රහීම් විස්සයි විස්ස පිටියේ කඩුල්ල පිටුපස වගකීම් අත්හරී

774

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල කඩුලු රකින ක්‍රීඩක Mushfiqur Rahim විස්සයි විස්ස තරග පිටියේ කඩුලු රැකීමෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු Russell Domingo ප්‍රකාශ තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් Russell Domingo වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ නවසීලන්ත තරග සංචාරයේ අවසන් තරග ත්‍රිත්වයේ කඩුලු රැකීමේ වගකීම Mushfiqur Rahim භාරගන්නා තුරු පළමු තරග ද්විත්වයේ කඩුලු රැකීමේ වගකීම භාරගන්නා ලෙස Nurul Hasanට පවසා කර තිබූ බවයි.

“රහීම් ඔහුට මෙම ආකෘතියේ කඩුලු රැකීම සිදු කළ නොහැකි බව ප්‍රකාශ කර තිබුනත්, ඔහු සමඟ සාකච්ඡා කිරීමෙන් පසු දෙවැනි තරගයෙන් අනතුරුව කඩුලු රැකීමේ වගකීම ඔහු භාරගත්තා. නමුත් ඔහු මට වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ ඔහුට මෙම ආකෘතියේ කඩුලු රැකීම සිදු කිරීමට අවශ්‍ය නොවන බවයි.

මෙම තරග ආකෘතියේ කඩුලු රැකීම පිළිබඳව Mushfiqurගේ අදහස එතරම් යහපත් නොවන නිසා අපි Nurul Hasan වෙත අවධානය යොමු කරමින් ඔහුට එම රාජකාරිය ඉදිරියට කිරීමට දිය යුතුයි”, යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා. 

බංග්ලාදේශය නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තෙවැනි විස්සයි විස්ස තරගය ලකුණු 52කින් පරාජයට පත්වූ අතර එහි දී ඔවුන් ලකුණු 76කට සියල්ලන් දැවී යාම කැපී පෙනුණා. එය ඔවුන් විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස ද සටහන් වුනා.

මෙම පරාජය පිළිබඳව අදහස් දක්වමින් Russell Domingo ප්‍රකාශ කර සිටියේ, “නවසීලන්ත කණ්ඩායම පැහැදිලි වශයෙන්ම අපව අභිබවා ගියා. මම ඒ පිළිබඳව කලකිරීමට පත්වූවත් මෙම තරග රටාවේ ස්වභාවය මේකයි. එම නිසා මෙහි සම්පූර්ණ ගෞරවය ඔවුන්ට ලැබෙන්න ඕන.

පිතිකරණ විශාල ගැටලුවක් තිබුණා කියලා මම හිතන්නේ නැහැ, අපි උත්සහ කළ යුත්තේ අවශ්‍ය ලකුණු වේගයට වඩා ඉදිරියෙන් සිටින්නයි. ඔබ වරක් පිටුපසින් සිටියොත් එය අල්ලා ගැනීමට ඉතා අපහසුයි. ඒ නිසා අප ධනාත්මකව පිතිකරණය ආරම්භ කළ යුතු නමුත් අවාසනාවන්ත ලෙස අපට මුල් කඩුලු ඉක්මනින් හා පොකුරු වශයෙන් අහිමි වුනා.

නව පිතිකරුවෙකුට පිටියට ඇවිල්ලා පන්දුවට පහර දෙන්න ඉතා අපහසුයි. එයයි ප්‍රධානම ගැටලුව වුනේ. අපි පළවැනි පන්දුවාර දෙකට ලකුණු 20ක් ලබා ගනිමින් හොඳ ආරම්භයක් ලබා ගත්තත්, ඊළඟ පන්දුවාර හතර තුළ කඩුලු හතරක් අහිමි වීම අපව පසුපසට ඇද දැමුවා.

කඩුල්ල එතරම් යහපත් එකක් වුනේ නැහැ, නමුත් ඔබ පළවැනි පන්දුවාර දෙක තුළ ලකුණු 20ක් ලබාගෙන සිටිය දී ඔබට තවත් අවශ්‍ය ලකුණු 110ක් පමණයි. එසේ තිබිය දී තරගය අවසන් වූ ආකාරය ගැන මම කලකිරීමට පත්වෙනවා”.

තරග පහකින් සමන්විත නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පන්දුවාර  විස්ස ක්‍රිකට් තරගාවලියේ මේ වන විට 2-1ක් ලෙස පෙරමුණේ පසුවන්නේ බංග්ලාදේශයයි.

Cricbuzz ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<