දඬුවමට පසු ක්‍රිකට් පිටියට එනතෙක් ශකීබ් නොඉවසිල්ලෙන්

253
Shakib Al Hasan

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් තමන් වෙත ලැබුනු දඬුවම් කාල සීමාව අවසන් වූ වහාම නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් කටයුතු ආරම්භ කිරීම සඳහා දැඩි නොඉවසිල්ලකින් සිටින බව වාර්තා වේ. 

බංග්ලාදේශ ක්‍රිකට් සහ දඬුවම් විඳින හිටපු නායකයා

2018 වසරේ ජනවාරි මාසයේ දී පැවති තුන්කොන් තරගාවලියක දී සහ එම වසරේම ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය යටතේ ඔහු ක්‍රීඩා කරනු ලැබූ Sunrisers Hyderabad කණ්ඩායම සහභාගී වූ එක් තරගයක දී වෙනත් පාර්ශවයන් ඔහු වෙත ඉදිරිපත් කර තිබූ දූෂිත යෝජනාවන් ඔහු විසින් වාර්තා කිරීමට අපොහොසත් වීමට අදාළව ඔහුට මෙම චෝදනා එල්ල විය. 

ඒ අනුව ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන ඒකකය එහි නීති සංග්‍රහය උල්ලංඝණය කිරීමට අදාළ චෝදනා 3කට, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ශකීබ් තමන් වැරදිකරු ලෙස පිළිගනු ලැබූ අතර ඒ අනුව එහිදී ඔහුට දඬුවම් ලෙස වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පනවන්නට කටයුතු කෙරිනි. කෙසේ නමුත් එළඹෙන ඔක්තෝබර් මස 29 වැනි දින ඔහුගේ මෙම තරග තහනම අවසන් වීමත් සමඟ ඔහුට නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමේ අවස්ථාව හිමි වේ.

ශකීබ්ගේ පුද්ගලික උපදේශක නස්මුල් අබෙඩින්ට අනුව තුන් ඉරියව් ක්‍රීඩකයා අගෝස්තු මස අග වන විට නැවතත් බංග්ලාදේශයේ ඩකාහි පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින අතර ඔහු සිය පවුලේ අය සමඟ මේ වන විට ඇමරිකාවේ සිටියි. එසේම ශකීබ් සිය දඬුවම් කාල සීමාව තුළ එක්සත් රාජධානියේ ලීසෙස්ටර්ෂයර්හි පුහුණු වැඩසටහනක් සංවිධානය කිරීමට සැලසුම් කර තිබූ නමුත් මෙම කොරෝනා වසංගත තත්වය නිසා එය අතහැර දැමීමට එහි සංවිධායකයින් හට සිදුවිය.

ශකීබ් අගෝස්තු අග පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර ඔහුට භෞතික විද්‍යාත්මක පරීක්‍ෂණයක් සිදුකිරීම අවශ්‍ය වේ. ඒ සඳහා බංග්ලාදේශ ක්‍රීඩා අධ්‍යාපන ආයතනයේ සහාය ඇතිව ඔහුගේ වර්තමාන ශාරීරික යෝග්‍යතා මට්ටම නිවැරදිව නිශ්චය කර ගැනීමට අවශ්‍යව බව ශකීබ්ගේ පුද්ගලික උපදේශක නස්මුල් පැවසීය. 

සිම්බාබ්වේ – ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස තරගාවලිය අතහැර දමයි

ජාත්‍යන්තර ටෙස්ට් තරග 56ක්, එක්දින තරග 206ක් සහ විස්සයි විස්ස තරග 20ක් ක්‍රීඩා කර ඇති ශකීබ් අල් හසන්, බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව තුළ එතෙක් මෙතෙක් බිහි වූ විශාලතම ක්‍රීඩා වීරයා වන අතර 2009 වසරේ සිට මේ දක්වා ICC ශ්‍රේණිගත කිරීම් වල තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ඉහළින්ම සිටින්නේ ඔහුයි.

පසුගියදා එංගලන්තයේ නිමාව දුටු ලෝක කුසලාන තරගාවලියේ දී ශකීබ් ලකුණු 600කට වඩා රැස්කර ගෙන කඩුලු 11ක් දවා ගත්තේය. ඔහු එක්දින තරගවල දී ලකුණු 5,000 සීමාව සහ කඩුලු 250ක් දවා ගත් වේගවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා බවට ද පත්විය.

cricbuzz ඇසුරිනි.

ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<