ආසියානු ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවේ දී රැස්වෙයි

1587

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) මීළඟ වාර්ෂික මහා සභා රැස්වීම මේ මස 19 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති හා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් Jay Shah මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ රැස්වීම සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් 40 දෙනෙක් පමණ සහභාගී වීමට නියමිතයි.

පසුගිය සතියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති හා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් Jay Shah මහතා අතර විශේෂ හමුවක් ඉන්දියාවේ දිල්ලි නුවර දී පැවැත්වී තිබෙනවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වෙන ආකාරය සහ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 15 වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය (T20) පිළිබඳව එම හමුවේ දී විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

එසේම අද (18) දිනයේ දී ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති හා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් Jay Shah මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර හමුවක් ද සිදු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

ක්‍රීඩා ලොව උණුසුම් පුවත් සමඟ තවත් ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<