Home Sinhala නවෝද්ගේ විශ්මිත දස්කම් මැද ශ්‍රී ලංකා පිළ අවසන් පූර්ව වටයට!

නවෝද්ගේ විශ්මිත දස්කම් මැද ශ්‍රී ලංකා පිළ අවසන් පූර්ව වටයට!

111

යොවුන් ආසියානු කුසලානයට තවත් පියවරකින් සමීප වෙමින් තමන් මුහුණ දුන් දෙවැනි තරග අභියෝගය ද සාර්ථකව ජය ගැනීමට අද (08) ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 52කින් පරාජය කරමිනි. එහිදී තුන් ඉරියව්වෙන්ම තම හැකියාවන් විදහා දැක්වූ නවෝද් පරණවිතාන මෙම විශිෂ්ට ජයග්‍රහණයේ පෙරගමන්කරුවා බවට පත්විය.

ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය යොවුන් ආසියානු කුසලානය ආසන්නයට

අටවැනි වරට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග…

කටුනායක දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනාගත් UAE නායක පලනියපන් මෙයියප්පන් මුලින් පන්දු යැවීම තෝරා ගත්තද එම තීරණයේ වරද වැඩි වේලාවක් යන්නට පෙර ඔවුන්ටම අවබෝධ විය. ඒ පෙර තරගයේ දී ලකුණු අතරට පිවිසි කමිල් මිෂාර හැරෙන්නට සෙසු සියළුම පිතිකරුවන් මෙම තණතිල්ලේ විශ්වාසයෙන් පිත්ත හැසිරවූ බැවිනි. 

එහිදී තවමත් 17 හැවිරිදි වියේ පසුවන ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන රැස්කළ ලකුණු 61 ඉනිම ස්ථාවර කර දීමට ඉතාමත් වැදගත් විය. පන්දු 60කට මුහුණ දුන් නවෝද් එහිදී 9 වතාවක්ම පන්දුව හතරේ සීමාවෙන් එපිටට යොමු කිරීමට සමත්කම් දැක්වීය. මීට අමතරව ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූ අහන් වික්‍රමසිංහ අද ක්‍රීඩා කළ ප්‍රවේගකාරී විශිෂ්ට ඉනිම කණ්ඩායමට ලකුණු 300 සීමාව ද ඉක්මවා යාමට උපකාරී විය. අහන් අද පන්දු 52කට පමණක් මුහුණ දෙමින් ලකුණු 73ක් රැස් කළේ හතරේ පහර 11ක්ද සමඟිනි.

මේ අයුරින් ශ්‍රී ලංකා යොවුන් පිළ සෑම කඩුල්ලකටම පාහේ ලකුණු සබඳතා ගොඩ නැගීම නිසා කිසිදු විටක තරගය සියතට ගැනීමට එක්සත් අරාබි එමීර් පිළට අවස්ථාවක් ලැබුනේ නැත. කණ්ඩායමට ආදර්ශයක් සැපයූ නිපුන් ධනංජය අද ලකුණු 60ක් රැස් කළේ පන්දු 69කට මුහුණ දෙමිනි. මීට අමතරව රොහාන් සංජය ලකුණු 36කුත්, චමිඳු විජේසිංහ ලකුණු 27කුත් රැස් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 326ක් ලෙස ඔසවා තැබීමට උපකාරී වූහ.

පන්දු යැවීමේ දී කැපී පෙනුනු රිශාබ් මුඛර්ජි අද ලකුණු 65ක් ලබා දී ශ්‍රී ලංකා කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් විය. නායක මෙයියප්පන් කඩුලු 2කට හිමිකම් කීවද ඔහුගේ පන්දුවාර 10 තුලදී  ලකුණු 70ක් උදුරා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.

නේපාලය අසරණ කරමින් ශ්‍රී ලංකා යෞවනයින් තරගාවලියට පිවිසෙයි

අනාගත ක්‍රිකට් ලොවට ආසියාකරයෙන් තිලිණ වන ක්‍රිකට් අංකුර එකිනෙක ගැටෙන යොවුන් ආසියානු…

මෙම දැවැන්ත ඉලක්කය හඹා යාමට උත්සාහ දැරූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එහිදී අසමත් වුවද ඔවුන්ගේ වෑයම අගය කළ යුතු මට්ටමක පැවතුණි. ඒ ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 9කට ලකුණු 274ක් රැස් කිරීමට සමත් වූ නිසයි. එහිදී ආරම්භක පිතිකරු සයිඩ් හයිඩර් ලකුණු 27ක් රැස් කරද්දී කඩුලු රකින පිතිකරු ව්‍රීත්‍ය අරවින්ද් ලකුණු 26ක් ලබා ගත්තේය. නමුත් එක්සත් අරාබි ඉනිම පුරාවට වඩාත්ම කැපී පෙනුනේ මේ කිසිවෙකුත් නොව වමත් පිතිකරු අන්ශ් ටැන්ඩන් ලබාගත් සටන්කාමී ශතකයයි.

