යුද හා ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ජයග්‍රහණ ලබති

297

සිලෝන් බිස්කට් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපර් ලීගයේ කාන්තා තරග පසුගිය 06 වැනිදා ආරම්භ විය. ඊයේ හා අද (8) තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වුණු අතර හෙට (9) තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වීමට නියමිතයි.

විදුලිබල, MAS, යුධ හා නාවික හමුදා පෙරටම

සිලෝන් බිස්කට් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපර් ලීගයේ…

තරගාවලියේ කාන්තා අංශය සඳහා කණ්ඩායම් හයක් තරග වදින අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, MAS Leisure Line, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුධ හමුදාව එම කණ්ඩායම් වේ.

අද දිනයේ දී කාන්තා අංශයේ තවත් මූලික වටයේ තරග දෙකක් පැවැත්විය.


ශ්‍රී ලංකා යුධ හමුදාව හා MAS කණ්ඩායම

MAS කණ්ඩායමේ ළාබාල ක්‍රීඩිකාවන් ප්‍රබල හා පරිණත යුධ හමුදා ක්‍රීඩිකාවන්ට හොඳ තරගයක් ලබා දුන්නත් යුධ හමුදා ක්‍රීඩිකාවන් පහසුවෙන් තරගය ජය ගැනීමට සමත් විය. තරගයේ ලකුණු සටහන දැක්වුණේ 25-19ක්, 25-15ක් හා 25-22ක් ලෙසයි.


ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම

අද දිනයේ පැවැත්වුණු තරගකාරීම තරගය වූ මේ තරගය වට පහම ක්‍රියාත්මක වීම විශේෂත්වයක් විය.

විදුලිබලය සහ නාවික හමුදාව සාර්ථකව සුපර් ලීගය අරඹයි

සිලෝන් බිස්කට් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපර් ලීගයේ…

පළමු වට දෙක ලකුණු 25-15ක් සහ 28-26ක් ලෙස ජය ගන්නට ප්‍රබල ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් වූ අතර ඔවුන්ට දැඩි අභියෝගයක් එල්ල කරමින් තෙවන හා සිව්වැනි වට (29-31 ක් හා 23-25) ජය ගැනීමට පරිණත හා අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් සිටි වරාය අධිකාරි කණ්ඩායම සමත් විය. පස්වැනි හා අවසන් වටය ද ඉතා උණුසුම් වූ අතර ලකුණු 15-16ක් ලෙස අවසන් වටය හා තරගය ජය ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.     

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<