරාතේ තරගාවලිය

261

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද 41වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළට අයත් කරාතේ තරගාවලියපසුගියදා අනුරාධපුර ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී නිමාවට පත්විය. දිවයිනේ පළාත් නවයම නියෝජනය කරමින් ක්‍රීඩකක්‍රීඩිකාවන් තරග වැදුණු අතර කාන්තා බර පන්ති 06ක් සහ පිරිමි බර පන්ති 07ක් යටතේ තර සංවිධානය වී තිබුණි.

පිරිමි කරාතේ අංශයෙන් රන් පදක්කමක් 2ක්, රිදි පදක්කමක් 2ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනාගත් උතුරු මැදපළාත් කණ්ඩායම එහි ශුරතාවයට හිමිකම් කියන ලදි. පිරිමි කරාතේ අනුශුරතාවය දිනාගත් බස්නාහිර පළාත්කණ්ඩායමට රන් පදක්කමක් 2ක් සහ රිදි පදක්කම් 2ක් හිමිවිය. රන් පදක්කම් 2කට සහ ලෝකඩ පදක්කම් 4කටහිමිකම් කියමින් වයඹ පළාත් කණ්ඩායම තෙවැනි ස්ථානයට තේරි පත් විය.

කාන්තා කරාතේ අංශයෙන් රන් පදක්කම් 4ක්, රිදි පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනාගත් බස්නාහිර පළාත්කණ්ඩායම කාන්තා ශුරතාව ලබාගැනිමට සමත් විය. රන් පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් ලබාගත් වයඹපළාත් කණ්ඩායම එහි අනුශුරතාවය හිමි වු අතර රිදි පදක්කම් 2කට සහ එක් ලෝකඩ පදක්කමකට හිමිකම් කි සබරගමුපළාත් කණ්ඩායමට කාන්තා කරාතේ තෙවැනි ස්ථානය හිමි විය.

41වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ දක්ෂතම කරාතේ ක්‍රීඩකයා ලෙස බස්නාහිර පළාත නියෝජනය කළආර්.ඩබ්ලිව්.ටි.ඒ.බි රාජපක්ෂ සම්මාන දිනාගත් අතර දක්ෂතම කරාතේ ක්‍රීඩිකාව ලෙස වයඹ පළාත නියෝජනය කළඩබ්ලිව්.සි.සි තිසේරා සම්මානයට පාත්‍ර විය.

ත්‍යාග ප්‍රධානොත්සවය සදහා උතුරු මැද පළාත් ආණ්ඩුකාර පි.බි.දිසානායක, උතුරු මැද පළාත් ක්‍රීඩා හා යොවනකටයුතු අමාත්‍ය එස්.එම් රංජිත්, උතුරු මැද පළාත් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් නයනා දසනායක, පළාත් ක්‍රීඩාඅධ්‍යක්ෂක සුමිත් සෝමරත්න යන මහත්ම මහත්මින් රැසක් සහභාගි විය.