Knockout තරගාවලියට සහභාගී නොවන කණ්ඩායම් සඳහා නව රෙගුලාසි!

2084

ලීග් ශූරතාවයෙන් පසු පිළිමළුන් පිටුදැකීමේ ශූරතාවයට සහභාගී නොවන පාසල් සඳහා නව රෙගුලාසි පනවන බව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ (SLSRFU) සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා සඳහන් කරයි. ඔහු මෙසේ තම අදහස් පල කළේ ඊයේ (02) පැවැත්වුණු මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ කුසලානය එළිදැක්වීමේ මාධ්‍ය හමුවේ දීයි.

Video – සියවසේ පළමු ත්‍රිත්වය කොළඹ හතෙන්!

රාජකීයයන් ශූරතාවයට, පීතරයන් අනු ශූරතාවයට… #RugbyPitiya

2019 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය මේ සතියේ දී ආරම්භ වන අතර ඊට සහභාගී වන පාසල්වල නායකයින් සහ මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ මාධ්‍යවේදීන් අමතමින් රංජිත් චන්ද්‍රසේකර මහතා පවසා සිටියේ ලීග් තරගාවලියෙන් අනතුරුව ඇතැම් පාසල් පිළිමළුන් පිටුදැකීමේ ශූරතාවයට සහභාගී වීමෙන් වැළකී සිටින බවයි. ඒ සඳහා නව රෙගුලාසි පනවමින් සුදුසුකම් ලැබූ සියලු පාසල් එම තරගාවලි සඳහා සහභාගී කිරීමට තමන් ඉදිරියේ දී බලාපොරොත්තු වන බව රංජිත් චන්ද්‍රසේකර මහතා මාධ්‍ය හමුවේ දී පවසා සිටියේය.

මේ ආකාරයට තරගාවලිවලට සහභාගී වීමෙන් වැලකි සිටින අවස්ථාවේ දී සමහරක් පාසල්වලට එය වාසිදායක වුවත් තරගාවලියේ තරගකාරීත්වයට එය හානියකි. “සෑම පාසලකම රග්බි සංචිතයට ක්‍රීඩකයින් 40ක් නම් කරනවා, නමුත් මෙවැනි තරගාවලියක් සඳහා සමහරක් පාසල් තම කණ්ඩායම් ඉදිරිපත් කරන්නේ නෑ. ක්‍රීඩා කළ යුත්තේ පාසලේ අභිමානය වෙනුවෙන් පමණක් නෙමෙයි, ක්‍රීඩාව හා ක්‍රීඩකයින් වෙනුවෙන්.” යනුවෙන් තම අදහස් දැක්වූ රංජිත් චන්ද්‍රසේකර මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය.

“පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ අත්පොතේ සඳහන් ආකාරයට කුසලාන ශූරතාවයේ ප්‍රථම කණ්ඩායම් 6 සහ පලඟ ශූරතාවයේ පළමු කණ්ඩායම් දෙක තමයි ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබන්නේ, ඒ වගේම එම අත්පොතේ සඳහන් වෙනවා යම්කිසි පාසලක් මෙම තරගාවලියට සහභාගී නොවුනොත් එය ඉන්පසු වසරේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට බලපාන බව, අපි ඒ සමඟම එම නීතිය ලබන වසරේ සිට අලුත් කරන්නට බලාපොරොත්තු වෙනවා, ඒ කිසියම් කණ්ඩායමක් මෙම තරගාවලියට සහභාගී නොවුනොත් ඔවුන් ඊට පහතින් ඇති කාණ්ඩයට පහත් කරන්නට.”

​විද්‍යාර්ථයින් කෙළින්ම අවසන් පූර්ව වටයට!

2019 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ ….

“අපි මෙහෙම කරන්නේ රග්බි ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කෙර‍න්න ඕන නිසා, ඒ වගේම අද උදෑසන රැස්වීම වන තෙක් මට නිල වශයෙන් කිසිම පාසලක් සහභාගී නොවන බව දැනුම් දුන්නේ නෑ, යම් යම් ආරංචි ආවා රාජකීය විදුහල සහ සාන්ත තෝමස් විදුහල මෙම තරගාවලියට සහභාගී වෙන්නේ නෑ කියල, එහෙම වුනොත් එම තරගවල වාසිය මෙහි ඇති නීති පද්ධතියට අනුව අනෙක් පාසල්වලට දිය යුතුයි. රාජකීය විද්‍යාලය තරග කරන්නේ විද්‍යාර්ථ විදුහල එක්ක එතකොට මෙම තරගයේ වාසිය විද්‍යාර්ථ විදුහලට දෙන්න වෙනවා, සාන්ත තෝමස් විදුහල ක්‍රීඩා කරන්න ඕන වෙස්ලි විදුහල එක්ක, එතකොට වෙස්ලි විදුහලටත් එම වාසිය හිමි වෙනවා, ඒ පාසල්වලට එක වාසනාවක්, අපි ඒ වාසනාවට පයින් ගහන්නේ නෑ, ඒක නිසාම මේ තරගාවලියේ කාලසටහන වෙනස් කරන්න කියල කවුරු හරි ඉස්කෝලයක් ඉල්ලුවනං මම එ්කට එකඟ වෙන්නේ නෑ” නීතිය උල්ලංඝනය කරලා ක්‍රීඩා කරන්නට බෑ, කණ්ඩායම් 8ම ආවොත් ඔවුන් අර්ධ අවසන් පූර්ව තරගය ක්‍රීඩා කළ යුතුමයි, එක එක ඉස්කෝලවලට ඕන විදිහට රගර් ගහන්න බෑ” යනුවෙන් රංජිත් චන්ද්‍රසේකර මහතා වැඩි දුරටත් පවසා සිටියා.

Video – Knockout තරගාවලියට සහභාගී නොවන කණ්ඩායම් වලට දඩුවම්! – රංජිත් චන්ද්‍රසේකර

ඉදිරි වසර වලදී මයිලෝ ජනාධිපති කුසලාන ….

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ජූලි 4 වැනිදා සිට 20 වැනිදා දක්වා සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේ දී හා රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි. එසේම ජනාධිපති කුසලාන පිලිමලුන් පිටුදැකීමේ තරගාවලියට සමාගමීව ප්‍රිමියර් කුසලාන තරගාවලිය හා සභාපතිගේ කුසලාන පිලිමලුන් පිටුදැකීමේ තරගාවලියන් ද උදෑසන 9.15 සිට පැවැත්වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<