මුරලි රෝහල් ගතකරයි

IPL 2021

138

ශ්‍රී ලංකා ප්‍රවීණ දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඊයේ (18) සවස චෙන්නායි හි රෝහලකට ඇතුළත් කර තිබුණා. ඒ ඔහුගේ හදවත ආශ්‍රිතව සිදු කළ යුතුව තිබුණු ශල්‍යකර්මයක් කිරීම සඳහායි.

49 හැවිරිදි වියේ පසුවන මුරලිදරන් මේ වන විට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Sunrisers Hyderabad කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරයි. 

තවත් ක්‍රිකට් පුවත්:

වෛද්‍ය පරීක්ෂාවකට භාජනය වූ මුරලිදරන්ට උපදෙස් දී තිබුණේ වහාම ප්‍රතිකාර සඳහා සහභාගී වන ලෙසයි. ඒ අනුව ඔහු මෙම ශල්‍යකර්ම සඳහා යොමු වී ඇති අතර Sunrisers Hyderabad කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරි Shanmuganathan Cricbuzz වෙත පවසා තිබුණේ,

IPL සඳහා සහභාගී වීමට පෙර මුත්තායියා මුරලිදරන් ඔහුගේ හදවතේ තිබුණු යම් අවහිරතාවක් නිසාවෙන් ලංකාවේ දී වෛද්‍ය පරීක්ෂණයකට යොමු වෙලා තිබුණා. මුල දී ඔහුට ශල්‍යකර්මයක් අනවශ්‍ය බව වෛද්‍යවරුන් විසින් පවසා තිබුනත්, චෙන්නායි හි Apollo රෝහල විසින් ඔහුට angioplasty නම් ශල්‍යකර්මයක් නිර්දේශ කර තිබුණා. වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු ප්‍රතිකාර සඳහා යොමු වූ බවයි. 

කෙසේ නමුත් මේ වන විට මුත්තායියා මුරලිදරන් ඉතාමත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත්, අද ඔහුව රෝහලෙන් පිටත් කර හැරීමට නියමිත බවත් වාර්තා වෙනවා. 

“ඔහු බොහෝම හොඳ සුවයෙන් පසුවෙනවා, තවත් දවස් කිහිපයකට පස්සේ ඔහු නැවතත් පිටියට අවතීර්ණ වේවි” Shanmuganathan වැඩිදුරටත් පවසා තිබුණා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<