ක්‍රිකට් ක්‍රීඩාවේ මැජික්කාරයා – ස්මිත්

හිටපු ඕස්ට්‍රේලියා නායක ඉයන් චැපල් විසින් ESPN වෙත සැපයූ ලිපියකි

90

වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම ක්‍රීඩකයා ලෙස ස්ටීව් ස්මිත් අවිවාදයෙන් පිළිගත හැක. ස්මිත් ක්‍රීඩා කරන තරගයක ඔහු පන්දුවට පහර දීමට පැමිණෙන සෑම අවස්ථාවකම බොහෝ දෙනාට මතුවන ගැටලුවක් පවතී. “ඔහු කොහොමද එහෙම කරන්නේ?” 

ස්මිත්ගේ ආක්‍රමණශීලී පන්දුවට පහර දීම තරගයේ ආරම්භයේ පටන් සිදු නොවේ. මනා සංයමයකින් යුක්තව පන්දු යවන්නා හා පන්දුවේ හැසිරීම මනාව අධ්‍යනය කිරීම මුලින්ම සිදු වන දෙයකි. ඉන් අනතුරුව පැමිණෙන්නේ ගිනිකෙළි ය. අහසෙහි පාවෙමින් එල්ල වන දර්ශනීය පහරවල්‍ ය. පා ඉන්නෙන් පිට පතිත වන පන්දුවක් පවා deep backward square leg කලාපයෙන් හතරේ පහරක් බවට පත්වීම සුලබ දසුනකි. 

එංගලන්තය ඇවිළෙන ගින්නකට පිදුරු දමයි

අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය එළඹෙන 2023 – 2031 තරග වාරය සඳහා ලෝක මට්ටමේ තරගාවලි 8ක්…

ස්මිත් තම ක්‍රීඩා රටාව එක් එක් තරග රටාවන්ට අනුව වෙනස් නොකරන ක්‍රීඩකයෙකි. පසුගිය දා නිමා වූ අළුබඳුන ටෙස්ට් තරගාවලියේ දී පවා දණහිස බිම තබා එල්ල කරන පහරකින් ලකුණු හතරක් ලබා ගැනීම දක්නට ලැබුණි. ඇත්තටම ඔහු එහෙම කරන්නේ කොහොම ද? 

ඔහුගේ සාර්ථකත්වය එක් තරගයක් හෝ තරග දෙකක් සඳහා පමණක් නොවේ. 2019 වසරේ දී නැවත ජාත්‍යන්තර තරග සඳහා පිවිසි අවස්ථාවේ සිට මේ දක්වා ඔහු අසාර්ථක වූ තරගයක් සොයාගත නොහැකි තරම්ය. ස්මිත්ගේ ක්‍රීඩා රටාව අන් ක්‍රීඩකයන්ගෙන් වෙනස් වන ප්‍රමාණය කෙතරම් ද කියතොත් එය වෙනම ක්‍රීඩාවන් මෙන් වෙනස්ම ක්‍රීඩා රටාවකි. 

උදාහරණයකට විරාත් කෝලි දෙස බැලුවහොත් ඔහුගේ ක්‍රීඩා රටාව ස්මිත්ගේ ක්‍රීඩා රටාවට හාත්පසින්ම වෙනස් ය. ස්මිත්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා වන කෝලිගේ ලකුණු රැස්කිරීම ඕනෑම කෙනෙකුට අවබෝධ කර ගත හැක. ඔහුගේ ක්‍රීඩා රටාව ස්ථාවරය. සාම්ප්‍රදායික පිතිකරණ ක්‍රම හා පහරවල් මගින් ඔහු ලකුණු රැස් කරයි. ඔහුගේ සාර්ථකත්වයට හේතුව එම සාම්ප්‍රදායික පහරවල් එල්ල කිරීමට ඔහුට ඇති හැකියාවයි. ඒ සඳහා ඔහු මනා පුහුණුවක් ලබා ඇත. 

විරාත් කෝලි එක් එක් ක්‍රීඩා රටාවන් සඳහා එක් එක් පහරවල් යොදාගැනීම කැපී පෙනෙන කරුණකි. Reverse Sweep පහර ටෙස්ට් ක්‍රිකට් තරගයක දී බහුලව භාවිතා කරන කෝලි එය එක්දින හෝ විස්සයි විස්ස තරග සඳහා භාවිතා නොකිරීමට වගබලාගනී. ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා පිවිසීමට බලාපොරොත්තු වන නවක ක්‍රීඩකයන් හට කෝලිගෙන් ඉගෙන ගත යුතු පාඩම් බොහෝය. නව ක්‍රිකට් රටාවන් සඳහා ක්‍රීඩකයන් යොමු කරන පුහුණුකරුවන් හට විරාත් කෝලි යනු හිසරදයකි. 

පූරන්ගේ සටන්කාමී ඉනිම නිසා කොදෙව්වන්ට තවත් ජයක්!

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ ලක්නව් හිදී පැවති දෙවැනි එක්දින තරගයත් ලකුණු 47කින් ජය ගැනීමට…

ක්‍රිකට් ක්‍රීඩාවේ දී පන්දුවට පහර දීමේ රටාවන් තමන් තනිව කළ යුතු දෙයක් බව ඔප්පු කිරීමට ස්මිත් හා කෝලි යනු සුදුසුම උදාහරණ දෙකකි. ක්‍රිකට් ක්‍රීඩාව තුල තම අනන්‍යතාව අනුව ක්‍රීඩා කළ යුතු බව පෙන්වීමට ඔවුන් ප්‍රමාණවත් වේ. 