ඉනිමේ නිමාව දක්වාම නොදැවී සිටිමින් තම කණ්ඩායම ජය ලබා දීමට උත්සාහ දැරූ ඔහු තරගය නිමාවීමට මොහොතක් තිබියදී තම ශතකය සපුරා ගත්තේය. පන්දු 102ක් තුලදී වාර්තා වූ ඔහුගේ අනර්ඝ ඉනිමට හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. මීට අමතරව මැදපෙළ පිතිකරුවෙකු ලෙස තම වගකීම ඉටුකළ ඔසාමා හසන් අද අර්ධ ශතකයක් (55) වාර්තා කර ගත්තේ හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟිනි. ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට පන්දු 46ක් ප්‍රමාණවත් විය.

පන්දු යැවීමේ දීත් වඩාත්ම විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කෙරුනේ වමත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක නවෝද් පරණවිතානගෙනි. ඔහු ප්‍රතිවාදීන්ට ලකුණු 54ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් ඩැහැ ගැනීමට සමත් විය. මීට අමතරව රොහාන් සංජය සහ නායක නිපුන් ධනංජය කඩුලු ද්විත්වය බැගින් බිඳ හෙලූහ.

ඒ අනුව අද සන්ධ්‍යා කාලයේ දී ශ්‍රී ලංකා පිළ ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟින් ඔවුන්ට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ද තහවුරු විය. ඒ B කාණ්ඩය යටතේ මේ දක්වා පැවති තරග ද්විත්වයම ජය ගැනීමට ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සමත් වූ නිසාවෙනි. ඒ අනුව මේ දක්වා තරගාවලියේ අපරාජිතව රැඳී සිටින මෙම කණ්ඩායම් දෙක අනිද්දා (10) එකිනෙකා සමඟ තරග වැදුනද එහි තීරණය අවසන් පූර්ණ වටයේ ස්ථානය ගිලිහී යාමට හේතු වන්නේ නැත.

Photos: Sri Lanka vs UAE – U19 Asia Cup 2019

Result


Sri Lanka U19
326/8 (50)

United Arab Emirates U19
274/9 (50)

Batsmen R B 4s 6s SR
Navod Paranavithana c Osama Hassan b Muhammad Farazuddin 61 60 9 0 101.67
Kamil Mishara c Vriitya Aravind b Sanchit Sharma 0 1 0 0 0.00
Ravindu De Silva lbw b Akasha Tahir 22 33 1 1 66.67
Ahan Wicrkamasinghe c & b Rishabh Mukherjee 73 52 11 0 140.38
Nipun Dananjaya c Osama Hassan b Palaniapan Meiyappan 60 69 5 0 86.96
Avishka Tharindu c Alishan Sharafu b Rishabh Mukherjee 13 15 2 0 86.67
Chamindu Wijesinghe c Palaniapan Meiyappan b Rishabh Mukherjee 27 27 1 1 100.00
Rohan Sanjaya c Ansh Tandon b Palaniapan Meiyappan 36 31 2 1 116.13
Ashian Daniel not out 16 8 2 0 200.00
Amshi De Silva not out 7 5 0 0 140.00


Extras 11 (b 1 , lb 0 , nb 1, w 9, pen 0)
Total 326/8 (50 Overs, RR: 6.52)
Fall of Wickets 1-2 (1.1) Kamil Mishara, 2-46 (9.3) Ravindu De Silva, 3-159 (23.5) Ahan Wicrkamasinghe, 4-161 (24.2) Navod Paranavithana, 5-176 (27.2) Avishka Tharindu, 6-224 (36.5) Chamindu Wijesinghe, 7-299 (47.3) Nipun Dananjaya, 8-301 (47.5) Rohan Sanjaya,

Bowling O M R W Econ
Akasha Tahir 6 0 43 1 7.17
Sanchit Sharma 8 0 52 1 6.50
Alishan Sharafu 7 0 41 0 5.86
Muhammad Farazuddin 9 0 54 1 6.00
Palaniapan Meiyappan 10 0 70 2 7.00
Rishabh Mukherjee 10 0 65 3 6.50


Batsmen R B 4s 6s SR
Syed Haider c Ahan Wicrkamasinghe b Rohan Sanjaya 27 50 4 0 54.00
Niel Lobo lbw b Chamindu Wijesinghe 4 21 0 0 19.05
Vriitya Aravind c Kamil Mishara b Rohan Sanjaya 26 32 2 2 81.25
Ansh Tandon not out 100 102 8 1 98.04
Alishan Sharafu c Avishka Tharindu b Navod Paranavithana 36 27 4 2 133.33
Osama Hassan c Chamindu Wijesinghe b Nipun Dananjaya 55 46 8 2 119.57
Sanchit Sharma c Chamindu Wijesinghe b Navod Paranavithana 4 8 0 0 50.00
Muhammad Farazuddin c & b Navod Paranavithana 0 1 0 0 0.00
Palaniapan Meiyappan b Navod Paranavithana 4 7 0 0 57.14
Akasha Tahir b Nipun Dananjaya 7 11 1 0 63.64


