මුස්ටෆිසූර්ටත් IPL නැහැ

396
(BDCricTime)

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මුස්ටෆිසූර් රහ්මාන්ට IPL යෑමට අවශ්‍ය අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ජාතික කණ්ඩායමට මුස්ටෆිසූර් රහ්මාන් අවශ්‍ය යැයි පවසමින් ඔවුන් මුස්ටෆිසූර් IPL තරගාවලියට සහභාගී වීමට පිළිබඳ තමන් විරුද්ධ නොවන බවට වන සහතිකය නිකුත් කර නැහැ.

Cricbuzz වෙබ් අඩවිය වාර්තා කර තිබුණු අන්දමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම යන කණ්ඩායම් දෙකම සිය කණ්ඩායම් සමඟ එක්වන ලෙස මුස්ටෆිසූර්ට ආරාධනා කර තිබුණා. ඒ පිළිවෙළින් ලසිත් මාලිංග හා හැරී ගර්නි පෙර කී කණ්ඩායම්වලින් ඉවත් වීමේ හිඩැස පිරවීමේ අරමුණින්. කෙසේ වෙතත් මාලිංග වෙනුවට ජේම්ස් පැටින්සන් මුම්බායි හා එක්ව තිබුණු නමුත් නයිට් රයිඩර්ස් කණ්ඩායම තවමත් ගර්නිගේ හිඩැස පුරවා නැහැ.

බංග්ලාදේශය එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ටෙස්ට් තරග තුනක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒම කාලරාමුවේ දී ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම මුස්ටෆිසූර්ට එම තරගාවලිය ක්‍රීඩා කිරීමට අවසර නොලැබීමට එක් හේතුවක්.

තවත් ක්‍රිකට් පුවත්

“මුස්ටෆි සූර්ට IPL ක්‍රීඩා කරන්න ආරාධනාවක් ලැබී තිබෙනවා, ඒ වුනත් අපි ඔහුගේ අපේ අවසරය ලබා දුන්නේ නැහැ මොකද ශ්‍රී ලංකා සංචාරය ළඟම එන නිසා” බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙහෙයුම් සභාපති අක්‍රම් ඛාන් මහතා පවසා සිටියා.

ආබාධ සිදුවේ යැයි සැකය නිසා මුස්ටෆිසූර් හට විස්සයි විස්ස ලීගයන් ක්‍රීඩා කිරීම තහනම් කර තිබුනත්, ඔහුගේ පන්දු යැවීමේ සුපුරුදු රිද්මය නැවත ලබා ගැනීමේ අරමුණින් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන්දීය ප්‍රිමියර් ක්‍රීඩක තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට එක්වීමට ඔහුට අවසර ලබා දී තිබුණා. 

මුස්ටෆිසූර් ඉන්දියාවේ දී පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලියේ දී දැඩි ප්‍රහාරයකට ලක් වුණු අතර තරග තුනක දී ඔහු දවා ගත්තේ එක් කඩුල්ලක් පමණයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග 24ක් ක්‍රීඩා කර ඇති ඔහු එහි දී කඩුලු 24ක් දවාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරයට මුහුණ දීමේ අරමුණින් බංග්ලාදේශ කණ්ඩායම එළඹෙන සැප්තැම්බර් 21 සිට සතියක පුහුණු කඳවුරකට සහභාගී වීමට නියමිතයි.

Cricbuzz ඇසුරින් 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<