කුලසේකර, සමීර සහ ප්‍රසංසන දිනයේ ශතකලාභීන් බවට පත්වෙති!

251

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පලඟ ශූරතාවය වෙනුවෙන් පැවැත්වෙන තරග 3ක් අද (26) කොළඹ දී දෙවැනි දිනයටත් ක්‍රියාත්මක විය. එහිදී කෝසල කුලසේකර, සමීර ද සොයිසා සහ ප්‍රසංසන ජයමාන්න තම කණ්ඩායම් වෙනුවෙන් තීරණාත්මක අවස්ථාවල දී ශතක ලබා ගැනීමට සමත් වූහ.

කඩා වැටුණු BRC ඉනිම සම්පත්ගේ ශතකයෙන් යළි පණ ලබයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පලඟ ශූරතාවය වෙනුවෙන් පැවැත්වෙන තරග 3ක්

බදුරලිය ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

අලංකාර අසංක ක්‍රීඩා කළ විශිෂ්ට ඉනිමත්, සචිත් පතිරණ බිඳ හෙලූ කඩුලු 3ත් නිසා දෙවැනි දිනය නිමාවන විට මෙම තරගයේ ඉදිරියෙන් සිටින්නේ බදුරලිය කණ්ඩායමයි. අද උදෑසන තරගය ආරම්භ කරන විට මුවර්ස් ඇරයුමට අනුව පන්දුවට පහර දෙමින් සිටි ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 325ක් ලබා සිටි අතර අද එය ලකුණු 383ක් දක්වා වර්ධනය කර ගත්තේය. ඒ වෙනුවෙන් සිය නායකත්වයේ වගකීම උපරිමයෙන්ම ඉටු කළ අලංකාර අසංකගේ පිත්තෙන් ලකුණු 144ක් එක්විය. පන්දු 340කට මුහුණ දුන් ඔහු ඒ අතරතුරේ දී දර්ශනීය හතරේ පහර 15ක් එල්ල කිරීමට ද සමත් විය.

තම නායකයාට නිසි සහය ලබා දුන් කෝසල කුලසේකර අද තම පළමු පෙළ දිවියේ සිව්වැනි ටෙස්ට් ශතකය සපුරා ගන්නට ද සමත් විය. ඒ හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 102ක් ලබා ගනිමිනි. කෙසේ වෙතත් ඔහුගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි බදුරලිය ක්‍රීඩකයින් දිගු ඉනිම් ගොඩ නැගීමට අසමත් වූ අතර එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් නොදැවී සිටින්නට අලංකාර අසංක සමත් විය. මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින මුවර්ස් පිළ කඩුලු 3ක් පමණක් අතැතිව බදුරලිය කණ්ඩායමට වඩා ලකුණු 147ක් පිටුපසින් පසුවේ.

ජාත්‍යන්තර තරග සඳහා ද යොදා ගැනුණු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන සචිත් පතිරණ අද කඩුලු 3ක් බිඳ හෙලමින් මුවර්ස් පිතිකරුවන්ට වැඩිම හානිය සිදු කළේය. මීට අමතරව නුවන් තුෂාර කඩුලු 2ක් දවා ගත්තේය. හෙට තරගයේ අවසන් දිනය වන නිසා තරගයේ ජය ලබා ගැනීම වෙනුවෙන් බදුරලිය කණ්ඩායම ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

බදුරලිය ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 383 (පන්දුවාර 107.2)

අලංකාර අසංක 144*, කෝසල කුලසේකර 102, සාලින්ද උශාන් 41, නදීර නාවෙල 16, දෙනුවන් රාජකරුණා 15, අනුක් ප්‍රනාන්දු 3/46, ශිරාන් ප්‍රනාන්දු 4/88, රමේෂ් මෙන්ඩිස් 2/43.

මුවර්ස් ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 236 (පන්දුවාර 67)

රමේෂ් මෙන්ඩිස් 84*, පබසර වඩුගේ 60, අනුක් ප්‍රනාන්දු 35, තරිඳු කෞෂාල් 20*, සචිත් පතිරණ 3/97, නුවන් තුෂාර 2/37, අලංකාර අසංක 1/9.

කෞෂාල්ගේ දෛවෝපගත ඉනිම ද්විත්ව ශතකයෙන් නවතී

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවලට අභියෝග කරන මෙරට ක්‍රිකට් පිටියේ ක්‍රියාත්මක


රාගම ක්‍රිකට් සමාජය සහ BRC කණ්ඩායම අතර තරගය

කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී ක්‍රියාත්මක වන මෙම තරගයේ මේ වන විට කැපී පෙනෙන ලෙස ඉදිරියෙන් සිටින්නේ රාගම ක්‍රිකට් සමාජයයි. ඒ ඔවුන්ගේ කඩුලු රකින පිතිකරු ලෙස කටයුතු කරන සමීර ද සොයිසා ක්‍රීඩා කරන අතිවිශිෂ්ට ඉනිම නිසාවෙනි.

මේ වන විට ඔහු නොදැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 155කි. පන්දු 301කට මුහුණ දී ඇති සමීර මේ වනවිට එල්ල කර ඇති හතරේ පහර සංඛ්‍යාව 12කි. හයේ පහර 1කි. ඔහුට අමතරව කණ්ඩායමේ එකම අර්ධ ශතක ලාභියා බවට පත්වූ සමින්ද ප්‍රනාන්දු ලකුණු 56ක් රැස්කර ගත්තේය. ඒ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟයි.