Extras 11 (b 0 , lb 2 , nb 5, w 4, pen 0)
Total 274/9 (50 Overs, RR: 5.48)
Fall of Wickets 1-22 (7.2) Niel Lobo, 2-60 (14.6) Syed Haider, 3-61 (16.5) Vriitya Aravind, 4-105 (24.6) Alishan Sharafu, 5-226 (41.5) Osama Hassan, 6-240 (44.2) Sanchit Sharma, 7-241 (44.4) Muhammad Farazuddin, 8-255 (46.6) Palaniapan Meiyappan, 9-274 (49.6) Akasha Tahir,

Bowling O M R W Econ
Yasiru Rodrigo 8 1 29 0 3.62
Amshi De Silva 6 0 30 0 5.00
Chamindu Wijesinghe 5 0 36 1 7.20
Ashian Daniel 8 0 46 0 5.75
Rohan Sanjaya 8 1 36 2 4.50
Navod Paranavithana 8 0 54 4 6.75
Nipun Dananjaya 7 0 41 2 5.86



බංග්ලාදේශය සහ නේපාලය අතර තරගය 

අද කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තරගය තරමක උණුසුම් මුහුණුවරක් ගත්තද අවසානයේ එහි ජයග්‍රහණය බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදිම බංග්ලාදේශය සතුවිය. කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ පිළේ ඇරයුමෙන් මුලින් පන්දුවට පහර දුන් නේපාල පිළ අද තමන්ට නියමිත පන්දුවාර 50 තුලදී ලකුණු 261ක් රැස් කිරීමට සමත් විය. ඒ කඩුලු 8ක් වැය කරමිනි. එහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ මෙම තරගාවලිය පුරාවට හොඳින් දස්කම් දැක්වූ පවන් සරෆ් නම් දකුණත් පිතිකරුවායි. 

ඔහු අද පන්දු 111කට මුහුණ දෙමින් ලකුණු 81ක් රැස්කර ගත්තේය. ඒ හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමඟිනි. මීට අමතරව බංග්ලාදේශ පිළට සටනක් ලබා දිය හැකි ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සන්දීප් ජෝරා අර්ධ ශතකයකින් දායක විය. පන්දු යැවීමේ දී වැඩි දස්කම් පෙන්නුම් කළේ දකුණත් පන්දු යවන්නන් දෙදෙනෙකු වන තන්සිම් සකීබ් සහ ශහීන් අලාමුයි. ඔවුන් දෙදෙනා කඩුලු 2 බැගින් තමන් අතරේ බෙදා ගත්හ.

පෙරළිකාර වැඩ සමඟින් නිමා වුන තරගාවලියෙන් පස්සේ ශ්‍රේණිගත කිරීමට වෙච්ච දේ

පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා නවසීලන්ත විස්සයි විස්ස තරගාවලිය වාර්තා ‍රැසකින් සමන්විත වූ අතර එම…

මෙම ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ පිළේ මුල් කඩුලු 2ම ලකුණු 19ක් තුලදී බිඳ වැටුනද මැදපෙළ පිතිකරුවන් සාර්ථක වීම නිසා අවසන් පන්දුවාරයේ තියුණු ජයක් තහවුරු කර ගැනීමට බංග්ලාදේශයට හැකිවිය. ඒ තරගය නිමා වීමට පන්දු 4ක් ඉතිරිව තිබියදීයි. තම කණ්ඩායම නේපාලය හමුවේ පරාජය වීමේ අවමානයෙන් ගලවාගත් නායක අක්බාර් අලි නොදැවී ලකුණු 98ක් රැස් කරමින් මෙම ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය. අංග සම්පූර්ණ එක්දින ඉනිමක් ක්‍රීඩා කළ ඔහු ඒ වෙනුවෙන් පන්දු 82කට මුහුණ දී හතරේ පහර 14ක් එල්ල කළේය.

නේපාල යොවුන් පිළ – කඩුලු 8ක් දැවී ලකුණු 261 (පන්දුවාර 50)

පවන් සරෆ් 81, සන්දීප් ජෝරා 56, රීත් ගෞතම් 32, කුශල් මල්ලා 28, තන්සිම් සකීබ් 2/51, ශහීන් අලාම් 2/58.

බංග්ලාදේශ යොවුන් පිළ – කඩුලු 4ක් දැවී ලකුණු 262 (පන්දුවාර 49.2)

අක්බාර් අලි 98*, තව්හිද් රිදෝයි 60, ශමීම් හොසේන් 42, මොහොමදුල් හසන් 40, කමල් සිං 2/59.

ඒ අනුව මූලික වටයේ තවත් තරග 4ක් ඉතිරිව තිබුනද මේ වනවිටත් ශ්‍රී ලංකාව, බංග්ලාදේශ, ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා අවසන්ය. ඒ ඔවුන් සහභාගි වූ තරග සියල්ලම ජයගත් බැවිනි. ඒ අනුව ප්‍රබල පාකිස්තානු යොවුන් පිළට මෙන්ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය සහ කුවේට් කණ්ඩායම් වලට මෙවර යොවුන් ආසියානු කුසලාන තරගාවලියෙන් සමු ගැනීමට සිදුවනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<