ස්ටීව් ස්මිත්ගේ ක්‍රීඩා රටාව ඔහුගේම නිෂ්පාදනයකි. ඔහුගේ ක්‍රීඩා රටාව වෙනස් කරන ඕනෑම පහරක් වළක්වා ගැනීමට ඔහු ශක්තිමත් ය. ස්මිත්ගේ පාද චලන හා පහර එල්ල කරන ආකාරය අන් ක්‍රීඩකයන්ට වඩා වෙනස් වන්නේ එබැවිනි. තනි පාදයෙන් සිට හෝ බිම දිගාවී එල්ල කරන පහරවල දී හැර අන් අවස්ථාවල දී ඔහුගේ පාද ස්ථාවරය. ඔහු එල්ල කිරීමට අපේක්ෂා කරන පහරට අනුව ඒවා සකසා ගැනීමට ඔහු ක්‍රියා කරයි.

පසුගිය දා නිමා වූ තරගයක දී ද ස්මිත්ගේ ගිනිකෙළි දක්නට ලැබුණි. පන්දු ‍යවන්නන්ට එළව එළවා පහර දුන් එම තරගයෙන් අනතුරුව ස්මිත්ගෙන් අදහස් විමසූ විට ඔහු සිනාසෙමින් පවසා සිටියේ “ඒක නෙමෙයි ද පන්දුවට පහර දෙන එකේ අරමුණ?” යනුවෙනුයි. 

සැබැවින්ම ස්මිත් එම අරමුණට ළඟා වී ඇත. එම අරමුණ පසුකර ගොස් ඇත. නිමා වූ අළුබඳුන ටෙස්ට් තරගාවලියේ දී ස්මිත් දවා ගැනීමේ කිසිදු සාර්ථක සැලැස්මක් එංගලන්ත නායක ජෝ රූට් හට තිබුණේ නැත. 

ඔහුගේ කිසිදු සැලැස්මක් එයාකාරයෙන්ම ක්‍රියාත්මක නොවීය. බවුන්සර් පන්දුවක් මඟින් බිම හෙලා හෝ ඔහු දවා ගැනීමට එංගලන්තයට නොහැකි විය. ස්මිත් එම ආබාධයෙන් පසුව නැවත පැමිණියේ පෙරටත් වඩා ක්‍රියාශීලීවය. ඉන් අනතුරුව ද පෙර සේම පහර දීමට ඔහු පෙලබීය.

ස්මිත් හිසරදයක් වූයේ එංගලන්ත පන්දු ‍යවන්නන්ට පමණක් නොවේ. එංගලන්ත ප්‍රේක්ෂකයන් ද ස්මිත්ගේ ගිනිකෙළි නිසා අසරණ වී සිටියහ. අයෙකු “ස්මිත් දවා ගන්න දන්න කෙනෙක් සිටිනවා නම් වහාම එංගලන්ත ක්‍රීඩක විවේකාගාරයට පැමිණෙන්න” යැයි සඳහන් කර තිබුණි. කෙසේ වෙතත් ස්මිත් එංගලන්තයේ සියලු උත්සාහයන් ව්‍යර්ථ කිරීමට සමත් විය. 

ෆින්ච් සහ වෝනර් පාකිස්තානයට කට උත්තර නැති කරයි

ඕස්ට්‍රේලියාව සහ සංචාරක පාකිස්තානය අතර පැවති තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය..

ස්මිත්ගේ පිතිකරණයේ විශේෂ ලක්ෂණයක් වන්නේ පන්දුවට පහර දීමට පෙර ඔහු තම පාදය තරමක් පා ඉන්නෙන් පිටතට ගැනීමයි. එමඟින් ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීම අපහසු වන අතර ශක්තිමත් පහළ අත මඟින් පිත්තට ලබා දෙන වේගය නිසා ඔහුගේ පහරවල් වලට වඩා වැඩි වේගයක් ගෙන එයි. 

ස්මිත්ගේ මෙම ලක්ෂණ කඩුල්ල මුවා කිරීම හෝ පන්දුව කඩුල්ලේ වැදී දැවී යාම වඩාත් අපහසු කර ඇත. ප්‍රතිවාදීන් විසින් ඔහුගේ on side ලකුණු ලබා ගැනීම අඩු කිරීම සඳහා පන්දු ‍රකින්නන් යොදවා තිබෙන විට ස්මිත් පා ඉන්න දෙසින් එල්ල වන පන්දු තම off side කලාපයට හරවා යවන්නේ කිසිදු අපහසුවකින් තොරවය. ප්‍රතිවාදී නායකයාගේ මෙම සැලැස්ම මනාව හඳුනා ගන්නා ස්මිත් එයට පෙර සිටම ප්‍රතිචාර දැක්වීමට සූදානම්ව සිටී. 

ස්මිත්ගේ කණ්ඩායම් සගයන් පවසන්නේ තරගාවලියක් අතරතුර සෑම අවස්ථාවකම ඔහුගේ හෝටල් කාමරය දෙසින් පන්දුව පිත්තෙහි වදින ශබ්දයක් ඇසෙන බවයි. තරගාවලියක් අතරතුර ප්‍රතිවාදී පන්දු ‍යවන්නන් ද නිදි නොලබනවා ඇත. නමුත් ඔවුන්ගේ රාත්‍රිය ස්මිත්ගේ තරම් ඵලදායි නොවනු ඇත. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<