උඩුයටිකුරු වූ පළඟ ශූරතාවයේ තෙවැනි සතිය

356

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවයේ තෙවැනි සතිය ඉතා වෙනස් මුහුණුවරක් ගත්තා. එහි තරග පැවති ආකාරය පිළිබඳව අපි කෙටියෙන් බලමු.


Photo Album : Dharmaraja College vs D.S. Senanayake College | Schools Rugby League 2019 (Plate Segment)

පාසල් රග්බි ලීගය ආරම්භ වීමෙන් අනතුරුව සියලු පාසල් නැවතත් තම රිද්මය අලුත් විදිහකට සොයගෙන සිටිනවා’ය කියා පැවසුවොත් වඩාත් නිවැරදියි. පසුගිය 21 වැනිදා කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය පැවැත්වුනේ කුරුණෑගලදී. තරගය මනා ලෙස ආක්‍රමණය කළ සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ප්‍රථම අර්ධය අවසානයේදී ලකුණු 21 – 05ක් ලෙස ඉදිරියෙන් සිටියද, තමන්ගේ සියලුම වැර යොදමින් ඉදිරියට ඇදුනු සත්කාරක මලියදේව විද්‍යාලය තරගය අවසන් කළේ ලකුණු 26 – 24ක් ලෙසින්. අසාර්ථක වූ ප්‍රවර්තනයන් දෙකක් නිසා මලියදේව ක්‍රීඩකයන්ට අවසානයේදී තරගය පරාජය වීමට සිදුවුනා.

එසේම පසුගිය 22 වැනිදා “මහනුවර ගැටුම” එනම් වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර තරගය පැවැත්වුනේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී. තරගයේ 17 වැනි මිනිත්තුවේ සිට තරගයේ ආක්‍රමණය විද්‍යාර්ථ විද්‍යාලයට හිමිවුන අතර එතැන් පටන් තරගයේ කිසිඳු මොහොතක සුමංගල ක්‍රීඩකයින්ට පන්දුව ලබා නොදෙමින් ක්‍රීඩා කිරීමට විද්‍යාර්ථයින් වග බලා ගත්තා. ප්‍රථම අර්ධය 19 – 00ක් ලෙස විද්‍යාර්ථයින් ඉදිරියෙන් සිටිමින් අවසන් වූ අතර දෙවන අර්ධයේදී ද තරගය මුළුමනින්ම තමන් සතුකර ගනිමින් ලකුණු 29 – 03ක් ලෙස ජයගැනීමට විද්‍යාර්ථයින් සමත් වුනා.

විද්‍යාර්ථයින් නැවතත් A කාණ්ඩයට පැමිණෙයි ද?

විද්‍යාර්ථ විද්‍යාලය මෙම (2019) වසරේදී සිංගර් ……..

පසුගිය 22 වැනිදා සහිරා විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය අතර තරගය කොළඹ සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුන අතර එම තරගයේ ප්‍රථම අර්ධයේ කිසිඳු අතපසුවීමක් සිදුනොවීමට වග බලාගනිමින් ක්‍රියාත්මක වූ කිංග්ස්වුඩ් විද්‍යාලය ප්‍රථම අර්ධය අවසානයේදී ලකුණු 00 – 12ක් වශයෙන් ඉදිරියෙන් සිටියා. නමුත් දෙවැනි අර්ධයේ ක්‍රියාත්මක වූ සහිරා ක්‍රීඩකයින් විශාල වෙහෙසක් දරමින් ඉදිරියට ඇදුනත් අවසානයේදී තරගයේ ජයග්‍රහණය කිංග්ස්වුඩ් විද්‍යාලය සතුවූයේ ලකුණු 14 – 19ක් වශයෙන්.

ඊයේ දින එනම් 23 වැනිදා මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කොළඹ D. S.  සේනානායක විද්‍යාලය අතර තරගය පැවැත්වුනේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී. එහිදී අවසන් මිනිත්තුවේදී වාර්තා කළ උත්සාහක දිනුමක් නිසා තරගයේ ජයග්‍රහණය ධර්මරාජයින් අතට පත්වන්නේ D. S. ක්‍රීඩකයින් කඳුළු සයුරක ගිල්වමින්. තරගය ආරම්භයේදී පටන් D.S. ක්‍රීඩකයින් ආක්‍රමණශීලීව ක්‍රීඩා කළ අතර ධර්මරාජයින් අතින් අතපසුවීම් විශාල ප්‍රමාණයක් සිදුවුනා. එය ප්‍රථම අර්ධයේ වගේම දෙවැනි අර්ධයේ දීද සිදුවූ අතර වාසනාවකට මෙන් තරගයේ අවසන් මිනිත්තු කිහිපයේදී ලකුණු 07 – 13ක් ලෙස D. S. ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටි අතර අවසන් මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ධර්මරාජ විද්‍යාලය, තම ඉදිරිපෙළ ශක්තිය භාවිතා කරමින් වටිනා උත්සාහක දිනුමක් වාර්තා කළා. එහි ප්‍රවර්තනය සාර්ථක වීමත් සමඟ ලකුණු 14 – 13ක් වශයෙන් ලකුණක තියුණු ජයක් අත්කර ගැනීමට ධර්මරාජයින්ට හැකිවුනා.

Video – ධර්මරාජයට ‘A’ කාණ්ඩයට එන්න පුළුවන්! – මනුක හියරපිටිය

ThePapare Clear MEN තරගයේ වීරයා ධර්මරාජ විද්‍යාලයේ මනුක හියරපිටිය ThePapare වෙත අදහස් දැක්වුයේ මෙසේයි

මේ වනවිට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය ප්‍රසාද ලකුණු 22ක් ලබාගෙන පළඟ ශූරතාවයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින අතර සාන්ත අන්තෝනි විද්‍යාලය ප්‍රසාද ලකුණු 18ක් සමඟින් දෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<