තරිඳු රත්නායකගේ සුපිරි පන්දු යැවීම Sebastianitesට ජය ගෙනෙයි

ශ්‍රී ලංකා අන්තර් සමාජ නැගී එන තුන්දින තරගාවලිය

470

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් සමාජ නැගී එන තුන්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (02) පැවැත්වුනා.

මනෙල්කර් ද සිල්වාගේ (46 සහ 48*, 2/06) සහ තරිඳු රත්නායකගේ (34 සහ 6/83) තුන් ඉරියව් දස්කම් නිසාවෙන් නාවික හමුදා ක්‍රීඩකයින් දින දෙකක් තුළ පරාජයට පත් කරමින් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට Sebastianites ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගාවලියේ ශතකලාභීන් අතරට එක්වෙමින් යොවුන් ක්‍රීඩක යසිරු රොද්‍රිගෝ රැස් කර ගත් අගනා ශතකය (111) නිසාවෙන් පළමු ඉනිම සඳහා ලකුණු 315ක ලකුණු පුවරුවක් ගොඩනැගීමට Lankan ක්‍රීඩකයින්ට හැකි වුනා. කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ ගුවන් හමුදා ක්‍රීඩක මෝවින් සුබසිංහ කඩුලු 5යි.

සජිත් ද සිල්වා (4/20) සහ අයේෂ් හර්ෂනගේ (3/17) පන්දු යැවීම නිසා ගාල්ල පළමු ඉනිම ලකුණු 90කට සීමා කිරීමට Kandy Customs ක්‍රීඩකයින්ට හැකි වූ අතර නැවතත් ක්‍රියාත්මක වූ අයේෂ් හර්ෂන ලකුණු 69ට කඩුලු 7ක් දවා ගනිමින් ගාල්ල දෙවැනි ඉනිම ලකුණු 237කට සීමා කළා.

කෙටි ලකුණු සටහන,

Negombo CC සහ Tamil Union C & A

  • කාසියේ වාසිය – Negombo CC
  • ක්‍රීඩාංගණය – Sri Lanka Army Ordnance Corps International Cricket Stadium

Negombo – 113 (46.5): ජීවක ශෙෂාන් 17, පසිඳු ලක්ෂාන් 16, කවිඳු පතිරණ 8/35.

Negombo – 69/4 (18): මිරංග වික්‍රමගේ 3/15.

Tamil Union – 308 (71.1): කමේෂ් නිර්මාල් 90, රවින්ඳු ප්‍රනාන්දු 87, සුපුන් කාවින්ද 69, නිශාන් පීරිස් 5/87.


Kandy Customs Cricket Club සහ Galle Cricket Club

  • කාසියේ වාසිය – Kandy Customs Cricket Club
  • ක්‍රීඩාංගණය – Galle International Stadium

Kandy Customs – 309 (89.5): සසිත් මනුරංග 116, අංජු කරුණානායක 54, රශ්මික මධුශංක 53, හරීන් බුද්දිල 5/64.

Kandy Customs – 8/1 (2)

Galle – 90 (32.1): සංදීප් චමෝද් 21, සජිත් ද සිල්වා 4/20, අයේෂ් හර්ෂන 3/17.

Galle – 237 (50): ඩිල්ෂාන් කාංචන 67, තරිඳු අමරසිංහ 52, හරීන් බුද්දිල 50, අයේෂ් හර්ෂන 7/69. 


Colts Cricket Club සහ Burgher Recreation Club

  • කාසියේ වාසිය – Burgher Recreation Club
  • ක්‍රීඩාංගණය – Colts Cricket Club Ground, Colombo

Colts – 568/7 (116): අවිශ්ක පෙරේරා 245, ශෙලින් ද මෙල් 172, මුදිත ලක්ෂාන් 66, රොමේෂ් සුරංග 2/96.

Colts – 28/1 (05)

BRC – 157 (49.2): ඉම්තියාස් සල්සා 32*, ළහිරු සමරකෝන් 23*, චමෝද් බට්ටගේ 4/48, ජෙහාන් ඩැනියල් 3/57.


Lankan CC සහ Air Force SC

  • කාසියේ වාසිය – Army Ground, Panagoda
  • ක්‍රීඩාංගණය – Lankan CC

Lankan – 315 (115.1): යසිරු රොද්‍රිගෝ 111, ප්‍රසන්න ජයමාන්න 45,රවිඳු රත්නායක 44, මෝවින් සුබසිංහ 5/110.

Air Force – 111 (34): හංස හිරන්‍ය 22*, පූර්ණ වන්නිතිලක 6/42, විනුද ලියනගේ 4/28.


Navy SC සහ Sebastianites C & A

  • කාසියේ වාසිය – Navy Ground, Welisara
  • ක්‍රීඩාංගණය – Sebastianites

Navy – 126 (47): භාග්‍ය එදිරිවීර 36, සුහංග විජේවර්ධන 20, තරූෂ ප්‍රනාන්දු 4/17, මනෙල්කර් ද සිල්වා 2/6.

Navy – 182 (57.3): වරුණ මයන්ත 45, මාධව කරුණාරත්න 27, තරිඳු රත්නායක 6/83.

Sebastianites – 175 (53.2): මනෙල්කර් ද සිල්වා 46, විහාන් ගුණසේකර 34, සුලෙක්ෂණ ශ්‍රීශාන් 6/64.

Sebastianites –  137/4 (20.3): මනෙල්කර් ද සිල්වා 48*,  සඳුන් ප්‍රනාන්දු 47, ඒ. ශාමික 2/28.


Sinhalese Sports Club සහ Colombo Cricket Club

  • කාසියේ වාසිය – Sinhalese Sports Club Ground, Colombo
  • ක්‍රීඩාංගණය – SSC

SSC – 284 (78.1): සම්මු අශාන් 90, කවිශ්ක සේනාධීර 46, සදීෂ රාජපක්ෂ 45, සොනාල් දිනූෂ 3/28, අම්ශි ද සිල්වා 3/50.

CCC – 136 (48.3): චමිඳු විජේසිංහ 42*, මාලිංග අමරසිංහ 31, සම්මු අශාන් 4/51.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<