පන්දු යැවීමේ දී BRC දඟපන්දු බල ඇණිය නියෝජනය කරන තිලකරත්න සම්පත් ලකුණු 85කට කඩුලු 4ක් බිඳ හෙලූ අතර යොවුන් ක්‍රීඩක දුවිඳු තිලකරත්න කඩුලු 3ක් දවා ගත්තේය. සමස්ත තරගය තුල මේ වන විට තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වා ඇති තිලකරත්න සම්පත් මුල් ඉනිමේ ශතකයක් ද වාර්තා කර ගැනීමට සමත් විය. මේ වන විට රාගම ක්‍රිකට් සමාජය, BRC කණ්ඩායමට වඩා ලකුණු 33ක් ඉදිරියෙන් පසුවන්නේ තවත් කඩුලු 2ක් අතැතිවයි.

BRC (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 291 (පන්දුවාර 65.5)

තිලකරත්න සම්පත් 105, හශේන් රාමනායක 40, විකුම් සංජය 37, භානුක රාජපක්ෂ 36, දේශාන් ඩයස් 30, කල්හාර සේනාරත්න 4/63, ජනිත් ලියනගේ 2/43, මොහොමඩ් අලි 2/45.

රාගම ක්‍රිකට් සමාජය (ප්‍රථම ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 324 (පන්දුවාර 113)

සමීර ද සොයිසා 155*, සමින්ද ප්‍රනාන්දු 56, ශෙහාන් ප්‍රනාන්දු 28, දිනෙත් තිමෝද්‍ය 19*, සංජය චතුරංග 18, තිලකරත්න සම්පත් 4/85, දුවිඳු තිලකරත්න 3/34.

පිතිපෙළ නැවත වරක් නාය යයි; ශ්‍රී ලංකාවට ලැජ්ජා සහගත පරාජයක්!

තරගය පුරාවට දැක්වූ දියාරු පිතිකරණ රටාව නිසා ඕස්ට්‍රේලියානු සංචාරය අරඹමින් පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලැජ්ජා


මීගමුව ක්‍රිකට් සමාජය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර තරගය

කොළඹ මුවර්ස් පිටිය කේන්ද්‍ර කොට ගනිමින් ක්‍රියාත්මක වන මෙම තරගය හෙට බොහෝ දුරට ජය පරාජයෙන් තොරව නිමා වීමට ඉඩ ඇත. ඒ දෙපිළම පිතිකරණ අංශයෙන් සාර්ථක වූ බැවිනි. එහි දී අඩු ලකුණු ගණනකට නිමා වන්නට තිබූ මීගමු ක්‍රිකට් සමාජයේ ප්‍රථම ඉනිම බේරාගත් ප්‍රසංසන ජයමාන්න ලකුණු නොදැවී ලකුණු 137ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු 296ක් වැයවුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහර 6ක් ඇතුළත් විය. විශේෂයෙන්ම ඔහු පසුපෙළ පිතිකරුවන් සමඟ ද සබඳතා ගොඩ නගමින් තම කණ්ඩායමට අනර්ඝ සේවයක් ඉටු කරනු මෙම ඉනිම අතරතුරේ දී දැකිය හැකි විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින වරාය අධිකාරිය දෙවැනි දිනය සඳහා තරගය තාවකාලිකව නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 208ක් ලබා සිටියි. ඒ වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ වමත් පිතිකරු ප්‍රිමෝශ් පෙරේරා ලකුණු 70කින් වරාය ඉනිම ඉහළ දැම්මේය. ඒ හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟිනි. මේ දක්වා වාර්තා වූ අනෙක් එකම අර්ධ ශතක ලාභියා වූයේ ලකුණු 51ක් රැස් කර ගත් යොහාන් ද සිල්වායි. පන්දු යැවීමේ දී වමතින් පිට දඟ පන්දු යවන ක්‍රීඩක උපුල් ඉන්ද්‍රසිරි කඩුලු 4ක් බිඳ දැමීය. මේ වනවිට වරාය අධිකාරි කණ්ඩායම කඩුලු 4ක් අතැතිව ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 157ක් පිටුපසින් පසුවෙයි.

මීගමුව ක්‍රිකට් සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 365 (පන්දුවාර 102.1)

ප්‍රසංසන ජයමාන්න 137*, සහන් ආරච්චිගේ 69, දිලශ්‍රී ලොකුබණ්ඩාර 33, ඇන්ජෙලෝ ජයසිංහ 31, හශාන් විමර්ශන 3/63, චානක කොමසාරු 4/75, චමින්ද බණ්ඩාර 2/134.

වරාය අධිකාරිය (ප්‍රථම ඉනිම) – 6ක් දැවී ලකුණු 208 (පන්දුවාර 71)

ප්‍රිමෝශ් පෙරේරා 70, යොහාන් ද සිල්වා 51, ගිහාන් රූපසිංහ 26*, ප්‍රශාන් වික්‍රමසිංහ 22, උපුල් ඉන්ද්‍රසිරි 4/54, ශෙහාන් ජයසූරිය 2/45.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<