Dhoniගේ අංක 07 පිටුපස සැඟවුණු කතාව

2422
MS Dhoni opens up on his iconic No. 7 jersey

ඉන්දීය ක්‍රිකට් ඉතිහාසය තුල බිහි වූ සාර්ථකම නායකයා ලෙස කාගේත් ගෞරවාදරයට පාත්‍ර වන හිටපු කඩුලු රකින ක්‍රීඩක M. S. Dhoni තවත් තම ක්‍රිකට් දිවියේ තවත් එක් පරිච්ඡේදයක් පසුකිරීමට සූදානම් වන්නේ මෙවර 2022 IPL නව තරග වාරය සඳහා හොඳින් පෙර සූදානම් වෙමිනි.

ජාත්‍යන්තර තරග බිමෙන් සමුගත්ත ද තවමත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා තම දායකත්වය ලබා දෙන Dhoni හට ගියවර ශූරතාවය දිනා ගත් Chennai Super Kings කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තවදුරටත් පැවරී තිබේ.

Dhoni හා බැඳුණු සුවිශේෂී කරුණු කාරණා කිහිපයක් අතරින් නිරන්තරයෙන්ම විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කතා බහට ලක්වන මාතෘකාවක් බවට ඔහු සහ අංක 07 ජර්සිය අතර ඇති බැඳීම පිළිබඳ ගෙතුණු කතාන්දර හුවා දැක්විය හැකි.

ඔහු ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා අවස්ථාවේ දී ඉන්දීය ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙකු එක හඬින් පවසා සිටියේ අංක 07 ජර්සිය මින් ඉදිරියට වෙනත් ක්‍රීඩකයෙකුට ලබා නොදිය යුතු බවත්, එය Dhoniට සිදු කරන ගෞරවයක් ලෙස ඔහුගේ නමින් වෙන්කොට තැබිය යුතු බවත්ය.

කෙසේ නමුත් තමන් අංක 07 ජර්සිය පැලඳීමට හේතු වූ සිදුවීම පිළිබඳව පසුගිය දිනක පැහැදිලි කිරීමක් සිදු කළ Dhoni පවසා සිටියේ එයට එකම හේතුව බවට පත්වූයේ තමන්ගේ උපන්දිනය යෙදී තිබෙන්නේ හත්වැනි මාසයේ හත්වැනි දිනයේ වීම නිසාවෙන් බවයි.

ගොඩක් දෙනෙක් හිතුවේ 07 කියන්නේ මගේ වාසනාවන්ත අංකය කියලා. නමුත් මම විශේෂයෙන්ම 07 ඉලක්කම තෝරගන්න ප්‍රධානම සහ එකම හේතුව බවට පත්වුනේ හරිම සරල කාරණාවක්. මම ඉපදුණේ ජූලි මාසයේ හත්වැනිදා. ඒ කියන්නේ 07/07. ඒක තමයි එකම සැඟවුණු කතාව.”

මට ජර්සි නොම්බරයක් තෝරගන්න ලැබුණු වෙලාවේ දී මම ගොඩක් සංකීර්ණ දේවල් හිතන්න කලින් කල්පනා මගේ උපන්දිනය යෙදිලා තියෙන දිනයම ජර්සියේ සටහන් කරන්න. ගොඩක් දෙනෙක් මගෙන් මේ ගැන අහද්දී මම ඒ හැම වෙලාවක දී ම මේ දේ පැහැදිලි කරලා තියෙනවා. තවත් විදියකින් කිව්වොත් මම ඉපදුණේ 1981 වර්ෂයේ. 8න් 1ක් අඩු කළාමත් 7යි.”

“07 කියන්නේ හරිම මධ්‍යස්ම ඉලක්කමක්. මොකද මම එහෙම කියන්නේ, මම විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක් ඒ ගැන කියනවා ඇහිලා තියනවා. 07 ඉලක්කම ඇත්තටම අපිට වාසනාවක් ගෙනවා හෝ නැතා කිසිම වෙලාවක ඒක අසුබ හෝ අවාසනාවන්ත ඉල්ලමක් නෙමෙයි කියන විශ්වාසය මට තියෙනවා. මම මිත්‍යාවන් පස්සේ පන්නන කෙනෙක් නොවුනට ඇත්තටම 07 ඉලක්කම මගේ හදවතට බොහෝ අවස්ථාවන්වල දී සමීප වෙලා තියෙනවා.”

2022 IPL තරග වාරය සඳහා පෙර සූදානම් වන CSK සංචිතය සමඟ Surat හී පැවති පුහුණුවීමේ කඳවුරකට සහභාගී වූ Dhoni එහි දී කණ්ඩායම සමඟ එක්වූ නවක මුහුණු සමඟ එකට එකතු වෙමින් නව සැලසුම් කරන අයුරු දැක ගත හැකි වූයේ මෙවර ද සෙසු කණ්ඩායම් හට තමන් ඇතුළු CSK බල ඝනය ප්‍රබල තර්ජනයක් එල්ල කරන බවට පැහැදිලි ඉඟියක් ලබා දෙමිනි.

Hindustan Times ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<