ක්‍රීඩකයන්ගේ මනස ශක්තිමත් කරන්න දෝනි එක්වෙයි

171
MS Dhoni

වර්තමාන ලෝක ක්‍රිකට් පිටිය තුල captain cool ලෙස විරුදාවලිය ලත් ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි සෑම විටම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ අවදානම් අවස්ථාවල දී සන්සුන් ඉරියව් පවත්වා ගැනීම නිසාවෙනි. නමුත් තරගය දුෂ්කර වන විට තමාටත් පීඩනය දැනෙන බව පිළිගැනීමට තරම් ඔහු අවංක විය.

හිටපු ක්‍රීඩක සැමුවෙල් බද්‍රිනාත් ආරම්භ කළ MFORE සැසියකට එක්වෙමින් දෝනි මෙම මානසික ගැටලු පිළිබඳව පවසා ඇත. ඒ සඳහා සර්වනාර් කුමාර් නම් පුද්ගලයා ද එක්ව සිටියේය. 

රට සාමාන්‍ය වීමට සැරසෙද්දී ක්‍රිකට් කණ්ඩායමත් රාජකාරියට

පැතිර යන නව කොරෝනා වයිරසය නිසාවෙන් මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අඩපණ..

“ඉන්දියාවේ, මානසික අංශ සම්බන්ධයෙන් යම් දුර්වලතාවයක් ඇති බව පිළිගැනීමේ විශාල ගැටලුවක් තවමත් පවතින බව මට හිතෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් එය මානසික රෝගයක් ලෙස හඳුන්වනවා,” දෝනි විවිධ ක්‍රීඩා අංශවල පුහුණුකරුවන් සමඟ සැසියක දී පවසා තිබේ. ඒ රට පුරා අගුළු දැමීම අතරතුර පැවති සැසියක දී ය. 

“කිසිවෙකු ඇත්තටම එය කියන්නේ නැහැ. මම පන්දුවට පහර දෙන විට පළමු පන්දු 5 සිට 10 දක්වා මගේ හෘද ස්පන්දන වේගය ඉහළ නැංවෙනවා. මට පීඩනය දැනෙනවා, මට ටිකක් බය දැනෙනවා” ඉන්දියාව වෙනුවෙන් 2011 ලෝක කුසලානය දිනූ නායකයා පෙන්වා දුන්නේය.

“මෙය කුඩා ගැටලුවක් වන නමුත් බොහෝ විට අපි එය පුහුණුකරුවෙකුට පැවසීමට පසුබට වෙනවා. ඕනෑම ක්‍රීඩාවක් වුවද ක්‍රීඩකයෙකු සහ පුහුණුකරු අතර සම්බන්ධතාවය ඉතා වැදගත් වන්නේ ඒ නිසා” යනුවෙන් දෝනි පැවසීය. පසුගිය වසරේ ජූලි මාසයේ දී ඉන්දියාව ලෝක කුසලාන අවසන් පූර්ව තරගයෙන් ඉවත් වීමෙන් අනතුරුව දෝනි කිසිදු ජාත්‍යන්තර තරගයක් සඳහා සහභාගි වී නැත. 

මානසික තත්ත්ව පුහුණුකරුවකුගේ වැදගත්කම අවධාරණය කරමින් දෝනි මෙසේ පැවසීය: “මානසික තත්ත්ව පුහුණුකරු දින 15කට වතාවක් පැමිණෙන කෙනෙක් නොවිය යුතුයි. මන්ද ඔබ දින 15කින් පැමිණෙන විට වෙන්නේ අත්දැකීම් බෙදා හදා ගැනීම පමණි. මානසික තත්ත්ව පුහුණුකරු නිරන්තරයෙන් සිටින්නේ නම්  ක්‍රීඩකයාගේ මානසික තත්ත්වය වගේම ඔහුගේ ක්‍රීඩාවට බලපාන ක්ෂේත්‍ර තේරුම් ගත හැකියි.”

පාකිස්තාන ක්‍රීඩකයෝ Zoom වලින් ක්‍රිකට් ගහයි

කොරෝනා වයිරස ව්‍යාප්තිය නිසා ගෙදරටම කොටු වූ පාකිස්තාන ක්‍රීඩකයින් Zoom ඔස්සේ නැවතත්…

MFORE හි ප්‍රධාන පරමාර්ථය වන්නේ මනස නිසා ඇති වන බාධා ඉවත් කර ක්‍රීඩකයෙකුට ඔහුගේ සැබෑ හැකියාවන් අනුව ක්‍රියා කිරීමට අවස්ථාව ලබා දීමය. මේ බව සැමුවෙල් බද්‍රිනාත් පවසා ඇත.

“අපි මෙම ව්‍යාපෘතිය සඳහා මාස 8-10ක් පමණ වැඩ කරමින් සිටිනවා. අප සතුව ඇත්තේ ලොව පුරා විසිරී සිටින 20-25ක පමණ මනස පුහුණුකරුවන් සහ ක්‍රීඩා මනෝ විද්‍යාඥයන් පිරිසක්. අපගේ අදහස ක්‍රීඩකයා ඔවුන් සමඟ අන්තර් ක්‍රියා කිරීමට පෙළඹවීමයි. අපට පසුව විශේෂිත වැඩසටහන් ඉදිරිපත් කළ හැකි වේවි.”

“මලල ක්‍රීඩකයාට තම මනස පදනම් කර ගත් පුහුණුව නිතිපතා කිරීමට හැකි වන පරිදි අපි මූලික වශයෙන් වේදිකාවක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<