ඩිමෝ සහ MAS Silueta අවසන් මහා තරගයට

178

සිංගර් වෙළඳසේවා කුසලාන A කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනයත් උපයෝගී කරගෙන අද (26) පැවති අවසන් පූර්ව වටයේ තරගවලින් ජයග්‍රහණය කළ ඩිමෝ කණ්ඩායම සහ MAS Silueta කණ්ඩායම අවසාන මහා තරගය සඳහා සහභාගී වීමට සුදුසුකම් ලබා ගත්තේ ය.

MAS Silueta සහ MAS යුනිචෙලා අතර කොළඹ වෙළඳසේවා පිටියේ දී පැවති තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට MAS Silueta කණ්ඩායම ද, කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති ඩිමෝ සහ කොමර්ෂල් ක්‍රෙඩිට් අතර තරගයෙන් පන්දු යැවීම් අනුව ජය ගැනීමට ඩිමෝ ක්‍රීඩකයෝ ද සමත් වූහ.

වර්ෂාව බාධාවක් වෙද්දී කැන්රිච් ක්‍රීඩකයෝ ජය ලබයි

වෙළඳසේවා සිංගර් කුසලාන A කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (25) පැවැත්වීමට නියමිතව…

MAS Silueta සහ MAS යුනිචෙලා අතර තරගය

කාසියේ වාසිය දිනා ගත් MAS Silueta කණ්ඩායමේ නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි MAS Silueta කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 224ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි MAS Silueta කණ්ඩායම වර්ෂාව හේතුවෙන් පෙර දිනයේ 13 වැනි පන්දුවාරයේ දී තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 87ක් ලබා සිටියේ ය. එහි දී සංගීත් කුරේ පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 39ක් ද, ඉරෝෂ් සමරසූරිය පන්දු 17කට මුහුණ දී හතරේ පහරක් සමඟ ලකුණු 14ක් ද ලබා නොදැවී පිටියේ රැඳී සිටියහ.

අද දිනයේ දී ඔවුන්ට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණි. ඉරෝෂ් සමරසූරිය තම ඉනිමට එක් ලකුණක් පමණක් ලබා ගනිමින් දැවී ගියේය.

අනතුරුව 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 55ක සබඳතාවක් එක් කිරීමට ෂෙහාන් ප්‍රනාන්දු (24) සහ සංගීත් කුරේ සමත් වූහ. සංගීත් කුරේ MAS Silueta ලකුණු පුවරුව 170ක් දැවී යන්නේ අගනා ලකුණු 75ක් තම කණ්ඩායමට එක් කරමිනි. ඔහුගේ ඉනිමට පන්දු 93ක් වැය වී තිබූ අතර හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් ඇතුලත්ව තිබුණි.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට නිමන්ද සුබසිංහ සහ ඉෂාර හේමන්ත සමත් වූහ. ඔවුන් දෙදෙනා නොදැවුණ ලකුණු 55ක සබඳතාවක් එක් කළහ. එහි දී නිමන්ද සුබසිංහ පන්දු 30කට මුහුණ දී හයේ පහර 7ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තේ ය. ඉෂාර හේමන්ත ලබා ගත් ලකුණු සංඛ්‍යාව 20කි. ඔහු පන්දු 22කට මුහුණ දී සිටි අතර එම ඉනිමට හයේ පහර 2ක් ඇතුලත් කරගෙන තිබුණි.

ශ්‍රී ලංකා – එංගලන්ත ඉතිහාසයට නව පිටුවක් එකතු වන තරගයක්

වසර 36ක ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් වාර්තා පොතට…

පන්දු යැවීමේ දී ෂෙහාන් මධුශංක ලකුණු 50කට කඩුලු 3ක් ලබා ගත් අතර ධම්මික ප්‍රසාද්, තිලකරත්න ඩිල්ශාන් සහ රමිත රඹුක්වැල්ල කඩුල්ල බැගින් දවා ගත්හ.

MAS යුනිචෙලා කණ්ඩායම; සියලුම දෙනා දැවී 224 (38.2) ධනුෂ්ක ගුණතිලක 40, තිලකරත්න සම්පත් 24, මහේල උඩවත්ත 59, ප්‍රියමාල් පෙරේරා 38, ඉෂාර හේමන්ත 4/39, ඇන්ජලෝ එමානුවෙල් 3/30

MAS Silueta කණ්ඩායම; කඩුලු 6ක් දැවී 225 (37) සංගීත් කුරේ 75, ෂෙහාන් ප්‍රනාන්දු 24, නිමන්ද සුබසිංහ නොදැවී 50, ඉෂාර හේමන්ත නොදැවී 20, ෂෙහාන් මධුශංක 3/50


ඩිමෝ සහ කොමර්ෂල් ක්‍රෙඩිට් අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පෙර දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ඩිමෝ සහ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම් අතර තරගය එදිනට අතහැර දැමුණේ එකඳු හෝ පන්දුවක් නොයවමිනි. අද (26) නව තරගයක් සේ එය ආරම්භ වූයේ පන්දුවාර 33ක තරගයක් ලෙසිනි. නමුත් සවස් කාලයේ  ඊට ද වර්ෂාවෙන් බාධා එල්ල විය. ඒ අනුව තරගයේ විසඳුම පන්දු යැවීම අනුව (Ball Out Method) සිදු කෙරුණි.

එහි දී එක් කණ්ඩායමකට අවස්ථා 6ක් හිමි වූ අතර එහි දී ඩිමෝ කණ්ඩායමේ අශේන් රාමනායක පමණක් තම අවස්ථාව සාර්ථක කර ගනිමින් තරගයේ ජයග්‍රහණය 1-0ක් ලෙසින් ඩිමෝ කණ්ඩායම වෙත බැර කළේය.

කාසියේ වාසිය දිනූ කොමර්ෂල් ක්‍රෙඩිට් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඩිමෝ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 198ක් පමණි. එහි දී කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වූයේ ආරම්භක පිතිකරු නිපුන් කරුණානායක ය. ඔහු පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තේ ය.

රොහාන්ගේ පන්දුවෙන් බංග්ලාදේශ පොඩ්ඩෝ අසරණ වෙයි

කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේ පැවති දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ…

ඩිමෝ ලකුණු පුවරුව කඩුලු 7ක් දැවී ලකුණු 127ක් තිබිය දී එක් වූ රමේෂ් මෙන්ඩිස් සහ කවිශ්ක අංජුල ලකුණු පුවරුව 191ක් දක්වා රැගෙන ගියහ. අංජුල පන්දු 19ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා සිටිය දී කඩුල්ල හැර යෑම නිසා එම සබඳතාව බිඳ වැටුණි.

රමේෂ් මෙන්ඩිස් අවසන් කඩුල්ල ලෙසින් දැවී යන විට පන්දු 29ක දී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් ලබා සිටියේ ය.

පන්දු යැවීමේ දී ලහිරු මධුශංක, චතුරංග ද සිල්වා සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඩිමෝ කණ්ඩායම; සියලුම දෙනා දැවී 198 (32.3): නිපුන් කරුණානායක 47, රමේෂ් මෙන්ඩිස් 40, කවිශ්ක අංජුල 25, ලහිරු මධුශංක 2/31, චතුරංග ද සිල්වා 2/31, චාමික කරුණාරත්න 2/30

තරගාවලියේ අවසාන මහා තරගය මේ මස 28 වැනි ඉරිදා කොළඹ 7 වෙළඳසේවා පිටියේ දී පැවැත්වීමට නියමිත ය. එම තරගයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<