පාන්ඩ්‍යාගේ අසමත් පරීක්ෂණය ශංකර්ට වාසනාව ගෙන දේ

80

ඉන්දීය කණ්ඩායමේ සීමිත පන්දුවාර තරගය හිදී තුන් ඉරියව් අංශය සවිමත් කරමින් මෑත කාලයේ දී සුවිශේෂී දස්කම් පෑ ක්‍රීඩකයින් අතරින් හර්දික් පාන්ඩ්‍යා හට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. 

ධනංජය අර්ධ ශතකයක් වෙත යද්දී ශ්‍රී ලංකාවට 78ක් හරස් වෙයි

ජවයත්, නිසි ඉලක්කයත් නොවූ කල වල්මත් හැර අන් දෙයක් නැති බව නැවත වරක් සනාථ කරමින් ශ්‍රී ලංකාව සහ…

ඒ අනුව නොබෝ දිනකින් නවසීලන්තයෙ හි සංචාරයක නිරත වන ඉන්දීය A කණ්ඩායම් සංචිතය සඳහා ක්‍රීඩකයින් තෝරාපත් කරගැනීම මේ දිනවල සිදු වන අතර එහිදී සෑම ක්‍රීඩකයෙකු හටම ඊයේ (11) මුම්බායිහී පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා මුහුණ දීම අනිවාර්ය කර තිබුණි.

කෙසේ නමුත් හර්දික් පාන්ඩ්‍යා හට මෙම කඩඉම පසුකොට යෑමට නොහැකි වීම බොහෝ දෙනා මවිතයට පත්කළ අතර තේරිම් කමිටු නිලධාරීන් ඔහුව සංචිතය වෙත කැඳවා තිබුණේ මෙවර රන්ජි කුසලාන තරගාවලියේ දී පෙන්වා ඇති දක්ෂතා පිළිබඳව ද වැඩි තැකීමකින් තොර වීම මෙහි දී කැපි පෙනුණි.

සාන්ත පීතර, අන්තෝනි සහ ත්‍රිත්ව විද්‍යාල වලට සුපිරි ජයග්‍රහණ

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමුපෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හයක් අද (11) දිනයේ දී…

ඉන්දීය A කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් ඇතුළත් කරගැනීමේ දී යොදා ගනු ලබන ශාරීරික යෝග්‍යතා පිරික්සුම් වැඩසටහන් ඉන්දීය ජාතික කණ්ඩායම සඳහා ක්‍රියාත්මක කරනු ලබන විධික්‍රම වලට සාපේක්ෂව තරමක් ලිහිල් ස්වභාවයක් ගන්නා නමුත් එවැනි පසුබිමක දී වූවද සාධනීය මට්ටමට වඩා ඉතාමත් පහළ අගයක තම ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීම පාන්ඩ්‍යා හට මෙම ඉරණම අත්වීමට මූලිකවම බලපෑ ඇත.

මෙම තත්වය සැලකිල්ලට ගනිමින් පාන්ඩ්‍යාගෙන් පුරප්පාඩු වන තුන් ඉරියව් ක්‍රීඩකයාගේ භූමිකාවට පණ පෙවීමේ සඳහා තමිල්නාඩු ප්‍රාන්ත කණ්ඩායම් නායක විජය ශංකර් කණ්ඩායමට එක්කර ගැනීමට තේරීම් කමිටු නිළධරයින් පියවර ගෙන තිබේ.    

නවසීලන්ත A කණ්ඩායමට එරෙහිව එරට දී පැවැත්වීමට නියමිත පුහුණු පන්දුවාර 50 තරග ද්විත්වයක්, A ලැයිස්තුවේ තරග තුනක් ද ඇතුළුව සිව්දින ටෙස්ට් තරග දෙකක් සඳහා වන අවසන් ඉන්දීය A සංචිතය ද මේ වන විට මාධ්‍ය වෙත ප්‍රකාශයට පත්කොට අවසන්ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<