ඇලෝසියස් – රිච්මන්ඩ් දකුණු ලක රග්බි සංග්‍රාමයේ දී පෙරළියකට සැරසේ

759

මෙරට පාසල් රග්බි පිටියේ පැවැත්වෙන වාර්ෂික මහා රග්බි සංග්‍රාමයන් අතරින් දකුණු පුරවරයේ කාගේත් අවදානයක් දිනා ගත් රග්බි සංග්‍රාමයක් පැවැත්වෙන්නේ ගාල්ල ප්‍රදේශයේ සුප්‍රසිද්ධ පාසල් ද්විත්වයක් වන සාන්ත ඇලෝසියස් විදුහල සහ රිච්මන්ඩ් විදුහල අතරයි.

“එක එක කණ්ඩායම්වලට ඕන ඕන විදිහට රගර් ගහන්න බෑ” SLSRFU සභාපති

2019 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් ……….

මෙවර 26 වැනි වතාවටත් සංවිධානය කරන මෙම දකුණු ලක මහා රග්බි සංග්‍රාමයේ දී  ඇලෝසියස්වරුන් සහ රිච්මන්ඩ්වරුන් සුපුරුදු ලෙස “ ටී. වී. සුමනසේකර කුසලානය” වෙනුවෙන් සටන් කරනු ඇත. ටී. වී. සුමනසේකර යනු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත වූ කීර්තිමත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකි. 1992 වසරේ පැවැත්වුණු ප්‍රථම රග්බි තරගයේ පටන් තරගයේ කුසලානය ඔහු නමින් නම් කෙරුණේ ඔහුට කරන ගෞරවයක් වශයෙනි.

පාසල් ක්‍රිකට් මහා සංග්‍රාමයන් තුලින් මෙම පාසල් දෙක එකිනෙකා හමුනොවූව ද, මෙම මහා රග්බි සංග්‍රාමයේ දී ඔවුනොවුන් එකිනෙකා සමඟින් තරග වදින්නේ ක්‍රීඩාශීලීත්වය තුලින් පාසල් දෙක අතර සහෝදරත්වය වර්ධනය කර ගැනීමේ අරමුණ ඇතිවයි. 

පසුගිය වසරේ කොග්ගල දී පැවති 25 වැනි සංග්‍රාමයෙන් ලකුණු 20-00ක් ලෙස රිච්මන්ඩ් ක්‍රීඩකයින් පරාජය කරමින් ප්‍රබල ජයග්‍රහණයක් වාර්තා කරන්නට සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයෝ සමත් වූහ. එම තරග ජයත් සමඟින් සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයින් විසින් 13 වතාවක දී කුසලානය ජයග්‍රහණය කරන්නනට සමත් වෙද්දී රිච්මන්ඩ් ක්‍රීඩකයින් ජයග්‍රහණය කර ඇත්තේ මහා සංග්‍රාම 9ක් පමණි. 

Knockout තරගාවලියට සහභාගී නොවන කණ්ඩායම් සඳහා නව රෙගුලාසි!

ලීග් ශූරතාවයෙන් පසු පිලිමලුන් පිටුදැකීමේ ශූරතාවයට …………

Hooker ක්‍රීඩක උදාර සචින්තගේ නායකත්වයෙන් මෙවර සංග්‍රාමයට පිවිසෙන රිච්මන්ඩ් කණ්ඩායම සඳහා ගුරුහරුකම් ලබා දෙන්නේ එස්. පී. කේ. සමරහේවා මහතා විසිනි. ඔවුන්ට හොඳ තරගයක් දෙමින් 14 වැනි වතාවටත් කුසලානය තමන් සතුකරගන්නට මාන බලන සාන්ත ඇලෝසියස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස දිලංග සංදීප මහතා කටයුතු කරන අතර කණ්ඩායමේ නායකයා ලෙස වගකීම් දරන්නේ හිරුවින්ද කවිෂාන් විසිනි. ඔහු Center ස්ථානයේ කටයුතු කරයි.

ගාල්ල ප්‍රදේශයම උණුසුම් කරන 26 වැනි දකුණු ලක රග්බි සංග්‍රාමය මේ මස 15 වැනිදා, සඳුදා පැවැත්වීමට නියමිත අතර තරගය පැවැත්වෙන ස්ථානය පිළිබඳව මේ වන තෙක් සඳහන් කර නොමැත. 

දකුණු ලක රග්බි සංග්‍රාමයේ උණුසුම ගාල්ලේ සිට සජීව ලෙස ඔබේ ආලින්දයට රැගෙන ඒමට ThePapare.com සූදානම්. තරගයේ සජීව රූපරාමු පමණක් නොව, තරගයේ ඡායාරූප, තරග වාර්තා ඇතුළු තවත් දෑ සඳහන් රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<