ගෙවුනු දවස පෙබරවාරි 22 – අවසන් තරගය ඕස්ට්‍රේලියාවට

486

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

පාපන්දු –

බ්ලූ ස්ටාර් පිළට වාසනාවන්ත ජයග්‍රහණයක්

පසුගිය ඉරිදා පැවති බ්ලූ ස්ටාර් සහ කොළඹ පාපන්දු සමාජය අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගයේ දෙවන අර්ධය ඊයේ (22) දිනය දක්වා කල් දැමීමට සංවිධායකවරුන් තීරණය කල අතර ගෝල 01-00ක් ලෙස කොළඹ ක්‍රීඩකයෝ පරාජය කරමින් බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය.

අවසන් ලකුණු තත්වය: බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය 01 – 00  කොළඹ ක්‍රීඩා සමාජය

සම්පූර්ණ තරග වාර්තාව: වැස්සට සේදුනු තරගයේ ජය බ්ලූ ස්ටාර් සමාජයට


ක්‍රිකට් –

ගුණතිලක ශතකය ආසන්නයේ

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (22) අවසන් වූ බොහෝ තරග පළමු ඉනිමේ ජයග්‍රහණ වලින් අවසන් වූ අතර, ඊයේත් කිංස්වුඩ් විද්‍යාලයේ අවිශ්ක චන්ද්‍රසිරි ලකුණු 151*ක් වාර්තා කරන්නට සමත් විය. එසේම තවත් තරග කිහිපයක්ම ඊයේ පළමු දිනය සඳහා ආරම්භ විය.

විද්‍යාර්ථ විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 162 (66): සචිත ප්‍රියමාල් 45*, රවිශ්ක උපනන්ද 37, රංගන රත්නායක 3/25, යශෝධ කාවින්ද 2/09, ජනිත් තෙන්නකෝන් 2/35

කිංග්ස්වුඩ් විද්‍යාලය පළමු ඉනිම – 272/9 dec (73): අවිශ්ක චන්ද්‍රසිරි 151*, දුලින් විජේනාරායන 28, අමිල ජයවීර 21, කසුන් ඒකනායක 4/86, රවිශ්ක උපනන්ද 2/31

විද්‍යාර්ථ විද්‍යාලය දෙවන ඉනිම – 169/7 (57): රවිශ්ක උපනන්ද 60, සචිත ප්‍රියමාල් 41*, ඉසුරු ප්‍රබෝධ 29, විමුක්ති විජේසිරිවර්ධන 4/63

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 175 (51.4): නිමේෂ් ධනංජය 36, ශෙහාන් උදාර 34, ගයාන් චන්ද්‍රසිරි 4/35, මදුෂාන් උඩගේ 3/59, නිර්මාල් ප්‍රනාන්දු 2/11

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 323 (99.5): ගජිත කොටුවේගොඩ 105, ටී. එස්. කුමාර 79, ශෙශාන් උදාර 4/52, රශ්මික උදාර 2/52

සාන්ත සෙබස්තියන් විද්‍යාලය දෙවන ඉනිම – 146/7 (37): සමිත ඩිල්ශාන් 70, කවිඳු ඉරෝෂ් 30, ලසිත උඩගේ 3/89

සම්පූර්ණ ලකුණු සටහන: කිංග්ස්වුඩ් විද්‍යාලයේ අවිශ්කගෙන් නොදැවී ශතකයක්


අසේලට ඇස්වහ වැදෙයි?

සිය මව් රටේදීම ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලිය පරාජය වීමේ අත්දැකීමට මුහුණ දුන් කැන්ගරුවන්ට ඊයේ (22) පූර්ණ තරගාවලිය පරාජය වීමේ අවමානයෙන් මිදීමට හැකි විය. ඒ ඇඩිලේඩ් හිදී පැවති අවසන් විස්සයි විස්ස තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 41කින් පරාජය කරමින් තරගාවලිය ජයග්‍රහණයක් සමගින් නිමා කිරීමට හැකිවූ බැවිනි.

ඕස්ට්‍රේලියාව – කඩුලු 6ක් දැවී ලකුණු 187 (පන්දුවාර 20): මයිකල් ක්ලින්ගර් 62, ආරෝන් ෆින්ච් 53, ට්‍රැවිස් හෙඩ් 30, බෙන් ඩන්ක් 28, දසුන් ශානක 2/27, ලසිත් මාලිංග 2/35, විකුම් සංජය 1/25.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 146 (පන්දුවාර 18): ඩිල්ශාන් මුණවීර 37, මිලින්ද සිරිවර්ධන 35, උපුල් තරංග 14, කුසල් මෙන්ඩිස් 14, සීක්කුගේ ප්‍රසන්න 12, ජේම්ස් ෆෝක්නර් 3/20, ඇඩම් සැම්පා 3/25.

සම්පූර්ණ තරග වාර්තාව: සැම්පාගේ මැජික් පන්දුව නිසා කැන්ගරුවන් අවමානයෙන් ගැළවේ

දිනයක අවසානය