බංග්ලාදේශ නායකයාගේ ප්‍රකාශය ශ්‍රී ලංකාවට වක්‍රාකාර අභියෝගයක් ද?

298
(WSA news)

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට සූදානම් වීම සඳහා ප්‍රමාණවත් තරම් කාලයක් ලැබේ යැයි බංග්ලාදේශ ටෙස්ට් නායක මොමිනුල් හක් බලාපොරොත්තු වෙනවා. 

බංග්ලාදේශය තුළ මේ වන වට මාස පහක කාලයක් මුළුල්ලේ ක්‍රිකට් ක්‍රීඩාව නැවතී ඇති අතර මොමිනුල් හා බංග්ලාදේශ විස්සයි විස්ස නායක මොහොමදුල්ලාහ් ඊයේ (8) ශ්‍රී ලංකා සංචාරය සඳහා සිය පුහුණුවීම් ආරම්භ කළා.

දඬුවමට පසු ක්‍රිකට් පිටියට එනතෙක් ශකීබ් නොඉවසිල්ලෙන්

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා සංචාරය ජූලි – අගෝස්තු කාල රාමුවේ දී පැවැත්වීමට නියමිතව තිබුණු අතර COVID-19 වයිරසය නිසා තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමුණා. බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් පවසන අන්දමට කිසිදු බාධාවක් සිදු නොවුණහොත් එළඹෙන ඔක්තෝබර් මස මැද භාගයේ දී කල් දැමුණු සංචාරය පැවැත්වීමට හැකි බවයි. මේ වන විට ඔවුන් ශ්‍රී ලංකා රජයේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසර ලැබෙන තුරු බලා සිටිනවා.

ජූලි 26 සිට බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් නැවත ආරම්භ කළ අතර ඒ සඳහා අන්තර්ජාලය ඔස්සේ රැස්වීමක් පවත්වා ක්‍රීඩකයින් 35 දෙනෙකුගේ කැමැත්ත විමසා තිබුණා. ඊද් උත්සවයට පෙර ක්‍රීඩකයින් 10 දෙනෙක් සම්බන්ධ කරගෙන පළමු වටයේ පුහුණු සැසියක් ක්‍රියාත්මක කළ අතර දෙවන වටයේ පුහුණු සැසි ඩකා, රජ්ෂාහි, කුල්නා, චැටග්‍රාම් හා Sylhet යන නගර මූලික කර ගනිමින් ඊයේ (8) ආරම්භ වුනා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තරගාවලිය පැවැත්වීම තහවුරු කළ වහාම බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයට පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි. ටෙස්ට් නායක මොමිනුල් පවසා සිටින්නේ යලිත් සුපුරුදු රිද්මයට එන්නට කල් ගතවනු ඇති බවයි.

සිම්බාබ්වේ – ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස තරගාවලිය අතහැර දමයි

“පුහුණු සැසියේ පළමු දිනයේ දී මට හැම දෙයක්ම අලුත් වගේ දැනුණා. ලොකු කාලයකට පසුව නැවතත් ක්‍රිකට් පුහුණුවීම් ආරම්භ කිරීමට ලැබීම මට ලොකු සතුටක්, මට යළිත් සුපුරුදු රිද්මයට එන්නට දින කිහිපයක් යයි” මොමිනුල් පවසා තිබුණා. “මට ක්‍රිකට් නැති පාළුව දැනුණා. අනෙක් අය ක්‍රීඩා කරනවා දකිද්දී පොඩ්ඩක් කනගාටු හිතුණා වුනත් අපිත් ඉක්මනින්ම ඔවුන් වගේම ක්‍රීඩා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

“අපිට නැවත ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කරන්නට කලින් හොඳින් සූදානම් වෙන්න කාලයක් ලැබෙයි කියලා මම හිතනවා. පුහුණුවීම් කරමින්ම පුහුණු තරග ක්‍රීඩා කිරීම ඉතා හොඳයි වගේම අපි ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර පුහුණුවීම් අවසන් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

එංගලන්ත පසුපෙළ ප්‍රහාරයෙන් පාකිස්තානය බිමට

“පහුගිය කාලයේ අපිට අවස්ථාව ලැබුණා අපි ක්‍රිකට් ගහන විදිය ගැන යළිත් හිතලා බලන්න. අපි ගොඩ දෙනෙක් ශරීර සෞඛ්‍ය ගැන හොඳින් අවධානය යොමු කළා වගේම අපේ මානසික ශක්තිය වැඩි දියුණු කරගන්නත් කටයුතු කළා. අපි පුහුණුකරුවන් සමඟ සාකච්ඡා කරලා තාක්ෂණික වශයෙන් මෙන්ම උපක්‍රමික වශයෙන් ද අපේ දක්ෂතා වැඩි කරගන්නේ කොහොමද කියලා සොයා බැලුවා.”

Cricbuzz ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<