වෝනර් හිස බූ ගායි! කෝලිටත් එන්න කියයි

137

කොරෝනා වයිරස තත්වය මර්දනය කරන්නට මහන්සි වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අගය කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ඩේවිඩ් වෝනර් සිය හිස බූ ගාන කෙටි වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුසු කර තිබුණා. 

පසුගිය අඟහරුවාදා ඔහු මේ ක්‍රියාව සිදු කර තිබුණේ ඕස්ට්‍රේලියාවේ මෙන්ම ලොව වටා COVID-19 වයිරස මාරයා සමඟ සටන් කරන පුද්ගලයින්ට සිය සහය දැක්වීමටයි.

එංගලන්ත නායකයාගෙන් කණ්ඩායමට ඉල්ලීමක්

එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් නොසිතූ මොහොතක ලැබුණු නිවාඩුව….

තමාගේ හිස බූ ගෑමෙන් අනතුරුව වෝනර් සිය කණ්ඩායමේ සගයෙකු වන ස්ටීව් ස්මිත්ට හා ඉන්දීය නායක විරාත් කෝලි හට ද එයම කරන ලෙස ඉල්ලා සිටියා. කෙටි වීඩියෝවක් Instagram වෙත යොමු කරමින් ඔහු සඳහන් කර තිබුණේ “මාව නම් කර තිබුණා COVID-19ට එරෙහිව සටන් කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් හිස කෙස් බූ ගා සහය පළ කරන්න කියලා”

කොරෝනා වයිරසය නිසා මේ වන විට ඕස්ට්‍රේලියාව තුළ පුද්ගලයින් 4460ක් රෝගාතුර වී ඇති අතර පුද්ගලයින් 19ක් මිය ගොස් තිබෙනවා.

අද උදෑසන ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායක ටිම් පේන් පවසා සිටියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙන තරගාවලිය පැවැත්වීමේ සම්භාවිතාව ඉතා අඩු බවයි. 

“ජුනි මාසයේ දී තරගාවලිය පවත්වන්නට නොහැකි වනු ඇති බව කියන්නට ඔබ අයින්ස්ටයින් වෙන්න ඕන නැහැ, තරගාවලිය අතහැර දැමෙයි ද කල් යයි ද තවමත් කියන්නට බැහැ.” cricket.com.au වෙත අදහස් දක්වමින් ටිම් පේන් පවසා සිටියා.

මේ වන විට ඕස්ට්‍රේලියාව ලෝක ටෙස්ට් ශුරතාවලියේ තරග 10ක දී ලකුණු 296ක් රැස් කරගෙන සිටින අතර ඉන්දියාව තරග නවයක දී ලකුණු 360ක් රැස් කර ගනිමින් පළමු ස්ථානයේ සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<